ජ්‍යොතිෂ්‍ය යනු ලෝකයේ තාරකා විද්‍යාව බිහි වීමටත් ප්‍රථම වසර 5000 කටත් අධික ඓතිහාසික පසුබිමක් ඇති ලෝකයේ පැරණිතම වෛදික ශාස්ත්‍රයකි. බුදු දහමට අනුව මීට වසර 2600 කට පෙර “තව්තිසා” දෙව්ලොව සිට බුදුරජාණන් වහන්සේ “සිද්ධාර්ථ” කුමරු ලෙස මෙලොව මනුෂ්‍ය උපත සඳහා අවශ්‍ය වූ උපන් දිනය සහ වේලාව, උපන් ස්ථානය (කාලය, දීපය, දේශය) මෙන්ම එයටත් එහා ගොස් කුලය සහ මව පවා තීරණය කළ බව රහසක් නොවේ. ඉස්ලාමයේ නව සඳ දැකීම මෙන්ම කතෝලික ධර්මය ද ජ්‍යෝතිර් විද්‍යාව විවිධ වූ ක්‍රමෝපායන් මාර්ගයෙන් යොදාගෙන ප්‍රයෝජන ගන්නා අවස්ථා නැතුවා නොවේ. ඒ ආකාරයෙන්ම ගත්කල ජ්‍යොතිෂශාස්ත්‍රය අතීතයේ සිටම මිනිසුන් විසින් විවිධ අරමුණු සඳහා විවිධාකාරයෙන් භාවිතා කර ඇත. ජ්‍යොතිෂ්‍ශාස්ත්‍රඥයන් හා සෘෂිවරුන් විසින් එම දැනුම ලොවට දායාද කිරීමෙන් වසර ගණනාවකට පසුව ආකාශ වස්තූන්ගේ චක්‍ර සහ වක්‍ර වීම්, ග්‍රහලෝක, තාරකා සහ පෘථිවියේ චලනයන් අතර සහසම්බන්ධයක් ඇති බව දැනට වසර දහසක පමණ කාලයක සිට විද්‍යානුකූලව මානවයා විසින් තේරුම් ගෙන ඇත. සඳ සහ සූර්යයා අපගේ දින දර්ශන ප්‍රධාන වශයෙන් තීරණය කරන අතර රාත්‍රී අහසේ තාරකා සිතියම නැවියන්ට සහ සංචාරකයින්ට ආදී මග පෙන්වන අවස්ථා අනන්තවත් ඇති අතර ඒ ආකාරයෙන්ම නූතන තාරකා විද්‍යාව මිනිසා විසින් නොයෙක් ආකාරයෙන් ප්‍රයෝජනයට ගන්නා කොතෙකුත් අසන්නට දකින්නට ලැබේ. කෙසේ වෙතත් ජෝතිර් විද්‍යාව යනු ලෝකයේ බටහිර හා නැගෙනහිර සංස්කෘතීන් කෙරෙහි ද විශාල බලපෑමක් ඇති කරන ලද විෂය පථයක් වන අතර ජෝතිෂ්‍යයේ විවිධාකාර ගණිත ක්‍රම භාවිතයෙන් පුද්ගල ස්වභාවය, ඔහුගේ වර්තමාන තත්වය සහ ජෝතිෂ්‍යට අනුව උපන් ලග්නය (තාරකාව, රාශිය), නවාංශය, නැකත, කරණය සහ යෝගය ආදිය භාවිතයෙන් ඔහුගේ හෝ ඇයගේ ජීවිතය තේරුම් ගැනීමට සහ අතීතය, අනාගතය ගැන පවා විග්රහ කිරීමේ හැකියාවක් සහිත මෙවලමක් ලෙස වර්තමායේ භාවිතා කරයි.
ශ්‍රී ලාංකිකයන් වැඩි දෙනෙක් විවාහයකදී හෝ ආදර සම්බන්ධතාවයකදී ජ්‍යොතිෂයට අනුව තම හඳහන කොපමන ප්‍රතිශතයකට අනෙකා හා ගැලපී ඇත්දැයි කල්තියා දැන ගැනීමට මුල් තැනක් ලබා දෙන්නේ වර්තමාන සමාජයේ නිතර දකින්නට අසන්නට ලැබෙන තොරතුරු සහ අසුබ ආරංචි හේතුවෙනි. එම කර්තව්‍ය සදහා දැනට ශ්‍රී ලංකාව තුල වඩාත්ම ප්‍රචලිතම ක්‍රමවේදය පොරොන්දම් බැලීම වන අතර විසි පොරොන්දම් පරික්ෂාව යනු විවාහ සීහුම් පරීක්ෂාවේ එක් සාධකයක් පමණි. ස්ත්‍රී පුරුෂ පුද්ගලයන් දෙදෙනෙකුගේ කේන්දර වල ඇති ග්‍රහ පිහීටීම් අනුව (හදහනක ග්‍රහයන් ස්ථානගත වී ඇති ආකාරය) දෙදෙනාගේ සලකා බලනු ලබන ඒ ඒ පොරොන්දම් වල ගැලපීම හෝ නොගැලපීම එකතු කර අදාල පොරොන්දම් ගනනෙන් බෙදා සාමාන්‍යය ගනන බොහෝ විට ප්‍රතිශතයක් ලෙස ගත් කල සාමන්‍යයෙන් 50% ට වැඩි නම් එම ප්‍රතිඵලය පොරොන්දම් ගැලපීමක් ලෙස සලකයි. එනම් 8 පොරොන්දමෙන් (අට) 4 ක් හෝ 10 පොරොන්දමෙන් (දස) 5 ක් හෝ 20 පොරොන්දමෙන් 10 ක් හෝ අෂ්ට කුටයේ (අෂ්ඨ කූඨ පරික්ෂාව) ලකුණු 36 න් 18 ක් වශයෙන් වන අතර එම තත්ත්වය 50% ට වැඩියෙන් ඉහල අගයක් ගන්නා තරමටම එම විවාහ ජීවිත වල සාර්ථකත්වය රඳා පවතින බව පෙන්වා දිය යුතුය. විසි පොරොන්දම කොටස් වශ යෙන් ගත්කල නැකත්, වෘක්‍ෂ, ගණ, ආයුෂ, මහේන්ද්‍ර, පක්‍ෂි, ස්ත්‍රී දීර්ඝ, භූත, යෝනි, ගෝත්‍ර, රාශි, වර්ණ, රාශ්‍යාධිපති, ලිංග, වශ්‍ය, නාඩි, රජ්ජු, දින, වේධ සහ ග්‍රහ වශයෙන් වේ.
Horoscope Matching is the match-making module based on the traditional system of finding the possible compatibility between a couple for marriage. Using this system, one can predict whether the couple will lead a healthy life and have no problems as life partners. Our free online horsocope and marriage compatibility match services are designed to help you make important life changing decisions in family, children, finance, money, health and medical issues. Use of free daily, monthly, weekly and yearly horoscopes to know what the heaven have for you. Use our professional paid astrology consultation service to solve all your major problems in career, money, family, children/spouse and other such issues.Horoscope match Match Porondam matching porondam sinhala kendara palapala hadahana sinhalen No.1 free online best Astrology Service in Sri Lanka