Porondam.lk_logo_desktop_200Porondam.lkPorondam.lk_logo_desktop_200Sri Panchayudha Astrology Service Porondam.lk
  • නිවහන
  • පොරොන්දම්
  • හඳහන්
  • නැකත්
  • බිළිඳුු නාම
  • නිවහන
  • පොරොන්දම්
  • හඳහන්
  • නැකත්
  • බිළිඳුු නාම
✕

ශනි මංගල ‌‌දෝශය

shani-mangala-dhoshaya-doshaya-ශනි-මංගල-‌දෝශය-‌දෝෂය

සරලවම කිවහොත් ශනි මංගල යෝගය යනු ඔබගේ ‌කේන්දරයේ සෙනසුරු ග්‍රහයාත් අඟහරු ග්‍රහයාත් සංයෝගව එකම ‌කොටුවේ පිහිටීම හෝ සම සප්තමව ‌හෙවත් එකිනෙකට ප්‍රති විරුද්ධව එකිනෙකාට දෘෂ්ඨි ‌හෙලීමයි. ග්‍රහ ගතිගුණ ගත්කල ශනි ‌හෙවත් සෙනසුරු යනු සාමාන්‍යයෙන් ඉරුණු ඇඳුම් වලට කැමති, අපිරිසිදු වයස්ගත අදහස් නිතර ක්‍රියාත්මක වන විවාහය අගය නොකරන ග්‍රහ‌ෙයෙක් වන අතර කුජ යනු ප්‍රියමනාප, පිරිසිදු එඩිතර, විවාහය සම්බන්ධ කටයුතු කාරණා වලදී ඉමහත් උනන්දුවෙන් කටයුතු කරන ‌සෙනසුරුට ග්‍රහයාට හාත්පසින්ම ප්‍රතිවිරුද්ධ අදහස්‌ ඇති ග්‍රහයෙකි. ‌දල වශයෙන් ඕනෑම තත්ත්වයකදී එකිනෙකට විරුද්ධව සිදුවන එකතු වීම අසාර්ථක අයහපත් ප්‍රතිඵල ‌‌‌ගෙන දීමට ඉඩ ප්‍රස්ථාව ඉතා ඉහල ‌‌වේ.

විවාහයේ දී වැදගත්ම ග්‍රහයා වන කුජ මංගල කාරණා ඉක්‌මන් කිරීම, ප්‍රමාද කිරීම, අසාර්ථක කිරීම, වෙන් කිරීම සම්බන්ධයෙන් ප්‍රමුඛස්ථානයක් ගන්නා බැවින් එය මංගල ග්‍රහ ලෝකය ‌ලෙසද ‌නම් දරයි. එබැවින් ‌‌‌මෙම ග්‍රහයන් ‌දෙදෙනාගේ ‌යෝගය ශනි මංගල ‌‌හෙවත් කුජ ශනි ‌යෝගය ‌‌ලෙසද හදුන්වයි. ජ්‍යොතිෂ්ශාස්ත්‍ර මතය අනුව එම පිහිටීම විවාහයට තරමක් ප්‍රබල බලපෑම් එල්ල කල හැකි ‌යෝගයක් බැවින් එය දෝශයක් වන බවයි.

පොරොන්දම් පරීක්ෂාවේදී එක්‌ කේන්දර සටහනක ‌මෙය පිහිටා ඇත්නම්, අනෙක්‌ ජන්ම පත්‍රයේ එය භංග වීමට ‌හෙවත් ‌එම දෝෂය කැපී යාමට අවශ්‍ය ග්‍රහ පිහිටීම් නොතිබුණොත් එම සම්බන්ධය අසාර්ථක වීමට ‌හෝ ඊට නරක බලපෑම් ඇති කිරීමට බොහෝ ඉඩකඩ ඇත. පවුල් අවුල්, ආරවුල්, අසමගිකම, හැරයැම, නීති ගැටළු, වැන්දඹු වීම, දික්‌කසාද වීම, අයහපත් හැසිරීම, උඩගුකම, තනි මතයේම කටයුතු කිරීම ආදී වූ කාරණා වලට මුහුණ පෑමට සිදු වීම ‌මෙහිදී ‌පෙන්වා දිය හැකිය.

තරමක් හෝ අස්වැසිල්ලක් වන්නේ හඳහන් පත්‍රයේ අංක 2, 3, 6, 9, 10 සහ 11 යන ‌කොටු වලදී ශනි මංගල යෝගයේ බලපෑම අන් ස්ථාන හා සංසන්දනය කිරීමේදී එතරම්ම අයහපත් නොවන බවද යම් යම් ‌ජ්‍යොතිෂ්‍යය සෘෂිවරුන්‌‌ගේ පොත පතෙහි සඳහන් ‌වී තිබීමයි.

කුජ ශනි ‌යෝගය පිහිටන ආකාර

ශනි මංගල ‌‌දෝශය භංග වන ආකාර

  • පොරොන්දම් ගැලපීමේදී එක් ‌කේන්දරයක ශනි මංගල ‌යෝගය පිහිටා ඇත්නම් අනෙක්‌ කේන්ද්‍රයේ කුජ ශනි ඒ ආකාරයෙන්ම යෝගව කේන්ද්‍රයේ කොතනක හෝ පිහිටා ඇත්නම් දෝෂය භංග වේ.
  • සෙනසුරු සහ අඟහරු යන එකිනෙකා ග්‍රහ දෘෂ්ටියකින් සම්බන්ධ වී ඇත්නම් ්ය ශුන්‍ය වේ.
  • කේන්ද්‍රයේ කුජ සිටි තැනින් 4 වැන්නේ, 7 වැන්නේ හෝ 8 වැන්නේ ශනි ග්‍රහයා සිටීමෙන්ද ‌දෝශය විනාශ ‌වේ.

කෙසේ නමුත් පොරොන්දම් පරීක්‍ෂාවේ දී මෙම ‌දෝශය සම්බන්ධයෙන්ද අවධානය යොමු කිරීම වැදගත් ‌වේ.

Thank you for reading!

Share
17

Related posts

ග්‍රහ අපල මැණික් ප්‍රතිකාර gems for astro planets

මැණික් භාවිතය පරිස්සමෙන්


Read more
මරණය-සිදුවන-ආකාරය

ජ්‍යොතිෂය සහ මරණය


Read more
පොරොන්දම්-ගැලපීම-Porondam.lk

විවාහය සහ පොරොන්දම් පරික්ෂාව


Read more
malwaraya-malvara-මල්වරය-මල්වර-චාරිත්‍ර

මල්වර චාරිත්‍ර


Read more

මල්වර චාරිත්‍ර
නමේ මුල් අකුරේ අනාවැකි
කාල සර්ප යෝගය
අකුරු කියවීම
ගෘහ අංග ස්‌ථානගත කිරීම
ශනි මංගල ‌‌දෝශය
ජ්‍යොතිෂය සහ මරණය
ජීවිතයට මැණික්‌
අධ්‍යාපනය සඳහා වාස්‌තු විද්‍යාව
විවාහය සහ පොරොන්දම් පරික්ෂාව
මැණික් භාවිතය  පරිස්සමෙන්
කුජ ‌භෞම දෝශය
ලග්න වලට සුබ මැණික්
හතර කේන්දරය පාලු වීම
බ්‍රහ්ම පාදය
  • පොරොන්දම් බැලීම
  • කේන්දර සෑදීම
  • සුබ නැකත්
  • බබාට නමක්
  • සුබ කටයුතු සඳහා චාරිත්‍ර
  • සිහින පලාපල
  • පෙරමග සුබ නිමිති
  • පෙරමග අසුබ නිමිති
  • ලග්න වල ස්වභාවය
  • සූනන් කෑ ගැසීමේ පලාපල
  • සූනන් ඇඟ වැටීමේ පලාඵල
ශ්‍රී ලංකාවේ හොඳම විශ්වාසදායී ජ්‍යොතිෂ්‍ය සේවය | Best reliable Astrology service in Sri Lanka
Sri Panchayudha Astrology Service

Sri Panchayudha Astrology Service

  • Porondam
  • Horoscope
  • Lagna Palapala
  • Baby Names
  • Good Times

News and Articles

  • අකුරු කියවීම
  • මැණික් භාවිතය පරිස්සමෙන්
  • ශනි මංගල ‌‌දෝශය
  • About Us
  • Contact Us
  • Cart
  • Items
© 2008 - 2023 SUNPRESS™ සියලුම හිමිකම් ඇවිරිණි. කතෘ අවසරයකින් තොරව මෙහි කිසිදු බුද්ධිමය දේපලක් උපුටා ගැනීම හෝ තෙවන පාර්ශවයේ යෙදවුමක් සඳහා භාවිතා කිරීම සපුරා තහනම් වේ.
      පොරොන්දම්
      කේන්දර