නිවහන පුවත් පොරොන්දම් හඳහන් ළදරු නාම  නැකත් රාහු කාලය සිහින හුනු පලාපල චාරිත්‍ර සුබ නිමිති අසුබ නිමිති
නිවහන පුවත් පොරොන්දම් ගැලපීම හඳහන් පරික්ෂාව නැකත් (මුහුර්ථ) බිළිඳු නාම දවසේ රාහු කාලය සිහින වල තේරුම හූනු පලාපල චාරිත්‍ර වාරිත්‍ර පෙරමඟ සුබ නිමිති පෙරමඟ අසුබ නිමිති මංගල සේවය

Best reliable Astrology Service in Sri Lanka

ශ්‍රී ලංකාවේ හොඳම විශ්වාසදායී ජ්‍යොතිෂ්‍ය සේවය   ♈ ♉ ♊ ♋  ♌ ♍ ♎ ♏  இலங்கையில் சிறந்த நம்பகமான ஜோதிட சேவை  ♐ ♑ ♒ ♓  The best and most trusted Astrology service in Sri Lanka   

සියලුම ජ්‍යොතිෂ්‍ය නැකත් සහ සුබ මුහුර්ථ සඳහා ශ්‍රී ලංකාවේ සම්මත වේලාව 11:13:58 am

පුවත් රාහු කාලය පංචාංගය සිහින පලාපල චාරිත්‍ර වාරිත්‍ර හුනු පලාපල සුනන් කෑ ගැසීමේ පලාපල සුබ නිමිති අසුබ නිමිති මංගල සේවය

ජෝතිර් විද්‍යාව යනු ලෝකයේ බටහිර හා නැගෙනහිර සංස්කෘතීන් කෙරෙහි ද විශාල බලපෑමක් ඇති කරන ලද සුවිශාල විෂය පථයක් වේ. තවද ලෝකයේ තාරකා විද්‍යාව බිහි වීමටත් ප්‍රථම වසර 5000 කටත් අධික ඓතිහාසික පසුබිමක් ඇති ලෝකයේ පැරණිතම වෛදික ශාස්ත්‍රයකි. බුදුරජානන් වහන්සේ මීට වසර 2600 කට පෙර “තව්තිසා” දෙව්ලොව සිට “සිද්ධාර්ථ” කුමරු ලෙස මෙලොව මනුෂ්‍ය උපත සඳහා පස්මහ බැලුම් බැලූහ. ඒ අනුව උපන් දිනය, උපන් වේලාව සහ උපන් ස්ථානය (කාලය., දීපය., දේශය.,) මෙන්ම එයටත් එහා ගොස් කුලය සහ මව පවා තීරණය කලහ. ඉස්ලාමයේ නව සඳ බැලීම (චන්ද්‍ර නැකත) මෙන්ම කතෝලික ධර්මය ද ජ්‍යෝතිර් විද්‍යාව විවිධ වූ ක්‍රමෝපායන් මාර්ගයෙන් යොදාගෙන ප්‍රයෝජන ගන්නා අවස්ථා නැතුවා නොවේ. ඒ ආකාරයෙන්ම ගත්කල ජ්‍යොතිෂශාස්ත්‍රය අතීතයේ සිටම මිනිසුන් විසින් විවිධ අරමුණු සඳහා විවිධාකාරයෙන් භාවිතා කර ඇත. ජ්‍යොතිෂ්‍ශාස්ත්‍රඥයන් හා සෘෂිවරුන් විසින් එම දැනුම ලොවට දායාද කිරීමේ ප්‍රතිඵලයක් ලෙස අදටත් අප එයින් ඵල ප්‍රයෝජන ලබන්නේය. කෙසේ වුවද එයින් වසර ගණනාවකට පසුව ආකාශ වස්තූන්ගේ චක්‍ර සහ වක්‍ර වීම්, ග්‍රහලෝක, තාරකා සහ පෘථිවියේ චලනයන් අතර සහසම්බන්ධයක් ඇති බව මෑත ඉතිහාසයේ විද්‍යානුකූලව මානවයා විසින් තේරුම් ගෙන ඇත. සඳ සහ සූර්යයා අපගේ දින දර්ශන ප්‍රධාන වශයෙන් තීරණය කරන සාධකය වන අතර රාත්‍රී අහසේ තාරකා සිතියම නැවියන්ට සහ සංචාරකයින්ට මග පෙන්වන අවස්ථා කොතෙකුත් ඇත. ඒ ආකාරයෙන්ම නූතන තාරකා විද්‍යාව මිනිසා විසින් නොයෙක් ආකාරයෙන් ප්‍රයෝජනයට ගන්නා බව නොරහසකි. ජෝතිෂ්‍යට අනුව ලග්නය., නවාංශය., නැකත., යෝගය., කරණය සහ ග්‍රහ පිහිටීම් ආදිය විශ්ලේෂණයෙන් මෙලොව එළිය දුටු පුද්ගලකු හා සම්බන්ධ විවිධ පරාසයන් ඔස්සේ සාකච්ඡා කරයි. තවද විවිධ අරමුණු ඔස්සේ නෛසර්ගික බල., භාව බල යෝග කාරකයන් ප්‍රයෝජනයට ගෙන පුද්ගල ස්වභාවය මෙන්ම ඔහුගේ අතීතය., වර්තමාන සහ අනාගතය දිවැසින් දකිනා මෙවලමක් පෙර අපර දෙදිග ලොව පුරා භාවිතා කරයි。

ශ්‍රී ලාංකිකයන් වැඩි දෙනෙක් විවාහයකදී හෝ ආදර සම්බන්ධතාවයකදී ජ්‍යොතිෂයට අනුව තම හඳහන කොපමන ප්‍රතිශතයකට අනෙකා හා ගැලපී ඇත්දැයි කල්තියා දැන ගැනීමට මුල් තැනක් ලබා දෙන්නේ වර්තමාන සමාජයේ නිතර දකින්නට අසන්නට ලැබෙන තොරතුරු සහ අසුබ ආරංචි හේතුවෙනි. එම කර්තව්‍ය සදහා දැනට ශ්‍රී ලංකාව තුල වඩාත්ම ප්‍රචලිතම ක්‍රමවේදය වන අතර විසි පොරොන්දම් පරික්ෂාව යනු විවාහ සීහුම් පරීක්ෂාවේ එක් සාධකයක් පමණි. ස්ත්‍රී පුරුෂ පුද්ගලයන් දෙදෙනෙකුගේ කේන්දර වල ඇති ග්‍රහ පිහීටීම් අනුව දෙදෙනාගේ සලකා බලනු ලබන ඒ ඒ පොරොන්දම් වල ගැලපීම හෝ නොගැලපීම එකතු කර අදාල පොරොන්දම් ගනනෙන් බෙදා සාමාන්‍යය ගනන බොහෝ විට ප්‍රතිශතයක් ලෙස දැක්වීම පොරොන්දම් බැලීමක් ලෙස සලකයි. එනම් 8 පොරොන්දමෙන් (අට) 4 ක්, 10 පොරොන්දමෙන් (දස) 5 ක් හෝ 20 පොරොන්දමෙන් 10 ක් හෝ අෂ්ට කුටය හෙවත් අෂ්ඨ කූඨ පරික්ෂාව තුල ලකුණු 36 න් 18 ක් වශයෙන් වන අතර එම තත්ත්වය 50% ට වැඩියෙන් ඉහල අගයක් ගන්නා තරමටම එම විවාහ ජීවිත වල සාර්ථකත්වය රඳා පවතින බව පෙන්වා දිය යුතුය. විසි පොරොන්දම කොටස් වශයෙන් ගත්කල නැකත්. වෘක්‍ෂ. ගණ. ආයුෂ. මහේන්ද්‍ර. පක්‍ෂි. ස්ත්‍රී දීර්ඝ. භූත. යෝනි. ගෝත්‍ර. රාශි. වර්ණ. රාශ්‍යාධිපති. ලිංග. වශ්‍ය. නාඩි. රජ්ජු. දින. වේධ සහ ග්‍රහ වශයෙන් වේ。


Astrology is one of the most ancient practices. In buddhism, it is no secret that 2600 years ago, from the "Thavthisa" heaven determined the date of birth, time, and place of birth required for the birth of the Buddha as Prince "Siddhartha". Similarly seeing the Islamic new moon, as well as in Catholicism, there are occasions when astrology benefits from certain methods. In that sense, astrology has been used by humans for a variety of purposes since time immemorial. So people have understood there is a correlation between the cycles of the celestial bodies., planets and stars., and cycles on the earth. The Moon and the Sun regulate our calendars, and the map of the sky has guided sailors and travelers across times. Astrology is a science which has a great influence on western and eastern cultures as well. Accordingly, in consideration Astrologers use Astrology as a tool to understand an individual and the way his birth star (Zodiac Sign) influences his life.

Also "Astrology" in a logical way, interprets the influences of planets and their movements in the sky. Every planet has its own area of influence on humans, physically, their personality, and traits exhibited. What is a Horoscope? A horoscope is an astrological chart with a calculation based on birth data, including the date, time, and place of birth. Basically, Astrology horoscopes apply the study of stars., planets and their orbits and the influence they have on human behavior. A horoscope is not able to directly predict what is going to happen you and when but instead it can tell you what kind of person you are and how you will react to things.

Marriage is the biggest gamble a person will ever do in his or her life. Therefore it is always advisable to find out through every possible means whether the couple are compatible with each other. It is far more better spending a bit of time and money now to find the best partner than the subsequent heart ache of separation, spending your time in family courts and paying huge lawyers fees. Since the majority of the marriages which occur in Sri Lanka and India are arranged marriages and on many occasions the couple are strangers to each other until the wedding day., the comparison of both male and female birth charts of the couple is a very important part of the decision making and it is the earliest known feasibility study devised by the mankind. Twenty types of horoscope matching called visi porondam galapima 20. Online free match horoscopes for marriage by date of birth.

ඔබගේ සියලුම ජ්‍යෝතිෂ්‍ය අවශ්‍යතා සඳහා අප හා එක්වන්න. අපගේ **නොමිලේ පොරොන්දම් ගැලපීමේ (Free Porondam Galapima) සේවාව** මගින් විවාහ ගැලපීම ඉක්මනින් පරීක්ෂා කර ගත හැකිය. මීට අමතරව, අපගේ වෙබ් අඩවියෙන් ඔබට කේන්දර සෑදීම, නිවැරදි **රාහු කාලය (Rahu Kalaya) සහ සුබ නැකත් (Suba Nekath)** සේවා නොමිලේ ලබා ගත හැකිය. දරුවෙකුට සුදුසුම නම තෝරා ගැනීමට **බිළිඳු නාමකරණය (Baby Names)** ද අපෙන් ලබා ගත හැක. ශ්‍රී ලංකාවේ විශ්වාසනීය ජ්‍යෝතිෂ්‍ය උපදේශන සේවා සහ **මංගල සේවා (Matrimonial Service)** සඳහා අප හා සම්බන්ධ වන්න.








Astrology Sri Lanka Horoscope Porondam

පරාක්‍රම නවරත්න

කොවිඩ් වසංගතය වැනි කාළයක අප සැමගේ සෞඛ්‍යාරක්ෂිත බව අත්‍යාවශ්‍ය මොහොතක ළඟට නොයා ඔන්ලයින් ක්‍රමයට ලබා ගත හැකි වටිනා සේවාවක්.

Astrology Sri Lanka Horoscope Porondam

අසිත රණසිංහ

ඔබේ බිළිදු නාම සේවය ඉතාමත්ම වටින සේවයක් වගේම ලස්සන මිහිරි කවදාවත්ම නොඇසු නම් හොදට තේරුම් කරලා තියෙනවා... ස්තුතියි ඔබ සේවාවට.!

Astrology Sri Lanka Horoscope Porondam

තමරා දිසානායක

මම බණ්ඩාර මහතාගෙන් දරුවාගේ කේන්ද්‍රය පරීක්ෂා කලේ. සියල්ල නිවැරදිව පැහැදිලි කිරීම සම්බන්ධයෙන් ශ්‍රී පංචායුධ ‌ජ්‍යොතිෂ ‌සේවා ආයතනයට ස්තුතියි.

Astrology Sri Lanka Horoscope Porondam

ශිරෝමි ද සිල්වා

සෑම දෙයක්ම පැහැදිලි හා පරිපූර්ණයි. එලෙසම වෙබ් අඩවිය මගින් ඉටු කළ සේවාව ඉතාමත් හොඳ සේවාවක් බව නිවේදනය කිරීමට ලැබීම ගැන මම සතුටු වෙමි.!

Astrology Sri Lanka Horoscope Porondam

දයාන් ජයතිලක

මගේ ජ්‍යොතිෂ්‍ය අවශ්‍යතා කීප වතාවක්ම මෙම සේවාව මගින් ‌හොඳින් ඉටු කර දුන්නා. ඒ නිසා මෙම සේවාව ලංකාවේ හොඳම සේවාවක් බව මම සහතික කරනවා.





By clicking any above buttons you are agreeing to our terms of use and privacy policy including use of cookies and receive newsletters, account updates and offers sent by porondam.lk