පෙර මඟ සුබ නිමිති
දිගා වඩන මෙන් ගුගුරති ගජතුරඟා
රඟා පැපෑ එති යති බොළඳ කොමලඟා
ළඟා පවති මදනල සුවඳ පෙර මගා
“මඟා සතොස බල සුබ නිමිති මනරඟා” – තිසර සංදේශය
නල මුසු සුවඳ පිරි කුඹු මියුරු අඹ ගෙඩි
පුල හෙළ කුසුම ලිය පිය තෙපල රං කෙඩී
සල සුදු සෙමර සේසත් ගිජිදු නොද වැඩි
“බල සුබ නිමිති පෙර මඟ නැකතටත් වැඩි” – සැළලිහිණි සංදේශය
තම තමන්ගේ පෞද්ගලික විශ්වාසයන් කෙසේ වෙතත් ශ්‍රී පංචායුධ ජ්‍යොතිෂ සේවාවෙහි මෙම වෑයම බුදුන් දවස සතර පෙර නිමිති මෙන්ම අතීත සංදේශ කාව්‍යන් තුලින් පවා සත්‍ය ලෙස පෙන්වා දුන් පෙර මග සුබ නිමිති වලට අනුව සිය ගමන බිමන මෙන්ම ජීවිතයේ වැදගත් අවස්ථාවන් වලට සාර්ථකව මුහුණ දීම තුලින් ඒවායෙහි සුබ ඵල විපාක ඉහලින්ම භුක්ති විදීමට අවශ්‍ය පසුබිම නිරිමාණය කර දීමය.
ශ්‍රවණ නිමිත්ත – ඔබ විසින් සුබ කටයුත්තක් සඳහා හෝ සුබ ගමනක් යාම සඳහා ගෙදරින් එළියට බසින මොහොතේදී සෙත් පිරිත් හඬ ශ්‍රවණය වීමට සලස්වා ගැනීමෙන් සුබ කාර්ය අරඹන මොහොතේදී ජය මංගල ගාථා ගායනා කරවීම ද, මඟුල් බෙර වාදනය කිරීමත් ද, සක් හැඬවීම ද අශුභ ශ්‍රවණ නිමිති වලකා ගත හැකි වේ. මංගල කටයුතු සිදු කරන මොහොතේ දී පෝරු චාරිත්‍ර ඉටු කරන විට පෝරුවට නැඟීමේ සිට අතපැන් වත්කර පෝරුවෙන් බසින තුරු යම් යම් අසුබ වූ හඬවල් ඇසීමෙන් ඇති විය හැකි අසුබ තත්ත්වයන් වලකා ගැනීම උදෙසා මඟුල් බෙර හඬ නැංවීමත් ජයමංගල ගාථා කීමත් අෂ්ඨක කීමත් පුරාණ කාලයේ සිට චාරිත්‍රයක් ලෙස පවත්වාගෙන යන ලදී.
ගත නිමිත්ත – සුබ කාර්ය සඳහා පිටත්ව යාමේදී තමාගේ ඉදිරියට නොපැමිණ හරහට හෝ වෙනත් දිශාවකට යන්නා වූ පුද්ගලයින් හෝ සතුන් දක්නට ලැබීම ගත නිමිත්ත නම් වේ. එබැවින් යන එන මඟතොට අසුබ පෙරනිමිති මඟහැරලා සුබ නිමිතිවලින් වාසනාව ළඟා කරගන්න.
චිත්තාරම්භණ නිමිත්ත – තමන් විසින් සුබ කාර්යයක් ආරම්භයට පිටත්ව යන්නා වූ මොහොතේදීත් එම කාර්ය අරඹන මොහොතේදීත් තම සිතට එන්නා වූ සිතුවිලි චිත්තාරම්භණ නිමිත්ත වේ. ඔබ විසින් කිසියම් ආකාරයක සුබ කටයුත්තක් සඳහා පිටත්ව යන්න සූදානම්වන මොහොතේදීත් එම කාර්ය අරඹන මොහොතේදීත් තමා කරන හෝ යන්නා වූ ගමන සාර්ථක වන ජයක් ලැබෙන බව සිතා සුබ චිත්තාරම්භණ සිතුවිල්ලක් සිතේ ඇති කර ගැනීමෙන් ඔබ නොසිතූ ලෙස ඔබගේ එම කාර්ය ඉෂ්ඨ සිද්ධ වනු ඇත.
මීට අමතරව ගමන ආරම්භයේදීම කුඩා ළමයකු අතින් කෑමට යමක් ලැබුණේ නම් එය බොහෝවිට සතුටුදායක ගමනක් වන අතර සුබපල සහිත කරුණු ඉෂ්ට වන ගමනකි. ගමනේ ආරම්භයේදී ඉදුණු කෙසෙල් ගෙඩි කෑමට ලැබුණේ නම් එයද සතුටුදායක ලාභයක් හෝ ධනයෝග පහළ වන ගමනකි. තවද ගමනක් යාමට සැරසෙන විට කුකුළෙක් හැඬීම, ලේනුන් කෑගැසීම, කුඩා දරුවකු සුරතල් වචන කථා කිරීම, සාදු නාද ආදිය ඇසීම ගමන සාර්ථක වීමට හේතුවෙයි. තවද ගමන සුබ ගමනක් වීමට රාහුකාලය මගහැර ගමන පිටත්වීම පමණක් ප්‍රමාණවත් නොවේ. ජ්‍යෝතිෂයේ ඉගැන්වෙන සුබ පෙර නිමිති පිළිබඳවද යම් හෝ අවධානයක් කර කරන්නේ නම් එය නැකතටත් වඩා ප්‍රබල විය හැකිය. එහෙයින් ඔබ විසින්ම කරුණු කාරණා ගැන සිතා බලා ඔබේ ගමන සුබ ගමනක් බවට පරිවර්තනය කරගත යුතුයි.
යම් ගමනක් යන විට ශ්‍රමණයෝ බ්‍රාහ්මණයෝ, අශ්වයෝ මෙන්ම ඇතුන් දැකීමද ගමනේදී විපුල පල ලැබෙන පෙර නිමිති වෙති. ඉදුණු පලතුරු, කිරි, මිදුනු කිරි, පිරිසිදු වස්ත්‍ර, පිරුණු කළ, මල්, කුඩ, කන්‍යාවෝ මැණික් වැනි දේ පෙර නිමිති වශයෙන් දකී නම් ඒ ගමනෙන්ද ඉතා යහපත් ප්‍රතිඵල ලැබෙන බව ජ්‍යෝතිෂ මතයයි. ඔටුනු, සුදු ගවයෝ, කැඩපත්, සිංහාසන, ගිතෙල්, ගෝරෝචන, කුඩා දරුවන්, මංගල ශබ්ද, යහපත් වචන, රාජාලි, රාජයානා දැකීමද ඉතාම සුබ නිමිති වන අතර ඒකී නිමිති දැක යන ගමන සාර්ථකත්වය ඉහල යයි. තවද ගමනක් යාමට සැරසෙන විට කුකුළෙක් හැඬී,ම ලේනුන් කෑගැසීම, කුඩා දරුවකු සුරතල් වචන කථා කිරීම, සාදු නාද ඇසීම ආදිය ගමන සාර්ථක වීමට බොහෝ හේතුවෙයි.
Thank you for reading!