Porondam.lk_logo_desktop_200Porondam.lkPorondam.lk_logo_desktop_200Sri Panchayudha Astrology Service Porondam.lk
  • නිවහන
  • පොරොන්දම්
  • හඳහන්
  • නැකත්
  • බිළිඳුු නාම
  • නිවහන
  • පොරොන්දම්
  • හඳහන්
  • නැකත්
  • බිළිඳුු නාම
✕

ජ්‍යොතිෂය සහ මරණය

මරණය-සිදුවන-ආකාරය

බුදුදහමට අනුව සියලුම සතුන්ගේ මරණය චතුර් නිමිත්තකින් සිදු වන බව සඳහන් වෙයි. එනම් ආයුෂ අවසන් වීම නිසා සිදුවන මරණ ආයුඛ්‍ය මරණං ‌‌ලෙසත්, කර්මය අවසන් වීම නිසා සිදුවන මරණය කම්මඛ්‍ය මරණං ‌ලෙසත්, ආයුෂ හා කර්මය අවසන් වීම නිසා සිදුවන මරණ උභයඛ්‍ය මරණං ‌‌ලෙසත් සහ හදිස්‌සි කර්ම විපාක මත සිදුවෙන මරණ උපච්‌‌චේදක මරණ ‌ලෙසත් ‌පෙන්වා දිය හැකිය.

ඒ ආකාරයෙන්ම ‌ජ්‍යොතිෂ විද්‍යාවට අනුවද පුද්ගල කේන්දරයක 2, 7, 8, 11, 12 යන රාශි පරීක්‌ෂාව තුළින් මරණය සිදුවන කාලය සම්බන්ධ‌‌යෙන්ද විනිශ්චය කළ හැකිය. වයස අවු. 120 ට වැඩි කාලයක්‌ ජීවත් වීමෙන් මරණයට පත්වීම අපරිමිත ආයුෂ මරණයකි. අවු. 70 සිට 120 අතර සිදුවන මරණයක්‌ නම් එය පූර්ව ආයුෂ මරණයකි. අවු. 70 සිට 35 අතර සිදුවන මරණය මධ්‍යායුෂ මරණයකි. අවු. 35 සිට 13 අතර සිදුවන මරණය මන්දායුෂ මරණයකි. වයස අවු. 13 ට වඩා අඩු ආයුෂ මරණ ‌හෝ බාලාරිෂ්ඨ යෝග මරණ වශයෙන් හඳුන්වයි.

ඒ අනුව මූලික වශයෙන් ‌මෙම විග්‍රහ ‌කෙරෙන ග්‍රහ පිහිටීම් මත දීර්ඝායුෂ ලැබනෙ බව ජ්‍යොතිෂයේ ‌පෙන්වා දී ඇත. ඒ්වානම් රවි ලග්න ගතව හෝ 11 සිටීමත් රාහු 3, 6, 11 හෝ වෘෂභ කටක, මේෂ රාශියක සිටීමත් දීර්ඝායුෂ ලබයි. වෘශ්චික යෙන් තොරව 6 හෝ 7 හෝ 8 සිටින චන්ද්‍රයා සියලුම ග්‍රහයන්ට පෙනේ නම් දීර්ඝායුෂ ලබයි. ගුරු, බුද, ශනි, තිදෙනා ඔවුන්ගේ ස්‌වක්‌ෂේත්‍ර රාශිවල සිටියදි උපත ලත් අය දීර්ඝාසුෂ ලබයි. ගුරු උච්ච වී හෝ ස්‌වක්‌ෂේත්‍ර බලයෙන් කේන්ද්‍රගතවී ඇත්නම් දීර්ඝායුෂ දෙයි. පුර චන්ද්‍ර උච්චව හෝ ස්‌වක්‌ෂේත්‍ර බලයෙන් සිටීම හා සුබ ග්‍රහයන් දකී නම් දීර්ඝායුෂ ලබයි. පුර චන්ද්‍ර ගුරු, සිකුරු බුධ යන සුබ ග්‍රහයන් කේන්ද්‍ර ගතව ඇත්නම් දීර්ඝායුෂ ලබයි.

තවද අල්පායුෂ සම්බන්ධයෙන් ප්‍රධාන වශයෙන් ‌ෙපෙන්වා දිය හැක්කේ ලග්නයේ චන්ද්‍රයා හා සියලුම පාපයන් 4, 7, 10 සිටීම, ශනි රාහු, කුජ චන්ද්‍ර එක්‌ව 7 හෝ 9 සිටීම, ලග්නයේ පාපයෙකුත් සහ 7 පාපයෙකුත් ‌මෙන්ම සඳු සමග පාපයෙකුත් සිටියද චන්ද්‍රයා සුබ ග්‍රහයන් දකිනු නොලැබුවහොත් අල්පායුෂයෙන් මරණයට පත්වේ. මීට අමතරව 6, 8 හෝ 12 සිටින අව චන්ද්‍ර පාපයන්ගේ දෘෂ්ටිය වැටීමද අල්පායුෂ පිහිටීමකි. ලග්නය හෝ 7 වැන්න දෙපස පාප කර්ත්‍රිව පිහිටීම ‌මෙන්ම ලග්නාධිපති දුබල වී 7 හෝ 8 වැන්නේ කුජ ශනි රාහු සමග සංයෝගව සිටීමද අල්පායුෂ ග්‍රහ පිහිටීමකි.

මීට අමතරව ජ්‍යොතිෂයයේ මරණය සිදුවන හැටිද විග්‍රහ කර ඇති අතර ඉන් කිහිපයක් ‌ලෙස කේන්ද්‍රයක කුජ ශනි සංයෝගව 8 වැන්නේ සිටියදී පාපීන් දකීනම් කෝලාහලයකදී ගෙල සිඳීමෙන් මරණය සිදුවේ. ලග්නාධිපති දුබල වී ශනි – චන්ද්‍ර 7 සහ කුජ 10 සිටීනම් දියේ ගිලීමෙන් මරණය සිදුවේ. කේන්ද්‍රයක ශනි කුජ දෙදෙනා 8 වැන්නේ සිටි නම් බුධගේ පාපි දෘෂ්ටිය වැටෙන කාලයේ දී වාහන අනතුරකින් හෝ එල්ලීමෙන් මරණයට පත්වේ. 4 – 7 හෝ 8 චන්ද්‍රයා පාපීන්ට මැදි වී සිටි නම් එම අය ඖෂධ විෂ වීමෙන් මරණයට පත්වේ. රවි ලග්නයෙන් 12 හා 2 පාපීන් ද ශනි කුජ අශූභ දෘෂ්ඨීන් වැටේනම් පිළිකා හෝ ලේ සම්බන්ධ වූ රෝගයකින් මරණයට පත් වේ යයි ජ්‍යොතිෂ සෘෂි මතයයි.

‌‌කෙසේ නමුත් උපදින සතුන් මරණය දායද කොට උපත ලබා ඇති අතර මෙලොව උපදින විටදීත් අප ආයුෂ දස මසක් ගෙවා උපත ලබා ඇත. ‌ඒබැවින් කවර මොහොතක කුමන කරුණකින් මරණය සිදුවේදැයි කිසිවකුටත් සිතිය නොහැකිය. මරණයට පත්වීම කෙරෙහි වයස්‌ භේදයක්‌ද නොමැත. උදෑසන, දහවල්, සැන්දැ, රාත්‍රි කවර කාලයක වුවත් මරණයට පත්විය හැකිය. ඒ අනුව ශ්‍රී පංදායුධ ‌ජ්‍යොතිෂ ‌සේවා‌ෙවෙහි ධර්මතාවයත් “ජීවිතය අනියතයි, මරණය නියතයි” යන වදන සදාතනිිික සත්‍යයක් වන බවයි…

Thank you for reading!

Share
54

Related posts

ග්‍රහ අපල මැණික් ප්‍රතිකාර gems for astro planets

මැණික් භාවිතය පරිස්සමෙන්


Read more
shani-mangala-dhoshaya-doshaya-ශනි-මංගල-‌දෝශය-‌දෝෂය

ශනි මංගල ‌‌දෝශය


Read more
malwaraya-malvara-මල්වරය-මල්වර-චාරිත්‍ර

මල්වර චාරිත්‍ර


Read more
ලග්න-මැණික්-astrology-gems-rings-porondam.lk

ලග්න වලට සුබ මැණික්


Read more

නමේ මුල් අකුරේ අනාවැකි
අකුරු කියවීම
ජීවිතයට මැණික්‌
ගෘහ අංග ස්‌ථානගත කිරීම
අධ්‍යාපනය සඳහා වාස්‌තු විද්‍යාව
මල්වර චාරිත්‍ර
කුජ ‌භෞම දෝශය
ශනි මංගල ‌‌දෝශය
ජ්‍යොතිෂය සහ මරණය
බ්‍රහ්ම පාදය
හතර කේන්දරය පාලු වීම
කාල සර්ප යෝගය
ලග්න වලට සුබ මැණික්
මැණික් භාවිතය  පරිස්සමෙන්
විවාහය සහ පොරොන්දම් පරික්ෂාව
  • පොරොන්දම් බැලීම
  • කේන්දර සෑදීම
  • සුබ නැකත්
  • බබාට නමක්
  • සුබ කටයුතු සඳහා චාරිත්‍ර
  • සිහින පලාපල
  • පෙරමග සුබ නිමිති
  • පෙරමග අසුබ නිමිති
  • ලග්න වල ස්වභාවය
  • සූනන් කෑ ගැසීමේ පලාපල
  • සූනන් ඇඟ වැටීමේ පලාඵල
ශ්‍රී ලංකාවේ හොඳම විශ්වාසදායී ජ්‍යොතිෂ්‍ය සේවය | Best reliable Astrology service in Sri Lanka
Sri Panchayudha Astrology Service

Sri Panchayudha Astrology Service

  • Porondam
  • Horoscope
  • Lagna Palapala
  • Baby Names
  • Good Times

News and Articles

  • අකුරු කියවීම
  • මැණික් භාවිතය පරිස්සමෙන්
  • ශනි මංගල ‌‌දෝශය
  • About Us
  • Contact Us
  • Cart
  • Items
© 2008 - 2023 SUNPRESS™ සියලුම හිමිකම් ඇවිරිණි. කතෘ අවසරයකින් තොරව මෙහි කිසිදු බුද්ධිමය දේපලක් උපුටා ගැනීම හෝ තෙවන පාර්ශවයේ යෙදවුමක් සඳහා භාවිතා කිරීම සපුරා තහනම් වේ.
      පොරොන්දම්
      කේන්දර