නැකත්-සහ-සුබ-කටයුතු-චාරිත්‍ර-වාරිත්‍ර-Porondam.lk

</p> <h4>ඔබගේ සුබ කටයුත්ත පහලින් තෝරන්න</h4> <p>

පිරිමි දරුවෙකු නම් වයස මාස 6, 8,10 හෝ 12 යන වයස් සීමා වන්හිදීද, ගැහැණු දරුවෙකු නමි වයස මාස 7, 9, 11 දීද උදාවන සුබ නැකතක් අලලා ප‍්‍රථම බත් කැවීම සුදුසු වන අතර නැකතට ප‍්‍රථමයෙන් නිවසේ තුණුරුවන් වන්දනා මාන කරන ස්ථානය අසල බිම පැදුරක් හෝ පිරිසිදු සුදු රෙද්දක් මත භාජන වල දරුවාට ආහාරයට ගැනීමට සුදුසු පරිදී සකසන ලද කැකුළු සහල් වලින් සැකසු බත්ද, කිරි හොදිද, තවත් සුදුසු එලවළුවක් හෝ දෙකක්ද සකස් කර කැවිලි,  පළතුරු, රන් රිදී, මිල මුදල් ආදියද තබන්න. දරුවාවද එදිනට නියමිත සුබ වර්ණයට අදාල ඇඳුමකින් වර්ණවත් කරන්න.

දරුවාට බත් කැවීම පියා හෝ මාමා අතින් සිදුකල යුතු බව පැවසනෙ මුත් ආදරය, කරුණාවක්, සෙනෙහසක්, ලබාදෙන මව හෝ වෙනත් අයෙකු ලවා කිරීම අයහපත් නොවේ. නැකතට විනාඩි කිහිපයකට ප‍්‍රථමයෙන් බුදුන්ට සහ සීවලි මහරහතන් වහන්සේටත් සැකසූ අහාර, මල් පහන්, සුවඳ ඇතුලත්ව පුජා කරන්න. තුණුරුවන් පිහිටෙන්ද සහ විෂ්ණු, කතරගම, ගමිබාර, සුමන සමන්, පත්තිනි දෙවියන්ට පිං අන්මෝදන් කර සියලු දෙවියන්ගේ දේව ආශිර්වාදයෙන්ද, දරුවාගේ නිරොගි බව සුරැකේවා, අනාගතයට සුබ සෙතක් වේවා යන්න අධිෂ්ඨාන කර සුබ දිහාව බලා සුබ මොහොතින් කැකුලු සහල් බත් කිරි හොදි සමග මුසු කර දරුවාට කැවීම සිදු කරන්න.

ඒ සඳහා බුදුන් වඳින ස්ථානය අසල තැනක් ප‍්‍රයෝගිකව යොදාගත නොහැකි නම් වෙනක් ස්ථානයක් යොදා ගැනීම වරදක් නොවේ. නැතහොත් අදාල බත් කැවීම සිදුකරන ස්ථානය අසල සුදුසු ස්ථානයක බුදු රුවක්, සීවලි මහරහතන් වහනසේගේ රුවක් ඉදිරියේ අනෙකුත් අවශ්‍ය දෑ ඉහත පරිදි සකස් කර පූජා කරන්න. මේ ආකාරයෙන් ශ්‍රී පංචායුධ ජ්‍යොතිෂ සේවා වෙතින් පෙන්වා දුන්නේ ඉතාම සරල ආකාරයෙන් දරුවාට ප්‍රථම බත් කැවීම සිදු කරන ආකාරය වන අතර වෙනත් ආගමිකයෝ තමන්ගේ ආගමික චාරිත‍්‍රයන් සිදුකොට නියමිත නැකතට ඉහත පරිදීම අධිෂ්ඨාන කොට අදාල කටයුතු කිරිම යහපති.

පිරිසිදු නැවුමි භාජනයකට පිරිසිදු ජලය දමා එයට සුදු සඳුන්, සමන් පිච්ව මල් තුනක්ද දමා තුණුරුවන් වඳින ස්ථානයෙහි තබන්න. නැකතට විනාඩි දහයකට පමණ පෙර මල් පහන්, සුවඳ දුම් පුජා කර තෙරුවන් නැමද, තෙරුවන් සරණිනින් සහ විෂ්ණු, කතරගම, සුමන සමන්, පත්තිනි, ගමිබාර ආදී වූ සියලූ දෙවියන්ට දන්නා ආකාරයෙන් පිං අනුමෝදන් කර  සියලූම දෙවියන්ගේ දේව ආශිර්වාදයෙන් දරුවාට නිරෝගි බව හිමි වේවා, රූප සම්පත්තිය ලැබේවා, යහපතක්ම වෙවා යන අධිෂ්ඨානයෙන් යුතුව ජල බඳුන අතට ගෙන ඊට ඉතිපිසෝ ගාථාවෙන් සත් වරක් කියා ඉන් ජලය ස්වල්පයක් ගෙන දරවාගේ හිස් මුදුනේ ගා අදාල නැකත සහ දිශාව  බලා කෙස් ස්වල්පයක් කපා අනතුරුව සුදුසු පරිදී කොණ්ඩය කපා ගන්න. මේ ආකාරයෙන් ශ්‍රී පංචායුධ ජ්‍යොතිෂ සේවා වෙතින් පෙන්වා දුන්නේ ඉතාම සරල ආකාරයෙන් දරුවාගේ කොණ්ඩය කැපීම සිදු කරන ආකාරය වන අතර වෙනත් ආගමිකයන් සිය ආගම සිහිකර ඉහත ආකාරයට කටයුතු කිරිම යෝග්‍ය වේ.

විද්‍යාරම්භය හෙවත් අකුරු කියවීම සඳහා නිවසේ සුදුසු ස්ථානයක් පිරිසුදු කර කහ දියර ඉස, මෙිසයක් මත හෝ පිරිසිදු සුදු රෙද්දක් එලා දෙපස ගණදෙවි සහ සරස්වතී දේවියගේ රූප තබා ඊට ඉදිරියෙන්  කහදියරෙන් පිරිසිදු කරන ලද (හැකිනම් කෙසෙල් කොල දෙකක් එලා ඒ මත බෙලි කොල නමයක් අතුරා) බුලත් කොල නමයක්, පාට පහකින් මල්ද තබා පසෙකින් පහන් දෙකක් දැල්වීමට සුදානම් කර කපුරු පෙති සුවඳ දුම්ද අවශ්‍ය පුජා ද්‍රව්‍යද ඒ අතර වේ. බුලත් කොළ අතුරා සකසන ලද අඹ, කෙසෙල්, අන්නාසි සහ උක් ඇතුළුව කහ දියරෙන් පිරිසිදු කරගත් පළතුරු වර්ග හතක් සහ තල, මුං, උක් හකුරු, වී පොරි, මී පැණි, උඳු හා තල මිශ්‍ර කැවිලි වර්ග 07 ක් ඇතුළුව කහ දියර ඉසින ලද මුඩ්ඩ ඇති පොල් ගෙඩියක් සහිතව සකසන ලද පළතුරු වට්ටි දෙකක් සකස් කල යුතු අතර ඊට කාසි පඩුරුද දමා භක්තියෙන් යුතුව දේව රූප ඉදිරියෙන් තබන්න.

නැකතට විනඩි 15 කට පෙර තෙරුවණ් වෙනුවෙන් හඳුන්කූරු, පැන් සහ පහන් දල්වා මල්, සුවඳ දුම් පුජා කර විෂ්ණු, කතරගම, ගමිබාර, පත්තිනි, සුමන සමන් අතුළු සියළු දෙවියන්ට දන්නා ආකාරයෙන් පිං අනුමෝදන් කර තෙරුවන් සරණින් සියළු දෙවියන්ගේ දේව ආශිර්වාදයෙන් දරුවාගේ අපල උපද්‍රව දුරු වී, කරදර බාධක ඇත්නම් ඒවාද දුරුවී අධ්‍යාපන සියළු කටයුතු සර්වප්‍රකාරයෙන්ම සාර්තකත්වයට පත්වේවා අධිෂ්ඨාන කරගන්න.

අවම වශයෙන් ”ස්වස්ථි සිද්දම්” යන්නෙන් තුන් වරක් සච්ඡායනා කර ගණ දෙවියන්ට වෙන්කරන ලද පහන දල්වා පළතුරු පූජාව දෙවියන්ට පුජා කරන්න. අනතුරුව පොල්ගෙඩිය ගෙන කපුරු පෙත්තක් පොල් ගෙඩිය මත දල්වා ”ඕම් ගනේෂාය නමඃ” යනුවෙන් භක්තිමත්ව කියමින් පොල් ගෙඩිය ගණ දෙවි රූපය ඉදිරියේ සත්වරක්ද දරවාගේ හිස වටා සත්වරක්ද කරකවා පූජා වටිවිය අසලම බුලත් කොලයක් මත තබන්න. පසුව සරස්වතී දෙවියන් ඉදිරියේ වු පහනද දල්වා මල් සුවඳ දුම් පුජා කර  පළතුරු වට්ටියද එලෙසම පූජා කරන්න. සරස්වතී දෙවියන්ට වෙන් කරන ලද පොල් ගෙඩියද ඒ  ආකාරයෙන්ම ”ඕම් සරස්වතී දේවි මේ මුඛ තුල ධාරනේශ්වහඃ” යනුවෙන් කියමින් වතාවත් සිදු කරන්න.

අනතුරුව තුණුරුවන්ගේ සරණින් දේව ආශිර්වාදයෙන් දරුවාගේ අධ්‍යාපන කටයුතු  සර්වප‍්‍රකාරවම සාර්ථක වේවා යන යහපත්  අධිෂ්ඨානයෙන් යුතුව සුබ නැකතින් නියමිත දිශාව බලා දරුවාට මුලින්ම ස – ත – ද – ව – ට – ඉ – ඹ – උ – ප – ග – හ – බ – ඊ – සා – ඩා – තා – වා – පා – දා – ඌ – ඕ යන දේවාක්‍ෂර කියවන්න. කියවීමේදී සයන්න ආදී වශයෙන් නොව ”ස” ආකාරයෙන් කියවන්න. ඊළඟට  අ – ආ – ඇ – ඈ ආදී වශයෙන් හෝඩි පොත කියවන්න. ඉන්පසු දරුවාගේ උපන්දිවයේ ඉලක්කම් එකතු කර අවසානයේදී එන ජය අංකය මූලිකවත්, ඉතිරි ඉලක්‌කම් පසුවටත් කියවන්න. අකුරු ලිවීමේදීද ඒ ආකාරයෙන්ම අනුගමනය කිරීම වඩා යෝග්‍ය වේ.

පූජාව අවසානයේ දී පැය භාගයකට පමණ පසුව පුජා දව්‍යත් පලතුරු ආදියෙන් කොටසක් කුරල්ලන් සදහා සුදුසු උස් තැනක තබන්න. ඉතිරිය දරුවා සමග සෙසු අය භුක්ති වින්දාට වරදක් නොමැත. පොල් ගෙඩි දෙකෙන් මුං ඇට මිශ‍්‍ර කිරි බතක් සාදා එහි ප‍්‍රථම කොටස දරුවා ලවා  බුදුන්ට පුජා කර ඉතිරිය දරුවාද සමග බෙදා හදාගෙන ආහාරයට කරන්න.

අකුරු කියවීම මව පියා හෝ වෙනත් දරුවාගේ යහපත පතන දරුවාට සෙනෙහසක් ඇති කෙනෙකු කියවීම සුදසුයි. ජන්ම පත‍්‍රය අනුව දරුවාගේ අධ්‍යාපනය සඳහා බාධක වන ග‍්‍රහ අපල ඇත්නම් නැකත් දිනයට ප‍්‍රථම ඊට සුදුසු වත් පිලිවෙත් අනුගමනය කිරීම වඩා යෝග්‍ය වේ. මේ ආකාරයෙන් ශ්‍රී පංචායුධ ජ්‍යොතිෂ සේවා වෙතින් පෙන්වා දුන්නේ ඉතාම සරල ආකාරයෙන් දරුවාගේ අකුරු කියවීම සිදු කරන ආකාරය වන අතර සෙසු ආගම් භක්තිකයෝ තමාගේ ආගමික කටයුතු වලින් පසුව ඉහත ආකාරයට යහපත් අධිෂ්ඨානයෙන් යුතුව නියමිත නැකතට කටයුතු කරන්න.

සුබ නැකැත් භාරදීම

නැකත් කොළය බහාලූ මංජුසාව කැටුව මනාලයා, මනාල පාර්ශවයේ ප්‍රධාන උදවිය සහ අවශ්‍යනම් බෙහෝ හිතවත් යහළුවකුද සමග කිරිබත්, කැවිලි හා කෙසෙල් මෙන්ම හැකිනම් කිරි මුට්ටි දෙක තුනක් සහිතව කල් වේලා ඇතිව මනාලියගේ නිවසට ගොස් අදාල නැකැත් වේලාව පැමිණි පසු මනාලයාගේ පියා විසින් මනාලියගේ මවුපිය දෙදෙනාට බුලත් හුරුල්ලක් මත තැබූ මංජුසාව සුබ දිශාව බලා බාරදීම සිදු කළ යුතුය.

මංගල උත්සවයට ආරාධනා කිරීම

කිරිබත් සහ කෙසෙල් ආදිය රැගෙන යා යුතු අතර දෙපාර්ශවයම එකම නැකතක්න් කිට්ටු නෑදෑයකුට හෝ මනාලයාට සහ මනාලියට ලෙන්ගතු මිත්‍රයකුට මඟුල් කීම සිදු කළ යුතුය. සුදු රෙදි කඩකින් ආවරණය කළ ඉලත් තට්ටුවක් මත වටේට බුලත් තබා නැකැත් වේලාවට සුබ දිසාව බලා මනාලියගේ සහ මනාලයාගේ වැඩිහිටියකු විසින් ආරාධනා කිරීමට තෝරාගත් තැනැත්තාට ලබා දී විවාහ උත්සවයට පැමිණෙන ලෙස ආරාධනා කළ යුතු වන්නේය. එහිදී ආරාධනා ලැබෙන තැනැත්තා විසින් තම ආර්ථික ශක්තිය අනුව ලියුම් කවරයක බහාලූ හෝ යම් මුදලක් නැකැත් කියූ තැනැත්තාට ලබා දීමද සිදු කිරීම සිරිත වේ.

මනාලියට තෑගි ලබාදීම

මනාලියගේ ඇඟට පතට සරිලන සේ හැඩට වැඩට මසා නිම කරන ලද මංගල සාරිය ඇතුළු අනෙකුත් අත්‍යාවශ්‍ය ඇඳුම් පැලඳුම්ද රුගෙන මනාලයා සමග වැඩිහිටි අයද ගොස් අදාල නැකැත් වේලාවට සුබ දිසාව බලා මනාලයා විසින් මනාලියට තෑගි කළ යුත්තේය.

මංගල කප් සිටුවීමේ නැකැත

එකල විවාහ මංගල උත්සවය පැවැත්වූයේ දෙපාර්ශවයේ නිවෙස් වල බැවින් කිරි ගසකින් ලබාගත් කණු දෙක දෙදෙනාගේම නිවෙස් වල එකම නැකැත් වේලාවක සිටුවා පොල් මලක් සහ පොල් ලෙලි සහිත ගෙඩි දෙකක් කණුවේ ඉහළ මුදුන ආසන්නයේ බිමට නොවැටෙන සේ ගැටගසා සුදු රෙදි පටියක ගැටගැසූ පඬුරු කාසියක් රැගෙන, තෙරුවන් නැමද සියලු දෙවියන්ට පිං පෙත් පමුණුවා සිය මංගල උත්සවයට කිසිදු කරදරයක් බාධාවක් කිසිම අයුරකින් ඇති නොවී සියල්ල සතුටින් නිම කිරීමට සියළු දෙවි දේවතාවන්ගේ ආශිර්වාදය ලැබේවායි පොරොන්දු ප්‍රාර්ථනාදිය සිදුකර සිටුවා ඇති කිරි ගසේ කණුවේ අදාල පඬුර ගැට ගසන්නේය. මංගල උත්සවය කිසිම කරදරයකින් තොරව අවසන් කර ගන්නට ලැබුණු පසුද දෙවියන්ට පින් පැමිණවීමට සුදුසු පින්කමක් සුදුකර පොරොන්දුවී ඇති අයුරින් බාරය නිදහස් කර ආරම්භයේදී කිරි ගසේ බඳින ලද පඬුර ලිහා දේවාලයක පඬුරු පෙට්ටියකට දමන්නේය.

සුබ නැකැතින් ළිප තැබීම

නැකැත් වේලාවට මංගල උත්සවය සඳහා පාවිච්චියට ගැනීමට කළු දොදොල් ආදී නොඉඳුල්ව කැවිලි සකස් කිරීම මංගල දිනයට දින තුන හතරකට පෙර සිදු කිරීම සිරිතය. ඒ සඳහා වඩාත් සුදුසු වන්නේ තෙල් වලින් සකසන කැවිලි වර්ගයක් වන අතර කොකිස් වැනි දෙයක්ද අමතරව සෑදිය හැක. මෙම නැකැත් කටයුත්ත සිදු කල පසු අනෙකුත් කැවිලි වර්ග ඕනෑම වේලාවක සකසාගත හැකි අතර මුලින්ම සාදන කැවිලි වලින් පළමුව බුදුන්ට පූජා කර ඉතිරිය උත්සවය සඳහා පාවිච්චියට ආරක්ෂාකාරීව අසුරා තබා ගත යුතුය.

මංගල උත්සවයට පිටත් වීම

අඩුවක් නොවූ මංගල ඇඳුමින් සැරසුනු යුවල අදාල නිවෙස් වල සිට නිවැරැදි දිශාව බලා නියමිත පාදය ඉදිරියට තබා පිටත් විය යුතු අතර මනාලයාගේ ඉදිරියට ඔහුගේ මව වතුර පිරවූ වීදුරුවකට සෝදා පිරිසිදු කරගත් සුදු මල් දමා රැගෙන විත් “සිය දරුවාගේ අනාගතය කිසිදු කරදරයකින් තොරව තිසරණ සරණින් සියලු දෙවියන්ගේ පිහිටෙන් සාර්ථක වේවා.!” කියා සිතමින් ඉන් පැන් ටිකක් පොවන්නේය. මීට අමතරව වතුර පිරවූ කළයක් රැගත් නිරෝගී, කනවැන්දුම් නොවූ විවාහක ස්ත්‍රියක්ද මනාලයාගේ ඉදිරියට පමුණුවාලීම චාරිත්‍රයකි. එළියට බැස කාලය අපතේ හැරීම අසුබ වන අතර පිටත්වීම හැර අන් කිසිදු ක්‍රියාවකට යොමු වීම ඉතාමත්ම වැරැදි සහගත ක්‍රියාවකි.

වේල් තැබීම හෝ තැල්ල පැලඳවීම

මෙය මනාලියගේ මව විසින් හෝ ඇය නොමැති නම් පියා විසින් හෝ දෙදෙනාම නැත්නම් ලේ නෑදෑයකු විසින් සිදු කල යුතුය. පළමුව තෙරුවන් නමැද සියලු දෙවියන්ට පින් පමුණුවා නිවැරැදි දිශාව බලා සුබ වේලාවට “තිසරණ සරණින් සැම දෙවි පිහිටින් මාගේ දියණියගේ අනාගතය කිසිදු කරදරයකින් තොරව සතුටින් සමඟියෙන් යහපත් දරුමල්ලන් ලැබ සිය සැමියා සමඟ චිරාත් කාලයක් වැජඹී සිටීමට වාසනාව ලැබේවා.! ” ලෙස සිතා වේලය හෝ තැල්ල හිස මත පැලඳවිය යුතුය.

යුවළ පෝරුවට නැඟීම

පෝරුව කලින් භාවිතා කරන ලද්දක් නම් අඩි දෙකක් පළල හා අඩි තුනක් දිග කිරි ගසකින් ලබාගත් අලුත්ම ලෑල්ලක් ගෙන පෝරුව මත තබා ඒ මත්තට යුවළ නංවා පෝරුවේ චාරිත්‍ර ඉටු කල යුතුය. අඩුම තරමේ නැකැත් වේලාවට විනාඩි 15 ක් වත් තිබියදී යුවළම පාවහන් ගලවා පෝරුවේ දකුණු පසින් මනාලයාද, වම් පසින් මනාලියද සිටගත යුතු අතර මනාලිය තම මව හෝ පියා හෝ ලේ නෑදෑයකු විසින්ද, මනාලයා සිය පියා විසින් හෝ පිය පාර්ශ්වයේ පිරිමි අයකු විසින් පෝරුවට නංවා ස්තෝත්‍රාදිය ඒ පිළිබදව හොදින් දන්නා කියන පුද්ගලයකු විසින් ගායනා කර අනෙකුත් චාරිත්‍රද නිවැරැදිවසිදු කළ යුතුය. මෙහිදී සෑම විටදීම ජයමංගල ගාථා හෝ නිවැරැදි මංගල අෂ්ටක හැර වෙනත් අතින් දමා සාදන ලද කවි හෝ ගායනා සිදු කිරීම ඉතාම භයානකය වන අතර නිවැරැදි සුබ ඵල ලබා දෙන ශාස්ත්‍රානුකූලව සකස්කර නැති දේ ගායනා කිරීමෙන් වස් කවියකින් වන විපතක් සේම සිදු විය හැක. මංගල අෂ්ටක කීමට ලබා ගන්නා දරුවන් ගණන ඔතතේ ප්‍රමාණයක් විය යුතු වේ. තැළි පිළි ඇන්දවීම, මාල කර පැලඳීම, මුදු මාරු කිරීම, මවට පියාට තෑගි ලබා දීම, අතපැන් වත්කිරීම යන චාරිත්‍ර සඳහා වෙන වෙනම අවශ්‍ය වන්නේ නැත. පෝරුව මත යුවළ සිටින මුළු කාලයම සුබ මුහුර්ථයක් බැවින් බැවින් එම කාල පරාසය තුළ එම චාරිත්‍ර සියල්ල ඉෂ්ඨ කල යුතු වේ. තවද සුදු පිරුවට පෝරුවේදී මනාලයා විසින් දීම කළ යුතු අතර රතු සාරිය හැට්ටය පෝරුවේදී පැලඳවීම කල යුතු වන්නේම නැත.

යුවළ පෝරුවෙන් බැස්ස වීම

තලප්පාවක් ඔළුවේ බැඳගත් මනාලියගේ මාමන්ඩියකු විසින් නැකැත් වේලාවට යුවළ පෝරුවෙන් බස්සවා මනාලයාගේ මාමා කෙනකුට හෝ බාප්පාට යුවල බාර කරන්නේය. ස්තෝත්‍රාදිය ගායනා මැද එය සිදු කරන අතර පොළොවට පා තබනවාත් සමඟම “පුරා පුරා” යන වචනයද එම ස්තෝත්‍ර කියන තැනැත්තා විසින් කියත්ම මනාලියගේ බාප්පා කෙනකු විසින් හැකි තරම් එකවර පොල් ගෙඩිය බිඳ, පසුව දෝශ භංග වීමට අසල කුල්ලෙහි ඇති දෙහි ගෙඩියද දෙබෑ කර ඒවායෙහි අවශේෂ හැකි පමණ තිරිසන් සතුන්ට ආහාර නොවන පරිදි තැබීමට වගබලා ගත යුතු‍ය.

විවාහ ලියාපදිංචි කිරීම

ලියාපදිංචි කිරීමට පැමිණෙන තැනැත්තාගේ කාර්ය බහුලතාවය නැකතට හරස් වන්නේ නම් අත්සන් කොළය පමණක් රැගෙන විත් නැකැත් වේලාවට අනුව යුවතිපති දෙදෙනා විසින් අත්සන් තබා, ලියාපදිංචි කිරීමට පැමිණෙන තැනැත්තා පැමිණි පසු නීත්‍යානුකූලව අදාල ඉතිරි කටයුතු සිදු කිරීම වරදක් නොවේ.

මධුසමය සඳහා පිටත් වීමෙ

කෙසේ හෝ මංගල උත්සව සභාව නැකත් වේලාවට ප්‍රථම සම්පූර්ණයෙන් අවසන් කර, මවුපියන් හා වැඩිහිටියන් නමැඳ අදාල නැකැතට එම පරිශ්‍රයෙන් පිටතට පැමිණිය යුතුය. යුවළ පිටවෙද්දී මනාලියගේ මව විසින් පිරිසිදු දිය බඳුනක් රැගෙන ඉදිරියට පැමිණ දරුවන් දෙදෙනාගේ “යුග දිවිය සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා” යන සිතින් යුතුව දෙදෙනාටම වතුර ටික ටික පොවා ආශීර්වාද කරන්නේය. පැරැණි සුබ චාරිත්‍රය වන්නේ පෝරුවේ නැඟීමට අඳින ලද මංගල ඇඳු‍මෙන්ම පිටත් වීම බැවින් හැකි පමණින් එයම අනුගමනය කරන්නේ නම් වඩා ප්‍රතිඵලදායක වේ.

මහා මංගල උත්සවයට යුවළ පිටත් වීම

මංගල රාත්‍රිය ගත කළ ස්ථානයේ සිට මනාලයාගේ නිවසට පිටත් වීම මහා මංගල උත්සවය වන අතර වරථමාන තත්ත්වය වෙනස් වුවද, මෙම උත්සවයේ අවංක අරමුණ දීග ගිය දියණියගේ පතිව්‍රතාව, පවිත්‍රතාවය හෙවත් පිරිසුදු බව සිය නෑදෑ හිතමිත්‍රාදීන්ට ප්‍රකාශ කිරීමයි. පෝරුවේදී අන්දවන ලද සුදු පිරුවට යුවළගේ කාමරයේ තබා තිබියදී මනාලියගේ පාර්ශ්වයේ වැඩිහිටියන් එම කාමරයට ගොස් එය පරීක්ෂා කර රුධිර පැල්ලම් දුටුවහෝත් තම තමන්ගේ වත්කමේ ප්‍රමාණයට එම පිරුව මතට මුදල් මෙන්ම සමහර තැන්වලදී රන් ආභරණද දමා පිටතට පැමිණ පසුව රබාන් නාද මධ්‍යයේ ගී ගයමින් නටා සිය දියණියගේ සුපිරිසුදු භාවය පිළිබදව ආඩම්බරයෙන් කථා කරන්නේය… ශ්‍රී පංචායුධ ජ්‍යොතිෂ සේවා © සියලුම හිමිකම් ඇවිරිණි. කතෘ අවසරයකින් තොරව මෙහි කිසිදු බුද්ධිමය දේපලක් උපුටා ගැනීම හෝ තෙවන පාර්ශවයේ යෙදවුමක් සඳහා භාවිතා කිරීම සපුරා තහනම් වේ.

අකුරු කියවීම
දරුවා බහ තෝරණ වියේදී අකුරු කියන්නට දෙමාපියන් විශාල උනන්දුවක්‌ දක්‌වති. එහිදී දරුවකු පස්‌ වස සම්පූර්ණ වීමට ප්‍රථම සුබ වේලාවකදී දරුවාට අකුරු කියවීම කළ යුතුය. බෞද්ධ
Read More
මැණික් භාවිතය  පරිස්සමෙන්
මැණික්‌ කෙනකුගේ ජීවිතය බැබළවීමට මෙන්ම විනාශයට ද හේතු වෙයි. “හෝප් දියමන්තිය” මිනිසුන් විනාශ කළේය. ගමන් මැණික්‌ නමින් විනාශකාරී මිණිකැටයක්‌ ද මහපොළව යට තිබේ. පුද්ගලයාගේ
Read More
ශනි මංගල ‌‌දෝශය
සරලවම කිවහොත් ශනි මංගල යෝගය යනු ඔබගේ ‌කේන්දරයේ සෙනසුරු ග්‍රහයාත් අඟහරු ග්‍රහයාත් සංයෝගව එකම ‌කොටුවේ පිහිටීම හෝ සම සප්තමව ‌හෙවත් එකිනෙකට ප්‍රති විරුද්ධව එකිනෙකාට
Read More
ජ්‍යොතිෂය සහ මරණය
බුදුදහමට අනුව සියලුම සතුන්ගේ මරණය චතුර් නිමිත්තකින් සිදු වන බව සඳහන් වෙයි. එනම් ආයුෂ අවසන් වීම නිසා සිදුවන මරණ ආයුඛ්‍ය මරණං ‌‌ලෙසත්, කර්මය අවසන්
Read More
අධ්‍යාපනය සඳහා වාස්‌තු විද්‍යාව
දරුවන්ගේ අධ්‍යාපනය සාර්ථක කර ගැනීමට වෘක්‍ෂයන් තුළින් විශ්ව ශක්‌තිය දරුවාට සම්ප්‍රේෂණය කිරීම උදෙසා වාස්‌තු ශිල්පයේ සඳහන් මූලික කරුණු පහත ආකාර වේ. ඔබගේ නිවසේ මුහුණත
Read More
බ්‍රහ්ම පාදය
බ්‍රහ්ම පාදය හෙවත් මරු සුළිය හෝ මරුසුලම යනු නිවසක ප්‍රධාන මර්මස්ථානය වන අතර ප්‍රධාන වශයෙන් ශ්‍රියා කාන්තාවගේ බැල්ම ඇති වන්නේ මෙම ස්ථානයටයි. තවද වාස්තු
Read More
නමේ මුල් අකුරේ අනාවැකි
බටහිර ජ්‍යොතිෂ්‍ය පොතපතට අනුව එක් එක් අක්ෂර සදහා ජීවිත රහස් A - මෙය නමක මුලකුර වේ නම් යහපත් ගුණාංග හා සිතුවිලිවලින් යුක්ත අයකු වේ.
Read More
ගෘහ අංග ස්‌ථානගත කිරීම
ඉපැරණි සෘෂි දහමක්‌ වන වාස්‌තු ශිල්පයට අනුව ඔබගේ ගෘහය සම්පත් පිරි ගෘහයක්‌ බවට පත්කර ගැනීමට ශක්‌තිය හා ප්‍රඥව ලබා ‌දෙන්නේ ස්‌වභාව ධර්මයාට එකඟව නිවසේ
Read More
විවාහය සහ පොරොන්දම් ගැලපීම
[vc_row][vc_column][vc_column_text] විවාහය යනු ස්‌ථාන දෙකක වෙන් වෙන්ව ජීවත් වූ අසමාන ගතිගුණ මෙන්ම අදහස්‌ ඇති ස්‌ත්‍රී පුරුෂ දෙපාර්ශ්වය කායික හා මානසික වශයෙන් එක්‌තැන් වීමයි. ජීවන
Read More
මල්වර චාරිත්‍ර
කුඩා දැරියකගේ මුල්ම ඔසප් වීම මල් වරය ලෙස හදුන්වනු ලබයි. ගැහැණු දරුවාගේ ජීවිතයේ සංක්‍රාන්ති කාලයක් බැවින් මේ කාලයේදී “දැරිය” හා “ළමිස්සිය” යන අවස්ථා දෙකටම
Read More
ලග්න වලට සුබ මැණික්
මේෂ ලග්නය මෙම ලග්න හිමියන්ගේ ගුරු මහදශාවක් හෝ අතුරු දශාවක් යන කාළවලදී පුෂ්ප රාග මැණික හොද වාසනාවක් ගෙන අතර ඔවුනට රැකියාව සම්බන්ධ කාරණා වලදී
Read More
ජීවිතයට මැණික්‌
ග්‍රහයන්ට හිමි මැණික්‌  * රවි (හිරු) - පද්මරාග (Pink sapphire)  * චන්ද්‍ර (සදු) - මුතු (Pearl)  * කුජ (අඟහරු) - රතු (Ruby)  * බුධ - පච්ච (Emerald)  * ගුරු
Read More
කාල සර්ප යෝගය
කාල යනුවෙන් හදුවන්නේ කේතු වන අතර සර්ප වශයෙන් හදුන්වන්නේ රාහු ග්‍රහයායි. ඕනෑම කෙන්දරයක රාහු සහ කේතු එකිනෙකින් අංශක 180 කින් පිහිටන්නේ රාහුගේ සහ කේතුගේ
Read More
කුජ ‌භෞම දෝශය
අනාදිමත් කාළයක සිට ජ්‍යොතිෂය සම්බන්ධ පර්යේෂණාත්මක කරුණු වලින් පිළිඹිමු වූ ඉතාමත් ඉහල ප්‍රතිශතාත්මක සත්‍යක් නම් විවාහයට බොහෝ බලපෑම් කළ හැක්කේ අඟහරු ග්‍රහයාට බවයි. සාමාන්‍යයෙන්
Read More
හතර කේන්දරය පාලු වීම
හතර කේන්දරය පාලු වීම යනු කේන්ද්‍රස්‌ථාන (විෂ්ණු ස්‌ථාන) හෙවත් කේන්දරයක 1, 4, 7 සහ 10 යන කොටු තුළ ග්‍රහයන් හෝ කිසිදු ග්‍රහයකු පිහිටා නොමැති
Read More

Thank you for reading!