නිවහන පුවත් පොරොන්දම් හඳහන නැකත් ළදරු නාම රාහු කාලය සිහින හුනු පලාපල චාරිත්‍ර සුබ නිමිති අසුබ නිමිති මංගල සේවය
×
නිවහන පුවත් පොරොන්දම් හඳහන නැකත් ළදරු නාම රාහු කාලය සිහින හුනු පලාපල චාරිත්‍ර සුබ නිමිති අසුබ නිමිති මංගල සේවය

අවශ්‍ය කේන්දර සේවාව පහතින් තෝරන්න

ඉදිරි වර්ෂ 30 ක පමණ පරාසයක කේන්දර පලාපල කථනයක් සමග සිය වාසනාව, අධ්‍යාපනය, විවාහය, උරුමය, වෘත්තිය සහ අනාගත සුබ සිද්ධිය සදහා අවධානය යොමු කල යුතු සුවිශේෂී කාරණා පිළිබඳව ගැඹුරින් අවධානය යොමුකර, ජීවිත කාලයම ආවරණය වන පරිදී මෙම අමිල වූ හදහන සකසනු ලබයි.


ආදර්ශ ජන්ම පත්‍ර (Sample Horoscopes)
Loading preview...

පොරොන්දම් හඳහන්
නැකත් බබාට නමක්

සිංහල විග්‍රහයට අනුව කේන්දරය යන්නෙහි "කේ" යනු ක්ෂය වන පහත් දේ යන අර්ථය ගෙන දේ. කේවල් කරනවා යන වචනයක් අදටත් එය ව්‍යවහාරයේ පවතී. "අන්" යනු ආහාර යන්නයි. අන්න ශ්‍රෝතය, අන්ත‍්‍ර යන ආහාර මාර්ගයේ ඇති කොටස් ගැන සලකා බලන විට මෙය තේරුම් ගත හැකිය. දර යනු, දරා ගන්නවා යන්නයි. "ක්ෂය වන ආහාර දරා ගෙන යන ගමන" සටහන් වන පත‍්‍රය කේන්ද්‍රය ලෙස හඳුන්වයි. බුදු දහමේ ක්ෂය වන පහත් ආහාර ලෙස හඳුන්වන්නේ ලෝභ, දෝෂ, මෝහ නැමති සත්වයාගේ සංසාර ගමන පෝෂණය කරන අකුසල ධර්ම වේ. "සබ්බේ සත්තා ආහාරටිඨිතිකා" යනුවෙන් බුදු දහමේ සඳහන් වන්නේද මෙයමය. ආහාරය සතර අකාර වන අතර ඒවා කබලිංකාර ආහාර, ඵස්ස ආහාර, විඥ්ඥාන ආහාර, මනෝ සංචේතනා ආහාර ලෙස ධර්මයේ දැක්වේ.අපි නිතර කතා කරන්නේ කය බලියක් ලෙසට සකස් කරන්නට හේතුවන කබලිංකාර ආහාර ගැන පමණි. මෙහිදී ඉතිරි ආහාර වර්ග තුනෙන් අපට සිදු කල විනාශයේ මිදීම බුදු දහමට අනුව නිවන වේ.

කේන්දරය පුච්චා නිවන් දකින්න යැයි ජන වහරේ කියමනක් තිබේ. කේන්දර සටහන ඇති කොළය පුච්චා නිවන් දැකිය නෙැහැකි බව සත්‍යයකි. නමුත් ඉහතින් සඳහන් කල කේ - අන් - දර නැමති පද තුන තුල ඇති සත්වයා දරාගෙන යන ලෝභ, දෝෂ සහ මෝහ නැමති අකුසලයන් දිනක දවා හරින රහතන් වහන්සේට කේන්දරයක් නොමැත. ඒ අනුව නියමාකාර ලෙස කේන්දර පුච්චන්නේ රහතන් වහන්සේලා පමණි. නියමාකාරව කේන්දරය පුච්චන ආකාරය අවබොධ කරන ලද්දේ බුදුන් වහන්සේය.

හඳහන යන්නේ ඇත්තේද මෙවැනිම වූ අර්ථයකි. හන යන්නෙන් විනාශය යන තේරුම ගෙන දේ. හඳ යනු හා - අඳ යන පද දෙකක එකතුවයි. එම පද දෙකෙන් පිලිබිඹු වන්නේ අඳ බැවින් හාවූ යන්නයි. අඳ බවින් හාවීම නිසා ඇතිවන විනාශය හඳහන යන්නෙන් කියවේ. අඳ බවින් හා නොවී යන්නට ඇති ගමන නිවන් මග ගමන් කිරීමයි. ඒත් මේ වන තෙක් ඔබ ඒ මග ගමන් නොකල නිසා අදටත් ඔබ සංසාරයේ ගමන් කරයි. ආර්‍ය අෂ්ඨාංගික මාර්ගයේ අවසන් මට්ටමට පැමිණි රහත් වහන්සේට හඳහනක් නැත. අඳ බව යනු ප‍්‍රඥාවෙන් තොර වීමයි. නුවණැස අඳ වීම නිසා ලෝභ දෝෂ මෝහ යන අකුසලයන් නොපෙනේ. මේ නිසා ඔවුන් හන නොහොත් විනාශය කරා ලගා වේ. මෙම විනාශය කල්තියා දැනගත හැකි පත‍්‍රය හදහන ලෙස හැඳින්වේ.

මෙම කේන්ද්‍ර සටහන ජන්ම පත්‍රය කියාද හඳුන්වයි. ජන්මාන්තර වෛරක්කාර, ජන්ම ගති, ජම්මෙට වඩා පුරුද්ද ලොකුයි, යන වැකි වල ජන්ම යන වචනය යොදා ඇත්තේ පෙර සසරෙන් ගෙනා යන තේරුම ඇතිවය. එසේ නම් ජන්ම පත්‍රයේ සඳහන් වන්නේ පෙර සසරෙන් අප ගෙනා කර්ම යන්ය. මේවා අතර පින් පවු යන දෙවර්ගයේම කර්ම ඇත. පින පල දෙන විට සැපද පව් පල දෙන විට දුකද දැනේ. පින පලදෙන කල දසාව ලැබූ විට හොඳ කල පැමිණි බවත් පවු පල දෙන කල දසාව ලැබූ විට නරක කාලය ලැබූ බවත් මිනිසුන් සිතයි. දසාව යනු දස ආව යන්නයි. දස යනු දස කුසලය සහ දස අකුසලයයි. දස ආව යනු එම දස කුසලය සහ දස අකුසල හේතුවෙන් මෙම ආත්ම භාවයේදී අපහට ගෙවීමට සිදුවන කර්ම ඵලයන් ආව ආකාරයයි. අප කැමති වුවත් අකමැති වුවත් මේ දෙකම බාරගත යුතු අතර ඉන් මිදීම පිණිස ප‍්‍රතිකර්ම සහ ඒ සඳහා පිලියම්ද තිබීම නිසා ජ්‍යොතිෂය ඇසුරු කරන ඔබ සැබැවින්ම වාසනාවන්තය.

At Panchayudha Astrology Service via Porondam.lk website we have taken great efforts to blend the powerful knowledge of ancient Vedic Astrology with the latest technology to help, prepare and guide you for the upcoming excellent and not so happy events in your life.

In the Sinhala language of sri lanka it is called "Hadahana" also is known as a horoscope, represents the position of the planets at the time of your birth. Also called Janma Pathraya (Kundli / Kundali) is used to interpret celestial influence in your life. Accurate birth date, time, and place are an important factor in Vedic Astrology as it helps to generate accurate Handahana. Birth chart generation is the building block of predictive astrology. There are various types of options to create a Horoscope. We provide you with all the options to choose and generate your own accurate life report.

At the date of birth, time and place, there is a specific astronomical pattern in the heavens or sky and the birth report is also made up of stars and planets. Basically birth chart has 12 zodiac signs and 9 planets. The 12 zodiac signs are Aries, Taurus, Gemini, Cancer, Leo, Virgo, Libra, Scorpio, Sagittarius, Capricorn, Aquarius and Pisces. The 9 planets are strong>Sun, Moon, Mercury, Venus, Mars, Jupiter, Saturn the seven planets and the shadow planets "Rahu" and "Ketu". Rahu and Ketuare the two places where the orbits of the Earth and the Moon intersect. This documentation of the planet-earth-sky pattern at the time of your birth is known as Astrological Chart. On the reading of the astrological birth report (Kendara Balima), planets and their signs, house divisions, and ascendant or rising sign are indicated. To interpret or analyze this reading of the life report (Palapala Parikshawa), are given above.
Hadahan Parikshawa palapala sinhala online Hadahana Generate birth chart Making or Create palapala free app download matching hadahan balana software balima gelapima palaapala sadeema sadima sinhalen balanna kendaraya lanka astrology sri lanka lankan language balamu lanka sinhala online hadahana balima sinhala hadahana bielema sinhala hadahana online welapathkadaya sinhala Velapathkada Porondam Create sri lanka make janma pathraya patrika patraya report chart Porondam kendara balima sinhalen කේන්දර පලාපල කේන්දරය බැලීම හදහන් පරික්ෂාව ජන්ම පත්‍රය හඳහන වේලපත්කඩය

Hadahan Parikshawa palapala sinhala online Hadahana Generate birth chart Making or Create palapala free app download matching hadahan balana software balima gelapima palaapala sadeema sadima sinhalen balanna kendaraya lanka astrology sri lanka lankan language balamu lanka sinhala online hadahana balima sinhala hadahana bielema sinhala hadahana online welapathkadaya sinhala Velapathkada Porondam Create sri lanka make janma pathraya patrika patraya report chart Porondam kendara porondam balima sinhalen කේන්දර පලාපල කේන්දරය බැලීම හදහන් පරික්ෂාව ජන්ම පත්‍රය හඳහන වේලපත්කඩය


By clicking any above buttons you are agreeing to our terms of use and privacy policy including use of cookies and receive newsletters, account updates and offers sent by porondam.lk

ශ්‍රී පංචායුධ ජ්‍යොතිෂ සේවය - ශ්‍රී ලංකාවේ හොඳම විශ්වාසදායී ජ්‍යොතිෂ්‍ය සේවය | Best reliable astrology service in Sri Lanka - Sri Panchayudha Astrology Service