Porondam.lk_logo_desktop_200Porondam.lkPorondam.lk_logo_desktop_200Sri Panchayudha Astrology Service Porondam.lk
  • නිවහන
  • පොරොන්දම්
  • හඳහන්
  • නැකත්
  • බිළිඳුු නාම
  • නිවහන
  • පොරොන්දම්
  • හඳහන්
  • නැකත්
  • බිළිඳුු නාම
✕

කාල සර්ප යෝගය

කාල යනුවෙන් හදුවන්නේ කේතු වන අතර සර්ප වශයෙන් හදුන්වන්නේ රාහු ග්‍රහයායි. ඕනෑම කෙන්දරයක රාහු සහ කේතු එකිනෙකින් අංශක 180 කින් පිහිටන්නේ රාහුගේ සහ කේතුගේ මධ්‍යයේ එනම් සියලුම ග්‍රහයන් රාහුගෙන් සහ ‌කේතුගෙන් එක් අර්ධයකට පමණක් මැදිව පැවතීම හරහා ඔහුගේ හෝ ඇයගේ ජීකාලය ‘හකුලන’ බව ප්‍රධාන වශයෙන් පෙන්නුම් කරනවා. කෙනෙකුගේ ජීවිත කාලය තුලදී තමන්ගේ වැඩ කටයුතු එක් අංශයකින් පමා කිරීමට මෙන්ම තවත් අංශයකින් ඉක්මන් කිරීමටද මෙම යෝගය හේතු වන අතර ‌මෙම කාල සර්ප යෝගය ජීවිත කාලය තුලදී විශාල වෙනස්කම් ඇතිවීමටද හේතු වනුු ඇත.

කාල සර්ප සහ කාල අමිරිත යෝග වශයෙන් කොටස් දෙකකට වෙන් කරන අතර එය සංකීර්ණ තත්යක් බැවින් මෙහිදී සියලුම යෝග කාල සර්ප යෝග වශයෙන් ‌ෙපෙන්වා දිය හැක. ලග්නයෙන් පිට කාල සර්ප යෝගය පවතිද්දී ජන්මියාගේ ශරීර සෞඛ්‍යට සිදුවන හානිය අවම වන අතර කාල සර්ප යෝගය ලග්නය එනම් පලවෙනි භාවය හරහා ක්‍රියාත්මක වීමේදී තමන්ට වරින්වර ලෙඩ රෝග වලට ලක්වීමේ හැකියාව පවතීී.

කෙනෙකුගේ කෙන්දරයෙහි දෙවැනි භාවයේ රාහු සිට අටවැනි භාවයේ කේතු තැන්පත්වී අනෙකුත් ග්‍රහයන් තුන්වන භාවයේ සිට හත්වන භාවය දක්වා පිළිවලින් විහිදී පවතිනවිට පද්මක් ‌හෙවත් පද්ම යෝගය සාදනවා. කාල සර්ප යෝගයක් පලවෙනි රාශිය හරහා පවතිද්දී පලවෙනි රාශියේ ගුරු පැවතීම ‘මහා පද්මක් යෝගයක්’ වන අතර එම රාශියේ ‘බුධ ‘ පැවතීම සංඛ යෝගයක් වනවා, ඒ වගේම සදු හෝ සිකුරු පළමුවන රාශියේ පැවතීම ‘අනන්ත’ යෝගය වනවා. මෙම යෝග ජන්මියට කාල සර්ප යෝග පැවතියත් තමන්ගේ අභිමතාර්ථ ඉෂ්ට කරගැනීමට උදවු සපයනු ලබනවා. නමුත් කුජ ලග්න ගතව පැවතියහොත් එය යහපත් නොවන අතර ‘ඝාත්’ හෙවත් මරණකාරක යෝගයක් වේ.

මෙම යෝගය පවතින පුද්ගලයන් විෂ ශරීර ගතවීම් වලින් වැළකීමට වග බලාගත යුතුයි. ශනි පළමුවෙනි රාශියේ පැවතීම හරහා වාසුකී යෝගය සකසනවා. මෙයද නිතරම සිත් වේදනා ඇතිකරන යෝගයක් වනවා. කාල සර්ප යෝගය පිහිටීම අනුව එය බලපාන කාලය මෙන්ම එම යෝගයෙන් ගැලවීමට ගත යුතු පියවරද වෙනස් වනවා. වෛදික ශාස්ත්‍ර වලට අනුව 108 ක් වූ නාගයන් සිටින අතර ඒ එක එක නාගයාට පිළිවෙත් කිරීම හරහා කාල සර්ප යෝගයේ ගැටළු අවමකරගත හැකි ‌වේ.

ඔබගේ කාල සර්ප යෝගයට ගැලපෙන නිවැරදිම ප්‍රතිකර්මය ලබාගෙන ඒ අනුව කටයුතු කළ යුතු අතර කාල සර්ප යෝගය සදහා පවතින පිළියම් එකිනෙකට වෙනස් ‌වේ. නමුත් බොහෝ දෙනෙකුට සරලවම කළ හැකි ප්‍රතිකර්මයක් වන්නේ ශිව දෙවියන් නැමදීමයි. හේතුව ශිව දෙවියන් යනු සර්ප ලෝකය පාලනය කිරීමේ හැකියාව පවතින දේවතාවද වන බැවිනි‍. ඒ නිසා ශිව දෙවියන් පිදීම හෝ ‘මහා ම්රිත්යුන්ජ මන්ත්‍රය’ පැවසීම හරහා කාල සර්ප යෝගය හරහා වන ගැටළු වලට තරමක සහනයක් ලබා ගත හැකි වනුු ඇත.

ලෝකයේ විශිෂ්ට පුද්ගලයන්ට කාල සර්ප යෝගය පැවත තිබෙන නමුත් ඔවුන් උත්සාහ සහ උනන්දුව හරහා තමන්ගේ දෛවය තුළින්ම ඉහළට මතුවී ඇති අවස්ථා ඇත. ඔබේ කේන්දරයේ කාල සර්ප යෝගය පවතිනවා නම් නිසි ප්‍රතිකර්ම සහ ජිවන අභ්‍යාස ක්‍රියාවලියක් හරහාද ඉහළටම මතුවීමේ හැකියාව පවතීී. ‌කෙසේ නමුත් කාල සර්ප යෝගය යනු විශාල ගැටළු ඇති කරන්නක් වුවද එය තමන්ගේ උත්සාහයෙන් වෙනස් කරගනිමින් වඩාත් යහපත් ජිවිතයකට මග පාදා ගත යුත්තේ තමන් විසින්මය…

Thank you for reading!

Share
50

Related posts

ග්‍රහ අපල මැණික් ප්‍රතිකාර gems for astro planets

මැණික් භාවිතය පරිස්සමෙන්


Read more
shani-mangala-dhoshaya-doshaya-ශනි-මංගල-‌දෝශය-‌දෝෂය

ශනි මංගල ‌‌දෝශය


Read more
මරණය-සිදුවන-ආකාරය

ජ්‍යොතිෂය සහ මරණය


Read more
පොරොන්දම්-ගැලපීම-Porondam.lk

විවාහය සහ පොරොන්දම් පරික්ෂාව


Read more

විවාහය සහ පොරොන්දම් පරික්ෂාව
කුජ ‌භෞම දෝශය
මල්වර චාරිත්‍ර
ජීවිතයට මැණික්‌
අකුරු කියවීම
කාල සර්ප යෝගය
ගෘහ අංග ස්‌ථානගත කිරීම
හතර කේන්දරය පාලු වීම
ශනි මංගල ‌‌දෝශය
ලග්න වලට සුබ මැණික්
මැණික් භාවිතය  පරිස්සමෙන්
නමේ මුල් අකුරේ අනාවැකි
ජ්‍යොතිෂය සහ මරණය
අධ්‍යාපනය සඳහා වාස්‌තු විද්‍යාව
බ්‍රහ්ම පාදය
  • පොරොන්දම් බැලීම
  • කේන්දර සෑදීම
  • සුබ නැකත්
  • බබාට නමක්
  • සුබ කටයුතු සඳහා චාරිත්‍ර
  • සිහින පලාපල
  • පෙරමග සුබ නිමිති
  • පෙරමග අසුබ නිමිති
  • ලග්න වල ස්වභාවය
  • සූනන් කෑ ගැසීමේ පලාපල
  • සූනන් ඇඟ වැටීමේ පලාඵල
ශ්‍රී ලංකාවේ හොඳම විශ්වාසදායී ජ්‍යොතිෂ්‍ය සේවය | Best reliable Astrology service in Sri Lanka
Sri Panchayudha Astrology Service

Sri Panchayudha Astrology Service

  • Porondam
  • Horoscope
  • Lagna Palapala
  • Baby Names
  • Good Times

News and Articles

  • අකුරු කියවීම
  • මැණික් භාවිතය පරිස්සමෙන්
  • ශනි මංගල ‌‌දෝශය
  • About Us
  • Contact Us
  • Cart
  • Items
© 2008 - 2023 SUNPRESS™ සියලුම හිමිකම් ඇවිරිණි. කතෘ අවසරයකින් තොරව මෙහි කිසිදු බුද්ධිමය දේපලක් උපුටා ගැනීම හෝ තෙවන පාර්ශවයේ යෙදවුමක් සඳහා භාවිතා කිරීම සපුරා තහනම් වේ.
      පොරොන්දම්
      කේන්දර