විශේෂයෙන් ශ්‍රී ලංකාව තුල බබාට සිංහල නමක් තැබීමේදී තම බිළිඳාගේ අනාගත දියුණුව උදෙසා ජෝතිෂ්‍යානුකූලව සුබ අක්ෂර සහ ගණ ආදියෙහි පිහිටා ශුභ ඵල දෙන නිරවද්‍යතාවයෙන් යුතුව පහත කරුණු සම්බන්ධවද අවධානය යොමු කර නව්‍යකරණයට අනුගත වූ අරුත්බර ළදරු නාම තිහක නම් වැලක් අප විසින් ලබා දෙමු. | When naming within Sri Lanka for your new born baby girl or boy, we will give you a list of thirty meaningful and beautiful (Babata Lassana Namak) also unique Sinhala Baby Names sinhala that have been adapted for the future development of their baby by focusing on the following points with astrological auspicious spells, letters and genres.
බබාට නමක් තැබීමේදී උපන් දිනයට අදාල ජන්ම පත්‍රය අනුව ලග්නයට, දවසට සහ කේන්දරයේ නැකතට ශුභ ඵල දෙන අක්ෂර ප්‍රධානව ගණ පිහිටුවා ලඝු ගුරු නිසි ආකාරයෙන් ස්ථානගත කර නමට ජීව බලයත් ඇති වන ආකාරයෙන් ඒ තුලින් ජීවිතයට අනිසි ලෙස බලපාන කටවහ ආදී අයහපත් දෝශ දුරු වීම ප්‍රධාන වශයෙන් මෙමගින් අපේක්ෂා කරයි.
අද සමාජය දරුවාගෙන් හෝ දෙමාපියන්ගෙන් දරුවාගේ නමේ අර්ථය විමසන්නට උත්සහ කරන අවස්ථා ඇතිවාට සැකයක් නොමැත. එබැවින් සිය බිළිදාට නම් තැබීමේදී හොඳ අර්ථයක් ඇති නමක් තැබීමෙන් එවැනි අවස්ථාවන්හිදී දරුවාට සාඩම්බරයෙන් තම නමේ අර්ථය කිව හැකි වීමත් ඕනෑම අවස්ථාවකදී තමා පිළිබදව උසස් අභිමානයකින් කටයුතු කිරීමට හැකි වීමත් නිසා තම නමෙහි තේරුම පිළිබඳව නම් තැබීමේදී සැලකිලිමති විය යුතු මූලිකම කාරණයක් වේ.
ඈත අතීතයේ චූලෝදර ආදී වූ නාම පසු කාලීනව පොඩි බණ්ඩාද, උඩරටදී එය පොඩි අප්පුහාමිද, මැද රටදී පොඩි මහත්තයාද වූ අතර පහත රටේදී එය පොඩි සිංඤෝ සහ පොඩි හාමිනේ ආදී වශයෙන් විය. මෑත කාලීනව එම තත්ත්වය රුක්මණී, ප්‍රෙමදාස, සමන්ත, සරත්, දිලේකා සහ ආකේෂ් ආදී ලෙස යම් පරිණාමී ස්වරූපයකින් විකාශනය වීම සැලකිල්ලට ගෙන කලින් කල නම් සකස් කිරීමේදී ඒවා කාලානුරූප විය යුතුය.
නම් ප්‍රකාශ කිරීමේදී මුලකුරු සමග නම යොදා ගන්නා අතර එය ලියූ විට පෙනෙන ආකාරය පිළිබදව විශේෂයෙන් සලකා බැලිය යුතු අතර උදාහරණ වශයෙන් M.A.D. Ratnayake යන නම කියවන අයෙකුට අදාල නම පිළිබඳව එකවර තේරුම් යන්නේ පිස්සු රත්නායක ලෙසටයි. එවැනි දේ වලින් ළමා කාලයේදී මෙන්ම ඒම දරුවා වැඩිහිටි අවදියේද සමාජයේ විහිළුවට ලක් වීමට ඉඩ ඇති හෙයිනි.
අනවශ්‍ය ලෙස දිගු වූ නම් දැමීමෙන් සිදු වන්නේ අන් අය විසින් බොහෝ තැන්හිදී පාහේ අදාල නම කෙටි කර භාවිතා කිරීමට උත්සුක වීමත් සමග විටෙක එය විහිළු සහගත නමකට පරිවර්තනය විය හැකි වීමයි. එහිදී සෑමවිටම අකුරු වරදවා ලිවීමට හෝ වැරදි ක්‍රමයකට උච්චාරණය වීමට ඇති ඉඩ ප්‍රස්ථා ඉහල යනු ඇත.
හැකි සෑම අවස්ථාවකදීම නිතර භාවිතයෙන් තොර වූ නාමයක් භාවිතා කිරීමෙන් ඒ තුලින්ද සිය වටිනාකම නිරායාසයෙන්ම ඉහල යාමට සමත් වන අතර මෙහිදී දරුවා හා දෙමාපියන්ගේ සුහද බව වර්ධනය වන අයුරින් උච්චාරණයේදී ඉතා ආකර්ෂණීයව හා ප්‍රියමනාප ලෙස ඇසෙන අයුරින් දරුවාගේ නම පිහිටුවීම කාලෝචිතය.
බිළිඳු නාම / බබාට නමක් (Baby Names Sinhala / Babata lassana Namak)
We follow 100% astrological principles to make Sinhala baby names (Babata Namak). These names are gender-based, cultural, traditional, and unique. More importantly, Sinhala baby names with meaning (Babata lassana Namak / Baby Names Sinhala) according to the date of birth and there are optimistic letters that are unique every day then according to the Lagnaand also according to the Nakatha and Nakath Paadaya. "Lagna" or "Ascendant Sign" or "Lagna Rashi" is the first time your soul make contact on Earth after birth. It refers to a position of the sun in the direction of a star that appears on Eastern Horizon. An individual's birth chart is entirely based on Lagna Rashi. It controls all the major events of an individual's life like marriage, happiness, groom and bride compatibility, emotions etc. Gana refers to the acoustic energy that forms when the first three letters of a name sound together. While choosing Sinhala baby names (Babata Namak), one should consider the direct impact of "Gana" on their child. For example, the first name being "Dewa Gana" and the second name being "Jala Gana" gives courage, life, and prosperity to the child. Bad "Gana" can harm your child's life. For example, the first name being "Gini Gana" and the second name being "Waayu Gana" cause grief, calamity, expenses, and mental distress to the child (Babata Namak / Baby Names Sinhala).