නිවහන Baby Names ළදරු නාම පුවත් පොරොන්දම් දුවට නමක් Baby Names Duwata හඳහන හඳහන් ළදරු නාම  ළදරු නම් තැබීම ලදරු නාම බබාට නමක් බබාලට නම් Sinhala Baby Names සිංහල ළදරු නාම නැකත් Baby Names Sri Lanka ලදරු නම් තැබීම නාම බිලිදු නාම Sri Lankan Baby Names රාහු කාලය today රාහු කාලය අද රාහු කාලය හෙට දිනපතා රාහු කාලය රාහු කාළය රාහු කාලය Baby Names Sinhala සිංහල බිලිදු නාම සිහින පලාඵල සිහින සිහින පලාපල Babata Namak නමට සුබ අකුරු හුනු පලාපල උපන් වෙලාවට බබාට නමක් Babata Namak Sinhala Baby Names බබාට ලස්සන නමක් චාරිත්‍ර බබාට නමක් සිංහල Babata Lassana Namak සුබ නිමිති Baby Names Twins ළදරු නම් අසුබ නිමිති බිළිදු නාම Baby Names Girl Boy මංගල-සේවය බබාට නමක් Baby Names Sinhala Baby Names Babata Namak Sinhala Baby Names Babata Namak Duwata Sinhala Baby Names Babata Namak Puthata Sinhala Baby Names Babata Lassana Namak Baby Names Babata Namak Sinhala Duwata Puthata Porondam Galapima Sinhala Sri Lanka Purahada mangala sewaya yojana free online marriage proposals sri lanka marriage proposals sri lanka sinhala tamil muslim online free babata namak sinhala duwata puthata girl boy babata namak sinhala duwata puthata girl boy purahada mindada liyathabara mangala sewaya yojana sri lanka
නිවහන (Home) ළදරු නාම Baby Names පුවත් (Articles) පොරොන්දම් ගැලපීම Baby Names Duwata දුවට නමක් කේන්දරය හඳහන් පරික්ෂාව සිංහල ළදරු නාම Sinhala Baby Names නැකත් (මුහුර්ථ) ලදරු නම් තැබීම නාම Baby Names Sri Lanka ළදරු නාමකරණය බිළිඳු නාම ළදරු නම් ලදරු-නාම ලදරු නම් Sri Lankan Baby Names බිලිදු නාම දවසේ රාහු කාලය හෙට රාහු කාලය අද දවසේ රාහු කාළය රාහු කාලය සහ මරු සිටින දිශාව සිංහල බිළිදු නාම Baby Names Sinhala සුබ සිහින සිහින වල තේරුම නමට සුබ අකුරු Babata Namak හූනු පලාපල Babata Namak උපන් වෙලාවට බබාට නමක් බබාට ලස්සන නමක් Sinhala Baby Names බබාට ලස්සන නමක් Babata Lassana Namak චාරිත්‍ර වාරිත්‍ර ළදරු නම් Baby Names Twins පෙරමඟ සුබ නිමිති Baby Names Girl Boy බිළිදු නාම පෙරමඟ අසුබ නිමිති බබාට නමක් Baby Names Sinhala මංගල සේවය Baby Names Babata Namak Sinhala Sinhala Baby Names Baby Names Babata Namak Baby Names Sinhala Babata Namak Baby Names Babata Namak Duwata Puthata

පෙර මග අසුබ නිමිති (Peramaga Asuba Nimithi)

asuba nimithi asubha nimiti පෙර මඟ අසුබ නිමිති

පෞද්ගලික විශ්වාසයන් ‌කෙසේ ‌වෙතත් ශ්‍රී පංචායුධ ජ්‍යොතිෂ සේවාවෙහි ‌මෙම වෑයම බුදුන් දවස සතර ‌පෙර නිමිති ‌මෙන්ම අතීත සං‌දේශ කාව්‍යන් තුලින් පවා සත්‍ය ලෙස පෙන්වා දුන් ‌පෙර මග අසුබ නිමිති මග හැර සිය ගමන බිමන මෙන්ම ජීවිතයේ වැදගත් අවස්ථාවන් හට සාර්ථකව මුහුණ දීම තුලින් ඒවායෙහි සුබ ඵල විපාක ඉහලින්ම භුක්ති විදීමට අවශ්‍ය පසුබිම නිරිමාණය කර දීමය.

ආගත නිමිත්ත – ඔබ විසින් කිසියම් සුබ කාර්යයක් කිරීම සඳහා නිවෙසින් එළියට බැසීමේදී හෝ එම සුබ කාර්ය සිදු කරන මොහොතේදී ඉදිරියෙන් දකින්නට ලැබෙන්නා වූ පුද්ගලයන් හෝ සතුන් ආගත නිමිති වේ. ඔබ විසින් සුබ කාර්ය කිරීමට පිටත්ව යන මොහොතේදී ඔබගේ ඉදිරියට යාචකයකු හෝ වැන්දඹු වූ ස්ත්‍රියක් හෝ ආරවුල් ඇතිකර ගනිමින් කිහිප දෙනෙකු පැමිණීම අශුභ ආගත නිමිති ලෙස හඳුනා ගත හැක. එසේ අශුභ වූ සිදුවීම් තමා හට ඉදිරියට පැමිණීමෙන් තමා විසින් සිදු කිරීමට යන සුබ කාර්ය සඳහා විවිධාකාරයේ බාධක ඇතිවීමත් එම කාර්ය අසාර්ථක තත්ත්වයට පත්වීමත් සිදු වේ. කෙසේ වෙතත් එවැනි අසුබ අය ඉදිරියට පැමිණීමෙන් ඇතිවන්නා වූ අසුබ වූ පෙර මඟ සළකුණු වලකා ගැනීමේ හැකියාව ඔබටත් පහසුවෙන් කළ හැකි වේ. සුබ කාර්යයක් සඳහා පිටත්ව යාමේදී නිරෝගී ස්ත්‍රියක් විසින් මල් වර්ගයක් අතින් ගෙන හෝ පිරුණු දිය කළයක් රැගෙන තමාගේ ඉදිරියට පැමිණීමට සලස්වා ගැනීම තුළින් ද නැතහොත් නැටුම් කණ්ඩායමක් තමා ඉදිරියට පැමිණීමට සැළැස්වීමෙන් ද අශුභ ආගත නිමිති වලින් බේරී ඔබගේ කාර්ය ඉතා සුබ ලෙස ඉටු කරගත හැකි වේ.

දර්ශන නිමිත්ත – ඔබ විසින් ආරම්භ කරන්නා වූ සුබ කාර්ය සිදුකරන මොහොතේදීත් එම සුබ කාර්ය කිරීමට එළියට බසින මොහොතේදීත් ඔබට දක්නට ලැබෙන දේ දර්ශණ නිමිති වේ. බළල් සංවාසය අශූභම දර්ශන නිමිත්තක් වන අතර කැඩී බිඳී ගිය මැටි බඳුන්, ලී බඩු දැකීම ද අශුභ දර්ශන නිමිති වේ. එසේ අසුබ වූ දර්ශන දැකීම වලකා ගැනීමේ හැකියාව ද ඔබ සතු වනු ඇත. ඔබගේ නිවෙස ඉදිරිපිට කුරුලු කූඩු හෝ ජල තටාකයක් හෝ සිමෙන්ති වලින් සාදන ලද සත්ව රූප තැබීම,නිවෙසින් එළියට බසින විට එම දර්ශණ දැකීම නිසා ඔබට දැකීමට සිදුවන අශුභ දර්ශන නිමිති වලකා ගත හැකි වේ.

භාෂණ නිමිත්ත – සුබ කාර්ය පටන් ගන්නා මොහොතේ දී හෝ එම අවස්ථාවට පිටත් වීමට එළියට බසින මොහොතේ දී ඔබ ළඟින් සිටින අය කියන වචන භාෂණ නිමිත්ත වේ. ඒ අනුව ඔබ අසළ සිටින අය දැනුවත් කිරීමෙන් ඔහුගේ මුවින් අසුබ වචන පිටවීම වලකා ගත හැකි වේ.

ජ්‍යෝතිෂයේ මතයට අනුව ගමන් බිමන් යැමේදී දකින අසුබ පෙර නිමිතිද ගණනාවක්‌ වෙයි. ගමනාරම්භයේදී අඟුරු, දහයියා, ලේ, සම්, ඇටකටු, ලුණු, දර, වර්චස්‌, තෙල් වස විස යනාදිය දැකීම එම ගමන පල රහිත වීමට හේතුවකි. වඳ ස්‌ත්‍රීන්, මාස්‌ ශුද්ධියට ලක්‌වූ කාන්තාවන්, වෛශ්‍යාවන්, සතුරන්, අපරාධකරුවන්, සිරගෙයි ලගින ලද පුද්ගලයන් දැකීම ගමනේ අසුබ ලක්‍ෂණයකි. එවැනි පෙර නිමිති දැක යන ගමන සාර්ථක නොවේ.

පොරොන්දම් හඳහන්
නැකත් බබාට නමක්


කටුස්‌සන්, තලගොයන්, මීයන් හා ඌරන් වැනි සතුන්ද, අන්ධ, ගොලු, බිහිරි පුද්ගලයන්ද බලු පොර හා බළල් පොර දැක යම් ගමනක්‌ පිටවන්නේ නම් ගමන යාමට පෙර ඔබ විශාල අකරතැබ්බයකට මුහුණ දෙන බව කලින් කියාපාන්නකි. නපුසංකයෝද උම්මත්තකයෝද, ජටාධරයෝද කිළිටි වස්‌ත්‍ර පොරවාගෙන සිටින්නෝද දැක ගමන් යැම සුබ ගමනක්‌ නොවන බව ජ්‍යෝතිෂ මතයයි. ගමනක්‌ යන විටම යමෙක්‌ කිවිසීමද, හූනන් හැඬීම (මෙය දිශාව අනුව වෙනස් වේ), කෑරලුන් හැඬීමද යහපත් ගමනකට බාධාවන්ය. තවද ගැරඬියන්, නයි වැනි සර්පයන් පාර හරහා මාරුවීම, කළු බල්ලෙක් ඉදිරියෙන් දිවීම, කබරයන්, බල්ලන්, ගැරඬින්, බළලුන් පොර කෑම මෙන්ම සතුන් සංසර්ගයේ යෙදීම බොහෝ අසුබ ඵල ගෙන දිය හැකි නිමිති වෙයි. එලෙසම මළ සිරුරු රැගෙන එන මිනිසුන්, සෙම්, සොටු හෝ අසූචි දැකීම මෙන්ම ඉතා අබලං වාහන, කළු, රතු හෝ නිල් තිර ඇදීම පෙර මග අශුභයි. තවද ගමනක් ආරම්භ කිරීමේදී මළ බෙර හඬ, බල්ලන්ගේ උඩුබුරලෑම, බල්ලන් කන්පට ගැසීම, කිවිසුම් යාම, කෑරලා කෑ ගැසීම, නරියන් හූ කීම, පොල්කිච්චන් එක හඬීන් කෑගැසීම හෝ කලහකාරී ශබ්ද විලාප හඬ ආදියද අශුභ හඬ ගණයට වැටෙයි.

පුද්ගලයන් සම්බන්ධ පෙර නිමිති අතර අවි ආයුධ රැගෙන එන පුරුෂයන් සහ ස්ත්‍රීන් යාචකයන්, වඳ ස්ත්‍රීන් සහ බමුණන් පපුවේ රෝම නැති පිරිමින් කෙස් කඩා දමා යන ස්ත්‍රීන් ආබාධිතයන්, දරමිටි හිස තබාගත් ස්ත්‍රීන්, හිස් භාජන, හිස් කළගෙඩි රැගෙන යන කාන්තාවන්, වැන්දඹු කාන්තාවන්, උමතු හෝ රෝගී ස්ත්‍රීන් හෝ පුරුෂයන්, ආරක්ෂක නිලධාරීන්, මළගෙදරක යන අය, කට දෙකොන කෙළ ඇත්තවුන්, නීති විරෝධී වැඩවල යෙදෙන්නන් ආදිය අසුභ නිමිති වේ. ජ්‍යෝතිෂ මත වලට අනුව මෙවැනි අශුභ දේ දැක ගමන් බිමන් ගිය තැනැත්තෝ විශාල ඇබැද්දිවලට මුහුණ පා ඇති අයුරු ඒ පිළිබදව නැවත විග්‍රහ කිමේදී සහ අප මුහුණ පා ඇති අත්දැකීම් අනුව කොතෙකුත් අසන්නට තිබේ. වාහනයකින් ගමනක්‌ යන විට එම වාහනයට බළලෙකු යටවී මිය යෑම ඉතාම අසුබ පෙර නිමිත්තක්‌ ලෙස බොහෝ දෙනකු විශ්වාස කරන අතර එසේ වූ සිදුවීම් මැද ගිය ගමන් මළගෙවල්වලින් කෙළවර වූ අවස්‌ථා එමටය. එහිදී රියදුරන්ගෙන් විමසූ විට ඒ පිළිබඳ ලබෙන්නා වූ අත්දැකීම් එමටය. මෙවැනි නිමිත්තක් දුටුවිට ගමන නවත්වා ආපසු නිවසට පැමිණ වතුර පානය කර නැවත ගමන ආරම්භ කිරීම සිරිතකි.

ගමන ආරම්භයේදී හිස ආබාධයක් ඇති වුණේ නම් බොහෝ දෙනා තමා ප්‍රිය නොකරයි. නිවෙසින් පිටවන විටදීම තද කැස්සක් ඇති වුණේ නම් අතේ තිබූ මුදල නිකරුණේ වියදම කිරීමට සිදුවෙයි. යමක් අමතක වුණි නම් බලාපොරොත්තු වූ දෙය ඉෂ්ට නොවී නැවත යෑමට සිදුවෙයි. තම නිවෙසේ අයකුට බැන වදිමින් නිවෙසින් එළියට යෑමට සිදු වුණි නම් තදබල පාඩුවක් සිදුවී ගමනින් සතුටක් නොලැබේ. නිවෙසින් එළියට බැස කණ්නාඩියකින් මුහුණ බලා ගමන ගියේ නම් බොහෝ අඩුපාඩු සහිත ගමනක් යෑමට සිදුවී ගමන නිෂ්ඵල වෙයි. ගේ දොර වසා ගමනක් යෑමට සූදානම් වෙද්දී දොර යතුර බිම වැටුණේ නම් එම ගමන සුබ නොවීම හෝ වංචාවක් සිදුවෙයි. ගමන ආරම්භයේදී කුඩා අයකු අත තිබූ දෙයක් කැඩී බිඳී ගියේ නම් මඟ අනතුරකට මුහුණ පෑමට සිදුවී ශාරීරික හානි සිදුවේ. වඳුරකු ගමනේදී ඇඟට පැන සූරා ගියේ නම් තම ජීවිතය හානි සිදු වීමට ඉඩ ඇති බැවින් තමන්ට ඉතා නරක හෝරාවක් හෝ මාරක අපලයක පෙර නිමිති වේ. ගමන ආරම්භයේදීම දුරකතනයෙන් හෝ කෙනකුගේ පණීවුඩයකින් මරණයක් ගැන අසන්නට ලැබුණේ නම් බලාපොරොත්තු ගමන යෑමට නොලැබී අනවශ්‍ය ගමනක් යෑමට සිදුවීම හෝ අධික වියදමක් දැරීමට සිදුවෙයි. නිවෙසේ සිට යන මාවතේ ගලක් ගැලවී පෙරලුනි නම් වාහන පහසුකම් හෝ ගමනේදී නොලැබී අධික ශාරීරික මහන්සියක් විඳීමට සිදුවෙයි. නිවෙසින් ගමනක් යෑමට එළියට බැස නැවත විත් නිවෙසේ අයකුගේ අවශ්‍යතාවකට මුදල් දී ගියාමට සිදු වී නම් කරුණ ඉෂ්ට වන නමුත් වියදම් පස වැඩි වීමක් සිදුවෙයි. තමන් සමඟ ගමන යන අයකු ගමන ආරම්භයේදීම නිවෙසින් බැස සිගරැට්ටුවක් දැල්වූවේ නම් පාඩු සිදුවීමට හෝ ගමනින් සතුටක් නොලැබීමට ඉඩ ඇත. නිවෙසින් බහින විට නිවෙසේ අයකු පරුෂවචන කියනවා ඇසේ නම් ගමනින් අනතුරක්, වස විෂ කැවීමක් හෝ ගිය කරුණ ඉෂ්ට නොවීමක් සිදු විය හැක.

පෙර මග අසුබ නිමිති (Peramaga Asuba Nimithi)
By clicking any above buttons you are agreeing to our terms of use and privacy policy including use of cookies and receive newsletters, account updates and offers sent by porondam.lk