සූනන් හෝ කටුස්සන් ඇඟ වැටීමේ පලාඵල
හිස – කලහ | නළල – තානාන්තර | මුහුණ පුරා – බන්ධු දර්ශන | ඇහි බැමි මැද – බන්දු නාශ | ඇහි බැම – රජුන්ගෙන් ගෞරව | ඇස – සිර භය | නාසය – ව්‍යාධි | උඩු තොල – වසතු හානි | මුඛය – භය | යටිතොල – වස්තු ලැබීම | නිකට – රාජ දඬුවම් | දකුණු කණ – දීර්ඝායු | පපුව – ධන ලාභ | තනය – උතුම් ගෞරවයන් | බඩ – ධන ලාභ | දකුණු ඇල – දියුණු වීම | වම් ඇල – මරණාරංචි | නාසය – ව්‍යාධි | පිට කොන්ද – ද්‍රව්‍යයන් ලාභ | උඩු තොල – වස්තු හානි | පිට – සුබ සම්පත් | මුඛය – භය | ලිඟුව – දරිද්‍ර | යටිතොල – වස්තු ලැබීම | යෝනිය – පුරුෂයාට අසුබ | නිකට – රාජ දඩුවම් | වම් අත ඇඟිලි – මිත්‍රයන් කළහ | දකුණු කණ – දීර්ඝායු | ගුදය – වස්තු ලාභ | වම් කණ – වාණිජ ලාභ | කලව – පියාට විපත් | හිසකෙස් – මර බිය | දකුණු කෙන්ඩ – බොහෝ පාඩු | බෙල්ල – සතුරු හානි | වම් කෙන්ඩ – කලහ | දකුණු උර – නිරෝගි | ඇසවට – සැප | වම් උර – ස්ත්‍රී සැප | දකුණු පාදය – දුක් | වම් වළලුකර – කීර්ති | දකුණු පාදයේ ඇගිලි – රාජ භය | දකුණු අත – පෙම්වතියට අසුබ | වම් පාදයේ ඇගිලි – රුදු සහිත රෝග | වම් අත – ශෝක | නියපොතු – ධන හානි | දකුණු අත ඇඟිලි – රාජ සම්මාන | ශරීරය පුරා දිව්වේ නම් – දීර්ඝායුෂ
සූනෙකු ඇඟට වැටීම කිසියම් සුබ හෝ අසුබ දෙයක පෙරනිමිත්තක් ලෙස පුරාතනයේ පටන් අදටත් ලෝකවාසී බොහෝ ජන සමාජයන්අතර විස්වාසයක් පවතී. හූනා පමණක් නොව කටුස්සාද ඇඟට වැටීම් සිදුවන අවස්තා ස්තාන අනුව පලාඵල කියැවේ. සූනෙකු ඇඟට වැටීමේදී එයි ඵල විපාකයන්, එම සිදුවීම සිදුවන විට උදාවී පැවති ලග්නය, දිනට යෙදී ඇති නැකත සහ තිථිය අනුව මෙන්ම දිශාව අනුවද වෙනසකට ලක්වේ. සූනෙකු ඇඟට වැටීම සිදුවන්නේ සටවක, අටවක, දොළොස්‌වක, රිට්‌ටා පෝය තිථි යෙදී ඇති දිනක නම්, එම තිථි යෙදී ඇත්තේ ඉරිදා, අඟහරුවාදා, සෙනසුරාදා යන දිනයක නම් එදිනට උදාවී ඇත්තේ බෙරණ කැති, මුවසිරස, අද, අස්‌ලිය, මා, විසා, දෙට මුල, සුවන, පුවපුටුප, උත්‍රපුටුප යන නැකැත්වලින් එකක් නම්, එම මොහොත වනවිට උදාවී පවතින තත්කාල ලග්නය වෘෂභ, මිථුන, කටක, කන්‍යා, කුම්භ, මීන යන ලග්නවලින් එකක් නම් සූනන් ඇගට වැටීමෙන් කියවෙන අසුබ පලාඵලයන් ක්‍රියාත්මක වීමේ වැඩි අවස්තාවක් යෙදේ. ඉහත සදහන් දින, තිථි, නැකැත් සහ ලග්න වෙනත් ඒකකක් වූවේ නම් ප්‍රතිඵල නිෂ්ක්‍රිය වී සුබ යැයි කියවෙන ප්‍රථිපල ක්‍රියාත්මක වීමටත් වැඩි අවස්තාවක් පවතී. ඉහත දැක්වෙන්නේ ඒ් ආකාරයෙන් සූනන් හෝ කටුස්සන් ශරීරයේ ඒ ඒ ස්තානයට වැටීමෙන් ඇති වන සුබ සහ අසුබ ප්‍රතිඵලයන් වේ.
Thank you for reading!