ජ්‍යෝතිෂ්ශාස්ත්‍රීය වශයෙන් තබනු ලබන නම් වල ගැබ්ව ඇත්තේ ලස්සනම පමණක් නොවේ. එකී නාම ඔබේ දරුවාගේ ඉරණම, විශ්වය සමඟ සමපාත කරනු ඇත. එහිදී ඔවුන්ගේ ලග්නය, නක්ෂත්‍රය සහ ග්‍රහ බලපෑම් ප්‍රධාන කොට සලකයි. ඊට සිංහල භාෂාවේ (Sinhala Language) පොහොසත්කම ඒකාබද්ධ වූ කල්හි අද්විතීය වේ. ඔබේ දරුවාට ධනාත්මක බව, විශ්ව ශක්තියද ළඟා වේ. ඉන්, අරමුණු සහිත ජීවිතයේ හොඳ ආරම්භයද ලබා දෙයි.
දරුවකුගේ උපන් දවස, ලග්නය සහ නැකත අනුව නාමකරණය සිදු කෙරේ. මෙය අතීතයේ සිට ජ්‍යොතිෂ්‍ය සිද්ධාන්ත මත පදනම්ව සිදුවන්නකි. එම නිසා බබාට නමක් තබන විට සුබ අකුරු භාවිතා කළ යුතුය. ගණ පිහිටුවා (පූර්ණ), අර්ථාන්විත අලුත් ලස්සන නම් (බබාට නමක් සිංහල) තෝරා ගැනීම වැදගත්ය. ජ්‍යොතිෂය මත පදනම්ව සකස් කල නමක් දරුවාට ඉතා සුබය. එය දරුවාගේ කේන්ද්‍ර බලයට අමතර රුකුලක් ගෙන දෙයි. මෙය දරුවාගේ පෞර්ෂ සංවර්ධනයට සහ අනාගතයට මනා පිටිවහලකි. අසුබ ගණ සහිත නමක් තැබීමෙන් දරුවාගේ පෞර්ෂය අඩාල විය හැක. ලොව සාර්ථක වූ බොහෝ දෙනා නිවැරදි නාමකරණයකට යටත්වූ අයයි. උදාහරණ ලෙස මයික්‍රෝසොෆ්ට් සහ ෆේස්බුක් වැනි ආයතන පෙන්වා දිය හැක. බිල් ගේට්ස් සහ ධම්මික පෙරේරා වැනි අයද ඊට නිදසුන්ය.
නමේ ගණ බැලීම හෙවත් ගණ පිහිටුවීම නිවැරදිව සිදුකල යුතුය. එය ඉතා සූක්ෂමව සිදුකල යුතු වූවක් වන අතර මූලිකවම එහි ගලනය ස්ථාපිත කල යුතුය. නමක අක්ෂර වින්‍යාශය (Namata Akuru.) පසුවට බැලිය යුතුය.
දරුවාගේ නම කිසිවිටෙක විහිලුවකට ලක් නොවිය යුතුය. එබැවින් යටි අරුත් නැති, අනාගතයට ගැලපෙන අර්ථවත් නමක්ම දරුවාට තබන්න. බබාට ලස්සන සිංහල නමක් (Babata Lassana Sinhala Namak.) ඊට මනා පිටිවහලක් වේ.
දුවට පුතාට නම් තැබීම (Duwata Puthata Nam Thabima.) සිදුකරන විට වැඩිහිටි ඔබට එය කියවීමට පහසු විය යුතුය. එසේම දරුවාගේ පාසල් අවධියේදී යහළුවන්ටද එය පහසු විය යුතුය. එබැවින් පහසුවෙන් ඇමතිය හැකි නමක් තෝරාගන්න.
සිංහල යනු අලංකාරවත්, ඉපැරණි සහ පොහොසත් භාෂාවකි. එය අර්ථවත් හා අද්විතීය සිංහල ළදරු නම් නිර්මාණය කිරීමෙහිලා මනා පිටිවහලක් වේ. සම්ප්‍රදාය, සංස්කෘතිය සහ පෞර්ෂය කැපී පෙනෙන ආකාර ගොඩනගයි. බබාලාගේ නම් (Babalage Nam.) යන කියමනට මනා අරුතක්ද එක් කරයි. සිංහල බිළිදු නාම සඳහා වටිනාකමක් එක් කරන ආකාර මෙසේය.
සිංහල අකුරු (Sinhala Letters.) සබැඳි වචන රාශියකට හොඳ අර්ථයන් ඇත. එය ළදරු නම් (Babata Nam.) සඳහාද පරිපූර්ණ වේ. ඒවාට බොහෝ විට කථා ඉතිහාසයන් පවතී. සාහිත්‍යමය සහ අධ්‍යාත්මිකත්වයද එසේමය. එමගින් දෙමව්පියන්ගේ අභිප්‍රාය ඉෂ්ඨ කර ගැනීමටද ඉඩ සලසයි.
සිංහල අක්ෂර, අලංකාරජනක සුසංයෝගී නම් (Meaningful Baby Names.) නිර්මාණය කරයි. සංයුක්ත ක්‍රමය භාවිතා කරමින්, භාවිතයට පහසු සහ හොඳ ශබ්දයක් (Easy Pronounce.) ඇති කරයි. සිංහල ස්වර සහ ව්‍යාංජනාක්ෂර මනා සංයෝජනයෙන් යුතුව ක්‍රියා කරයි.
සිංහල භාෂාව සහ ජ්‍යොතිෂ්ශාස්ත්‍රානුකූල (Astrological.) මිශ්‍රණය ප්‍රධාන වේ. එය වාසනාවන්ත අකුරු, ග්‍රහ බලපෑම මොනවට පැහැදිලි කරයි. පහසුවෙන් නම් නිර්මාණයටද ඉඩ සලසයි. ජ්‍යොතිෂ්‍ය (Astrology.) නීතිරීති ඉහල වේ. නමුදු සිංහලය විවිධාකාර බැවින් ඊට නිදහසක් ලැබේ.
ඉරිදා - අ, ආ, ඉ, ඊ, උ, ඌ, එ, ඒ, ඔ, ඕ |. සඳුදා - ය, ර, ල, ව, ශ, ෂ, ස, හ, ළ |. අඟහරුවාදා - ක, ඛ, ග, ස, ධ |. බදාදා - ට, ඨ, ඩ, ඪ, න |. බ්‍රහස්පතින්දා - ත, ථ, ද, ධ, ණ |. සිකුරාදා - ච, ඡ, ජ, ඤ |. සෙනසුරාදාට - ප, ඵ, බ, භ, ම.
මේෂ - අ, ආ, ශ |. වෘෂභ - ඉ, ඊ, උ, ෂ |. මිථුන - ඌ, සෘ, සෲ, ස |. කටක - එ, හ |. සිංහ - ඵෙ, ඕ, ඖ, ළ |. කන්‍යා - අං, අඃ |. තුලා - ක, ඛ, ග, ස, ධ |. වෘශ්චික - ච, ජ, ජ, ඣ, ඤ |. ධනු - ට, ඨ, ඩ, ඪ, ණ |. මකර - ත, ථ, ද, ධ, න |. කුම්භ - ප, ඵ, බ, භ, ම |. මීන - ය, ර, ල, ව.
භූමි ගණය ("ම" ගණය) - ගුරු 3 - බුධ හිමියි - ජය. දේව ගණය ("න" ගණය) - ලඝු 3 - ගුරු හිමියි - ආයුෂ. චන්ද්‍ර ගණය ("බ" ගණය) - ගුරු 1 ලඝු 2 - සඳු හිමියි - යසස්. ජල ගණය ("ය" ගණය) - ලඝු 1 ගුරු 2 - ශුක්‍ර හිමියි - වෘද්ධි. සුර්ය ගණය ("ජ" ගණය) - ලඝු-ගුරු-ලඝු - රවි හිමියි - රෝග. අග්නි ගණය ("ර" ගණය) - ගුරු- ලඝු - ගුරු - කුජ හිමියි - නෂ්ට. වායු ගණය ("ස" ගණය) - ලඝු 2 ගුරු 1 - ශනි හිමියි - මරණ. ආකාශ ගණය ("ත" ගණය) - ගුරු 2 ලඝු 1 - රාහු හිමියි - හානි.
අරුත්බර සිංහල බිළිඳු නාම නියැඳි.
(Meaningful Sinhala Baby Names Samples).
පිරිමි (Puthata) සහ ගැහැණු (Duwata) ළමුන් සඳහා සුබ ගණ පිහිටුවා සකස් කළ, අරුත්බර සිංහල ළදරු නාම (Lassana Sinhala Nam) සාම්පල් කිහිපයක්. සියලුම නම් ජ්‍යෝතිෂ සිද්ධාන්ත මත පදනම් වී ඇත.