ශ්‍රී පංචායුධ ජ්‍යොතිෂ සේවා

ශ්‍රී ලංකාවේ හොඳම ජ්‍යොතිෂ සේවය | Best Astrology Service in Sri Lanka

Sri Panchayudha Astrology Service

අපගේ ජ්‍යොතිෂ සේවාවන් 2008 වසරේ සිට ක්‍රියාත්මක වන අතර CPC/KY/DS/5/2/7524 අංකය යටතේ බලපත්‍රලාභී වෙළද නාමය වන SUNPRESS™ ආයතනයෙහි අමතර සේවාවක් වශයෙන් දියත් කර ඇත. එහි ප්‍රතිඵලයක් වශයෙන් අපගේ සේවාලාභීන්ගේ බලවත් ඉල්ලීම මත ජ්‍යොතිෂයෙහි මූලිකම අංගයක් වන විවාහ ගැලපුම් සේවාව අප විසින් ආරම්භ කරන ලදී. එහි දෙවන දිගහැරුම ලෙස අදාල සේවාව ඔබට වඩාත් සමීප කිරීමේ අරමුණින් අන්තර්ජාලය ඔස්සේ Porondam.lk වෙබ් අඩවිය හරහා මෙසේ සනිටුහන් කර ඇත. Porondam.lk වෙබ් අඩවිය වෛදික ජ්‍යොතිෂ සංස්කෘත මූලාශ්‍ර සහ මූලධර්ම මත පදනම්ව ඉහළ නිරවද්‍යතාවයකින් ඔබට සේවා සපයන අතර ලාභ ඉපැයීමේ පරමාර්ථයෙන් තොරව අනාගත පරපුර ‌වෙනුවෙන් ‌‌සේවාව පවත්වාගෙන යාම පිණිස, අන් සමගාමී ‌සේවා වලට සාපේක්ෂව සුළු අය කිරීම් මත කාලෝචිත මෙන්ම ඉතා වටිනා සේවාවක් ඔබ වෙත ඉදිරිපත් කිරීමට අප විසින් ඇප කැප වෙමු.

විවාහයේදී ජ්‍යොතිෂ්ශාස්ත්‍රය ඉතා වැදගත් භූමිකාවක් ඉටු කරයි. ඊට අනුකූලව හඳහන (කේන්දරය) පරීක්ෂා කිරීමෙන් ඔබ විවාහ වීමට යෝජනා කරන පුද්ගලයාගේ ස්වභාවය දැනගන්නට ලැබේ. විවාහය වසරක් හෝ යම් කාලයකට සීමා වන්නක් නොව ජීවිත කාලයක් පුරාවට බලපාන්නක් නිසා අතීතයේ සිය කේන්ද්‍ර පරික්ෂාව සිදු කිරීම සිරිතකි. ඒ ආකාරයෙන්ම ජීවිතයේ බොහෝ අවස්ථාවන්හිදී ආගම් ‌භේද දුරලා ‌‌‌‌ලෝකයා මෙම ‌ජ්‍යොතිෂ්ශාස්ත්‍රයේ උදව් උපකාර ලබා ගනී.

කර්තෘ විසින් මෙම සේවාවේ නිරවද්‍යතාවය100% පරීක්ෂා කර, වඩා නිවැරදි ජ්‍යොතිෂ මූල ධර්ම පමණක් මේ සදහා උපයෝගී කර නිර්මාණය කර ඇති අතර ලෝකයේ 100% ක් නිවැරදි කිසිදු විද්‍යාවක් හෝ ශාස්ත්‍රයක් නොමැති නමුත් ජ්‍යොතිෂ මූලදර්ම මත පදනම්ව අප විසින් ලබා දෙනු ලබන මෙම සේවාව සහ ඊට අදාල පලාපල සහ අනෙකුත් ‌සේවාවන් ඉහල නිරවද්‍යතාවයකින් යුතුව ලබා දීමට කටයුතු සලස්වා ඇති බව ඉතා සතුටින් දන්වා සිටිමු.

මෙම කරුණු හොඳින් තේරුම් ගත් අය හා මෙම අන්තර්ජාල වැඩ සටහන් විමර්ෂණාත්මකව අධ්‍යයනය කිරීමෙන් පසු ඒවායේ ස්වභාවය වටහාගත් අය පමණක් මෙය භාවිත කරන මෙන් ඉල්ලා සිටින අතර කිසිදු තත්ත්වයක් තේරුම් නොගෙන පදන්ම් විරහිතව සියල්ල පිළිබදව වැරදි දෘෂ්ඨියක් හෙලනා අය හා බාහිර කඩාකප්පල්කාරී අයවළුන්ගේ අවශ්‍යතා මත ජ්‍යොතිෂ්ශාස්ත්‍රීය තොරතුරු ඍනාත්මකව සමාජගත කරවීමට උත්සුකවන්නන් අප සේවාවන් පරිහරණය කිරීමෙන් වලකින්න. එලෙසම තමන් නොදන්නා අංශයක දෝෂ පමණක් දකින මානසික මට්ටමක් ඇති අයද මෙම වැඩ සටහන් භාවිතා නොකරන ‌මෙන් කාරුණිකව ඉල්ලා සිටින අතර අඳුරේ ගමන් කරන විට ආලෝකයක් රැගෙන යාම තුලින් අදාල ගමණට උපකාරයක් ලබා ගත හැකි සේම ජ්‍යොතිෂය තුලින්ද කරදර, කම්ටොළු, බාදක සහ අපල උපද්‍රව වැනි අයෝගාත්මක තත්ත්ව හමුවේ උපකාරයක් ලබාගෙන ජීවිතය ලෝකමත් කර ගත හැකි වේ.
කේන්දරය යන්නෙහි ‘‘කේ’’ යනු ක්ෂය වන පහත් දේ යන අර්ථය ගෙන දේ.කේවල් කරනවා යන වචනයක් අදටත් එය ව්‍යවහාරයේ පවතී. ‘‘අන්’’ යනු ආහාර යන්නයි. අන්න ශ්‍රෝතය, අන්ත‍්‍ර යන ආහාර මාර්ගයේ ඇති කොටස් ගැන සලකා බලන විට මෙය තේරුම් ගත හැකිය. දර යනු දරා ගන්නවා යන්නයි. ’’ක්ෂය වන ආහාර දරා ගෙන යන ගමන’’ සටහන් වන පත‍්‍රය කේන්ද්‍රය ලෙස හඳුන්වයි. බුදු දහමේ ක්ෂය වන පහත් ආහාර ලෙස හඳුන්වන්නේ ලෝභ, දෝෂ, මෝහ නැමති සත්වයාගේ සංසාර ගමන පෝෂණය කරන අකුසල ධර්ම වේ.‘‘සබ්බේ සත්තා ආහාරටිඨිතිකා’’ යනුවෙන් බුදු දහමේ සඳහන් වන්නේද මෙයමය. ආහාරය සතර අකාර වන අතර ඒවා කබලිංකාර ආහාර, ඵස්ස ආහාර, විඥ්ඥාන ආහාර, මනෝ සංචේතනා ආහාර ලෙස ධර්මයේ දැක්වේ.අපි නිතර කතා කරන්නේ කය බලියක් ලෙසට සකස් කරන්නට හේතුවන කබලිංකාර ආහාර ගැන පමණි. මෙහිදී ඉතිරි ආහාර වර්ග තුනෙන් අපට සිදු කල විනාශයේ මිදීම බුදු දහමට අනුව නිවන වේ.

කේන්දරය පුච්චා නිවන් දකින්න යැයි ජන වහරේ කියමනක් තිබේ. කේන්දර සටහන ඇති කොළය පුච්චා නිවන් දැකිය නෙැහැකි බව සත්‍යයකි. නමුත් ඉහතින් සඳහන් කල කේ – අන් – දර නැමති පද තුන තුල ඇති සත්වයා දරාගෙන යන ලෝභ, දෝෂ සහ මෝහ නැමති අකුසලයන් දිනක දවා හරින රහතන් වහන්සේට කේන්දරයක් නොමැත. ඒ අනුව නියමාකාර ලෙස කේන්දරය පුච්චන්නේ රහතන් වහන්සේලා පමණි. නියමාකාරව කේන්දරය පුච්චන ආකාරය අවබොධ කරන ලද්දේ බුදුන් වහන්සේය.

හඳහන යන්නේ ඇත්තේද මෙවැනිම වූ අර්ථයකි. හන යන්නෙන් විනාශය යන තේරුම ගෙන දේ. හඳ යනු හා – අඳ යන පද දෙකක එකතුවයි. එම පද දෙකෙන් පිලිබිඹු වන්නේ අඳ බැවින් හාවූ යන්නයි. අඳ බවින් හාවීම නිසා ඇතිවන විනාශය හඳහන යන්නෙන් කියවේ. අඳ බවින් හා නොවී යන්නට ඇති ගමන නිවන් මග ගමන් කිරීමයි. ඒත් මේ වන තෙක් ඔබ ඒ මග ගමන් නොකල නිසා අදටත් ඔබ සංසාරයේ ගමන් කරයි. ආර්‍ය අෂ්ඨාංගික මාර්ගයේ අවසන් මට්ටමට පැමිණි රහත් වහන්සේට හඳහනක් නැත. අඳ බව යනු ප‍්‍රඥාවෙන් තොර වීමයි. නුවණැස අඳ වීම නිසා ලෝභ දෝෂ මෝහ යන අකුසලයන් නොපෙනේ. මේ නිසා ඔවුන් හන නොහොත් විනාශය කරා ලගා වේ. මෙම විනාශය කල්තියා දැනගත හැකි පත‍්‍රය හඳහන ලෙස හැඳින්වේ.

මෙම කේන්ද්‍ර සටහන ජන්ම පත‍්‍රය කියාද හඳුන්වයි. ජන්මාන්තර වෛරක්කාර, ජන්ම ගති, ජම්මෙට වඩා පුරුද්ද ලොකුයි, යන වැකි වල ජන්ම යන වචනය යොදා ඇත්තේ පෙර සසරෙන් ගෙනා යන තේරුම ඇතිවය. එසේ නම් ජන්ම පත‍්‍රයේ සඳහන් වන්නේ පෙර සසරෙන් අප ගෙනා කර්ම යන්ය. මේවා අතර පින් පවු යන දෙවර්ගයේම කර්ම ඇත. පින පල දෙන විට සැපද පව් පල දෙන විට දුකද දැනේ. පින පලදෙන කල දසාව ලැබූ විට හොඳ කල පැමිණි බවත් පවු පල දෙන කල දසාව ලැබූ විට නරක කාලය ලැබූ බවත් මිනිසුන් සිතයි. දසාව යනු දස ආව යන්නයි. දස යනු දස කුසලය සහ දස අකුසලයයි. දස ආව යනු එම දස කුසලය සහ දස අකුසල හේතුවෙන් මෙම ආත්ම භාවයේදී අපහට ගෙවීමට සිදුවන කර්ම ඵලයන් ආව ආකාරයයි. අප කැමති වුවත් අකමැති වුවත් මේ දෙකම බාරගත යුතු අතර ඉන් මිදීම පිණිස ප‍්‍රතිකර්ම සහ ඒ සඳහා පිලියම්ද තිබීම නිසා ජ්‍යොතිෂය ඇසුරු කරන ඔබ සැබැවින්ම වාසනාවන්තය.

Thank you for reading!