ගෘහ අංග ස්ථානගත කිරීම
ඉපැරණි සෘෂි දහමක් වන වාස්තු ශිල්පයට අනුව ඔබගේ ගෘහය සම්පත් පිරි ගෘහයක් බවට පත්කර ගැනීමට ශක්තිය හා ප්රඥව ලබා දෙන්නේ ස්වභාව ධර්මයාට එකඟව නිවසේ අංග නිසි දිශාවේ පිහිටුවීමටය. ඒ තුළින් ඔබට යහපත් ප්‍රතිඵල ලබා ගැනීම හා දෝශ බොහෛා් සේ මග හරවා ගැනීම සිදු කළ හැක. එබැවින් ප්‍රධාන ගෘහ අංග පිළිබඳ වැඩි අවධානයක් යොමු කිරීමට වගබලා ගත යතුය. විශේෂයෙන් බ්‍රහ්ම පාදය හා නිවසේ ද්වාර සටහන යහපත් ස්ථානවල පිහිටුවා ගැනීම ඉතා වැදගත් වේ. මෙසේ ඔබගේ නිවසේ ගෘහ අංග නිසි ලෙස පිහිටුවා ගැනීම තුළ නිවස ස්වභාවධර්මයාට එකඟ නිවසක් බවට නිරායාසයෙන්ම පත්වනු ඇත. ස්වභාව ධර්මයාට විරුද්ධ ගෘහයක් වීමෙන් එහි පැවැත්ම තාවකාලික වේ.
ප්‍රධාන නිදන කාමරය
ගෘහ අංග අතර ඉතාමත් ප්‍රබල ගෘහ අංගයක් ලෙස ප්‍රධාන නිදන කාමරය පෙන්වා දිය හැකියි. ප්‍රධාන නිදන කාමරය නිසි ලෙස ස්ථාන ගත කිරීම තුළ එම නිවසේ පින්වත් දරු ඵල ලැබීම, ස්වාමි භාර්යා සමඟිය, නිරෝගි සම්පත්් බව සහ කීර්තිය පැතිරීම වැනි යහපත් දෑෑ සදහා වැඩි ඉඩ ප්‍රස්ථාවන් මතු වේ.
මේ නිසා නිවසේ ප්‍රධාන නිදන කාමරය යනු ඉතාමත් ප්‍රභල ගෘහ අංගයකි. සෑම විටම ප්‍රධාන නිදන කාමරය නිරිත දිශාවේ යෙදී තිබීම ඉතාමත් යහපත් වන අතර විශ්ව ශක්තිය නිවසින් බැහැර වන නිරිත දිශාව තුළ ප්‍රධාන නිදන කාමරය තිබීම ඉතාමත් යහපත් බව පෙන්වා දෙමි. එමෙන්ම ගෘහයේ නිරිත දිශාව හිස් නොවිය යුතු අතර නිවසට ශ්‍රියා කාන්තාව පැමිණීම සිදු වන්නේ නිරිත දිශාවෙනි.
ප්‍රධාන නිදන කාමරය සඳහා ඉතාමත් අයහපත් දිශා වන්නේ ඊශාන සහ ගිණිකොන දිශාවන්ය. මෙම දිශා දෙක හැර අනෙකුත් දිශාවන් මිශ්‍ර ඵල ලබා දෙන අතර ප්‍රධාන නිදන කාමරය නිසි ලෙස ස්ථානගත නොවීම තුළ දරු ඵල අහිමිවීම්, පින්වත් දරුවන් නොලැබීම්, ස්වාමි භාර්යා අසමගිය මෙන්ම අප කීර්තිය ඇතිවීම වැනි අයහපත් තත්ත්වයන් උද්දීපනය විය හැකිි බැවින් ගෘහයේ ප්‍රධාන නිදන කාමරය නිසි ලෙස පිහිටුවා ගැනීම ඉතා වැදගත් වේ.
මුළුතැන්ගෙය හෙවත් කුස්සිය යනු එම නිවසේ මූල්‍ය මධ්‍යස්ථානය හා සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව කැඩපතක් බඳු වූ ස්ථානය බවට කිව යුතුයි. ගෘහයේ මුඟතැන්ගෙය නිසි ලෙස ස්ථානගත වී ඇති නිවාසවල වාස්තු දෝශ අවම වන හෙයින් ගෘහයේ මුළුතැන්ගෙය සඳහා ඉතාමත් සුදුසු දිශා දෙකක් ලෙස ගිණිකොන සහ වයඹ දිශාවන් නිර්දේශ කළ හැකිය.
උතුරු දිශාව හෝ බටහිර දිශාවට මුහුණ යොදා තැනූ නිවසක් සඳහා පමණක් මුළුතැන්ගෙය ගිණිකොන දිශාව යොමු කිරීම ඉතා යහපත් වන අතර දකුණුු දිශාවට සහ නැගෙනහිර දිශාවට මුහුණ යෙදූ නිවාස වල මුළුතැන්ගෙය වයඹ දිශාවට ඉතාමත් යහපය.
මුළුතැන්ගෙය සඳහා ඉතාමත් අයහපත් දිශා ෙදෙක වන්නේ ඊශාන සහ නිරිත දිශාවන්ය. එනම් ඊශාන දිශාවේ හා නිරිත දිශාවේ මුළුතැන්ගෙවල් යොදා ඇති නිවාස වාස්තු දෝශ වල උපරිමයෙන් ක්‍රියාත්මක වේ. එබැවින් එම දිශා දෙක කිසිම විටෙක මුළුතැන්ගෙවල් සඳහා යොදා නොගැනීමට වග බලා ගත යුතු අතර නැගෙනහිර සහ බටහිර, දකුණ සහ උතුරු දිශා මිශ්‍ර ඵල සහිත දිශා වේ.
දරුවන්ගේ කාමර
ළමුන්ගේ කාමර සඳහා කාමර ස්ථාන ගත කිරීමේදී දෙවියන් හා ළමුන් සඳහා ඉතාමත් සුදුසු වන්නේ ඊසාන, උතුරු හෝ නැගෙනහිර දිශාවන්ය. මිශ්‍ර ඵල සහිත දිශා ලෙස බටහිර, වයඹ සහ දකුණු දිශා පෙන්වා දිය හැකිය. ගෘහයේ නිසි දිශාවේ ළමා කාමර ස්ථානගත කිරීම තුළ ඔබට ඉතා කීකරු හා ගුණගරුක දරුවන් ලැබීම සහ එම දරුවන් අධ්‍යාපන තත්ත්වයන් වැඩි දියුණුව වීම මෙන්ම රෝග පීඩා අවම වීම පෙන්වා දිය හැකිය. නමුත් දරුවන්ගේ කාමර සඳහා නිරිත සහ ගිණිකොන දිශාවන් යෙදීම ඉතාමත් අයහපත් වේ. කෙසේ නමුත් ඔබගේ නිවස දෙමහල් නිවසක් නම් කිසිම විටක මුළුතැන්ගෙය උඩ හෝ මුළුතැන්ගෙය යට කාමර ළමුන් සඳහා භාවිත නොකිරීමට වග බලා ගත යුතුය.
සමස්ථ වශයෙන් අධ්‍යාපන කටයුතු උතුරු, ඊශාන හෝ නැගෙනහිර දිශා බලා සිදු කිරීම වැදගත් වන අතර නිදන ඇඳ උතුරු දිශාවට නොදැමීමට වග බලා ගත යුතුය.
මුළුතැන්ගෙය
මුළුතැන්ගෙය සඳහාෙ සුදුසු, නුසුදුසු දිශාවන් ඇති අතර මිශ්‍ර ඵල දෙන දිශාද ඇත. එබැවින්නු සුදුසම දිශාවක නොමැතිව මිශ්රඵල සහිත දිශාවක තිබීම අයහපත් නොවේ. එසේම ඔබගේ නිවෙසේ මූල්‍ය ශක්තිය වර්ධනය සඳහා මුළුතැන්ගෙය නිසි දිශාවේ තිබුණාට ප්‍රයෝජනවත් නොවේ. මෙහිදී ප්‍රධාන වශයෙන් පහත සඳහන් අඩුපාඩුද මඟහරවා ගැනීමට උත්සාහ ගන්න. තවද ආහාර පිසීම සඳහා බස්නාහිර දිශාව බලා සුදුසු නොවේ. එලෙසම නිවෙසට හැරී ආහාර පිසීමත් අනෙකුත් ගෘහ අංගවලට වඩා මුළුතැන්ගෙය පහත් කරීමත් එතරම් සුදුසු නොවේ. මිරිස් ගල මුළුතැන්ගෙය තුළ ඇති විට නිවෙසෙ ඇතුළට හරවා නොතැබීම මෙන්ම දොරක් දමා මුළුතැන්ගෙය වසා දැමීමද එතරම්ම කාලෝචිත නොවේ.
Thank you for reading!