Porondam.lk_logo_desktop_200Porondam.lkPorondam.lk_logo_desktop_200Sri Panchayudha Astrology Service Porondam.lk
  • නිවහන
  • පොරොන්දම්
  • හඳහන්
  • නැකත්
  • බිළිඳුු නාම
  • නිවහන
  • පොරොන්දම්
  • හඳහන්
  • නැකත්
  • බිළිඳුු නාම
✕

මැණික් භාවිතය පරිස්සමෙන්

ග්‍රහ අපල මැණික් ප්‍රතිකාර gems for astro planets

මැණික්‌ කෙනකුගේ ජීවිතය බැබළවීමට මෙන්ම විනාශයට ද හේතු වෙයි. “හෝප් දියමන්තිය” මිනිසුන් විනාශ කළේය. ගමන් මැණික්‌ නමින් විනාශකාරී මිණිකැටයක්‌ ද මහපොළව යට තිබේ. පුද්ගලයාගේ ග්‍රහ බලය අනුව මැණික්‌ ලාභ ලබයි. මැණික්‌ හා ග්‍රහ වස්‌තූන් අතර බැඳීමක්‌ වෙති. තමන්ට හොඳින්ම ගැලපෙන මැණික්‌ වර්ගය දැයි ද තේරාගත් ගල පළුදු නැති උසස්‌ ත්තත්වයේ මැණිකක්‌ද යන්නද මුලින්ම නිශ්චය කර ගැනීම අත්‍යාවශ්‍ය වන්නේය. ග්‍රහ අපලයක දී පළඳින මැණික පළුදු නැති හොඳ ගලක්‌ වීමද අත්‍යාවශ්‍යය නැතහොත් බිඳීගිය කැඩපතින් මුහුණ බලනවිට විකෘතිවී පෙනෙන්නාක්‌ මෙන්ම විකෘති වූ කිරන ශරීරයට ඇතුළුවීමෙන් ඉහත දැක්‌වු ගැටලුවම ඇතිවීමට ඉඩ තිබේ. මැණික නියමිත රසායනාගාර පරික්‍ෂණයට ලක්‌කර බලා නිශ්චය කර ජන්ම පත්‍රයේ බලවත් හා දුර්වල ග්‍රහයන් හඳුනාගෙන ඒ් අනුව භාවිතා කිරීම ඉතා වැදගත් වේ. මැණික්‌ යනු බොහෝ ශුභඵල, නිරෝගී භාවය හා යහපත් මානසික තත්ත්වයන් ලබාගත හැකි ඛනිජ වර්ගයකි. ඒවා එතරම් මිල අධික වන්නේද එබැවිනි.

වැරදි මැණිකක්‌ පැළඳීමෙන් නැති අපලද ඇතිවන බැවින් කේන්ද්‍ර පරීක්‍ෂාවේදී එතරම් බරපතළ බවක්‌ නොපෙන්වන අපලයකින් ජන්මියා පෙලීමට ප්‍රධාන හේතුව අශුභ ඵලදායක මැණිකක්‌ පැළද සිටීම බවද අනාවරණය වී තිබේ. නිතර නිරීක්‍ෂණය කිරීමට ලැබුණු හා සේවාදායකයින් විසින් ස්‌වකීය අද්දැකීම් හෙළි කිරීමෙන් තහවුරු කරගත් කරුණක්‌ බැවින් මැණික්‌ පැළදීම නිසි ලෙස කලයුතු අතර එසේ නොමැති නම් එසේ නොකර සිටීම යහපත්ය.

බොහෝ ස්‌වර්ණාබරණ වෙළෙසල්වල මැණික්‌ ගල් තෝරාගැනීමට ඇත්තේ සතියේ දින හතට නියමිත මැණික්‌ හෝ ලග්න දොළහට,  උපන්දිනයට හෝ ලග්නයට අදාළ මැණික තෝරා ගැනීමටය. තවද සමහර දෛවඥ මහතුන් විසින් බොහෝ විට කරන්නේ ගෝචර ග්‍රහ චාරය අනුව හෝ දශාව අනුව අපල කරනු ලබන ග්‍රහයාට හිමි මැණික්‌ ගලක්‌ පැළඳීමට නිර්දේශ කිරීමයි. එමගින් බොහෝ දුරට එය පළඳින සේවාදායකයාට නොතිබුනු සෞඛ්‍ය ගැටලුවක්‌ හෝ වෙනත් අපලයක්‌ ඇතිවීමට ඉඩ තිබේ. ඕනෑම මැණිකක්‌ පළඳින කෙනෙකුට එය පළදින ලද දිනයේ සිටම පෙර නොතිබූ ග්‍රහ බලපෑමක්‌ ඇතිවෙන්නට පටන්ගනී. එය අනිවාර්යය. බොහෝ විට මෙම බලපෑම ඇති කරන්නේ ශාරීරික හා මානසික සෞඛ්‍ය තත්ත්වය කෙරෙහි වනු ඇත.

පැරසිටිමෝල් පෙත්තක්‌ බීමට ගන්නා මෙන් අපලයට කියා කාකනිල් පළඳින අය බහුල ලෙස දක්‌නට ලැබේ. එහෙත් එයින් සුබපල ලැබෙන්නේ උපතින් ශනි ග්‍රහයා බලවත්ව සිටි කෙනෙකුට පමණි. උපතින් ශනි නීච හෝ දුර්වලව සිටියේ නම් කාකනිල් ගල පැළඳගත් දිනයේ සිටම සෙනසුරු අපලය දෙතුන් ගුණයකින් ජන්මියා පෙළනු ඇත.

මේ ආහාරයටම අනෙකුත් ග්‍රහ අපලවලට මැණික්‌ පළඳින විටද පරීක්‍ෂාකර බැලිය යුතුය. උපතින් රවි ග්‍රහයා දුර්වල කෙනෙකු පද්මරාග ගලක්‌ පැළඳ සිටීනම් ඔහුට ඌෂ්නාධික රෝග, අධික රුධිර පීඩනය, හෘදයාබාද ඇතිවීමට ඉඩ තිබේ. ඒ අතර රැකියා අංශවල උසස්‌ අය අමනාපවීම උසස්‌වීම් නොලැබීම, ආදි අපල ඇති කරයි. උපතින් සඳු දුර්වල අයෙකු චන්ද්‍රකාන්ති හෝ මුතු පැළඳීම ජන්මියා පීනස හා සෙම් රෝගයකින් පෙළෙන කෙනෙකු කිරීමට ඉඩ තිබේ. ඔහු හෝ ඇයගේ මානසික තත්ත්වයද දුර්වල වනු ඇත. උපතින් කුජ දුර්වල නම් රතු ගලක්‌ පළඳීන විට ක්‍ෂණික කෝපය හා එමගින් ඇතිවන ගැටලුද, පච්ච ගලක්‌ පළඳින අයෙකුගේ බුධ නීචනම් විවිධ ස්‌නායු ආබාධ හා ගොතගැසීම වැනි දුර්වලතාද ඇතිවිය හැකිය. ගෝමේද ගලක්‌ පළඳින රාහු දුර්වල ජන්මියා අදූරදර්ශීව බව, අධික වියදම, මත්ද්‍රව්‍යවලට හුරුවීම අධ්‍යාපනයේ දුර්වලතා පෙන්වයි. කේතු දුර්වල අයෙකු වෛරෝඩි ගලක්‌ පළඳින විට ඉනෙන් පහළ කොටස්‌වල පාදවල ආබාධ පෝෂණ ඌණතා නිසා ඇතිවන රෝගයකින් පෙළෙනු ඇත.

විවිධ මාණික්‍යයන්ගේ රශ්මි කිරණ ශරීරයේ ඒ ඒ දුබලතාවන්ට ගුණදායක වෙයි. “නවරත්න” මුදුව “නවරත්න මාලය” විශේෂ යෙන්න ධනවත්  බව ආදිය පෙන්වීමට භාවිතා කලද සාමාන්‍යයෙන් ගුණයට වඩා අගුණයක්‌ සිදුවීමට හැකිය. එබැවින් උසස්‌ මිණිකැට වර්ග සිරුරෙහි පැළඳීමට නොගෙන කුඩාවට කපා ඔප දමා පළඳිනු ලැබේ. වෛරෝඩි, මරකත, රත, නිල, හා පුෂ්පරාග ලංකාවේ ලැබෙන ප්‍රධාන මැණික්‌ වර්ගයන්ය. තෝරමල්ලි, පදියම්, රබහ, පුනක්‌නම් ආදිය මැණික්‌ ආශ්‍රිතව ඇති පාෂාණයන්ය. ඉන්ද්‍රනීලය, චන්ද්‍රකාන්තිය, සූර්යකාන්තිය යන මැණික්‌ ලැබීම දුර්ලභ වෙයි. වෛරෝඩි ප්‍රධාන ලෙස කොටස්‌ හතරකි. වෛරෝඩි, සූර්ය, කෘෂ්ණ හා ක්‍ෂීර යනුවෙනි. 

හීන්ත දෝෂය 

මැණික්‌ ගල මුදුනේ තුඩුවක්‌ නොතිබීම හින්ත පටලය හීන්ත දොෂය වේ. මෙම ගලක්‌ පැළඳීම නිසා අසල්වාසීන් හා නෑදෑයන් අතර ගැටුම්වලට, නොයෙක්‌ විපත්වලට හේතු වනු ඇත. තවද කෙසෙල් බඩයක්‌ දෙකට කැපූ විට පවතින ආකාරයට මැණික්‌ ගලක්‌ නූල් ඇති ලෙස දැකීම ජීර්ජ දෝශයයි. මෙය ජීවිත හානියටත් එහා සමාන විපත් යෙදීමටත් හේතු වේ. මැණික්‌ ගලේ එක පැත්තක සුදු පැහැගැන්වී තිබීම ප්‍රකෘති පටලය නම් වේ. මේ ගල් වර්ගය පැළඳීම නිසා රැකියාවේ සතුරන් ඇතිවීමට, නොයෙකුත් කරදරවලට හේතු වේ.

නීල මණ්‌ඩලි දෝෂය

නීල මණ්‌ඩලි දෝෂය නිල් හා රතුපාට එකිනෙක ගැනී විරූපී වීමය. මෙවැනි ගල් පැළඳවීම ස්‌නායු දුර්වලතා, අංශභාගය වැනි රෝගවලට හේතුවනු ඇත. මැණික්‌ ගල්වල පවතින දොෂ අතර අප වැඩිපුරම කතා කරන නිල් මැණික්‌වල මැද රතුපාට ලේ බඳක්‌ වැටී ඇති අයුරින් වැලි කැට විසිරී ගිය ආකාරයට තිබීම සුදු හුනු පිරියම් කළ ලෙස තිබීම දැක්‌විය හැකිය. මෙම දොaෂ සහිත ගලක්‌ පැළඳීම නිසා වසරක්‌ තුළ මරණයට පත්වීමට ඉඩකඩ බොහෝය. ක්‍රම ක්‍රමයෙන් ආර්ථික පිරිහීමට ශරීරයේ සුවපත් කළ නොහැකි රෝග මතුවීමට ඉඩ ඇත. එසේම ආපෝ, තේජෝ, වායෝ ආදී ලෙස පංච මහා භූතයන්ට අනුවද මැණික්‌ වර්ග කෙරේ. ආපෝ ගුණය දියමන්ති හා මුතු ආදියෙන්ද, තේජෝ ගුණය රතු මැණික්‌ හා රතු කොරල් තුළ ද වායෝ ගුණය, නිල් මැණික්‌ තුළ ද, පඨවි ගුණය එමරල් තුළ ද, අකාශ ගුණය පුෂ්පරාග තුළ ද පවතී, මෙම ගුණයන් ජන්මියාට විවිධ ආකාරයට බලපායි. එම නිසා අපරික්‌ෂාකාරී ලෙස යෙදීම කළහොත් අනිටු පල විඳීමට සිදුවනු ඇත.

අසුබ ගෙන එන මැණික්‌

මැණික්‌ පැළඳීමේදී තමාට අසුබ පල උදාකරන ග්‍රහයාගේ මැණිකක්‌ පැළඳීම අසුබ පල තවත් වැඩි වීමට හේතු වේ. නිවැරැදිව කළ යුත්තේ යමකුට අසුබ පල ගෙන එන ග්‍රහයාට වඩා ප්‍රබල සුභ ග්‍රහයකුගේ කිරණ ලබා ගැනීමයි. මැණිකක්‌ පැළඳීමේදී වඩාත් පරීක්‌ෂාකාරී විය යුතුය. ඒ නිසා ජ්‍යෙතිෂ විද්‍යාව තුළ නිර්දේශිත ක්‍රම ගණනාවකින්  සුදුසු ක්‍රමයක්‌ අනුගමනය කර යමෙකුට මැණිකක්‌ පැළඳීම සුදුසු වේ. ඉන් ප්‍රධාන වන්නේ ගත කරන මහ දශාව අනුව මැණිකක්‌ පැළඳීම, තම රැකියාවට අදාළව පැළඳවීම, රෝගවලින් මිදීම සඳහා මැණිකක්‌ පැළඳවීම, පවතින නඩුහබ ගැටලු සඳහා ද ජන්ම පත්‍රයේ සුබ කාරක ග්‍රහයන් සොයා බලා ඒ අනුව පැළඳවීම, තම ඉෂ්ඨ දේවතාවාට හිමි මැණිකක්‌ පැළඳවීම, පංච මහා භූතයන්ට අනුව මැණිකක්‌ පැළඳවීම හෝ යෝග කාරක ග්‍රහයා අනුව සිදුකිරීමය. නමුත් මෙයිනුත් වඩාත්ම සුදුසු ක්‍රමවේදය තොරා බේරා ගැනීම බුද්ධියෙන් සහ පලපුරුද්දෙන් කල යුතුය.

මැණික්‌ ප්‍රතිකාර

මෙම ක්‍රමවේදය තාමසික ප්‍රතිකාරය නම් වේ. එනම් ග්‍රහයකු සතු බලය විනාශ කිරීමට ඔහුට වඩා බලවත් ප්‍රතිවිරුද්ධ ග්‍රහයා බලවත් කර ගැනීමය. යම් දරුවකුට ඉගෙන ගැනීමේ යම් දුර්වලකමක්‌ පවතී නම් එයට අදාළ ග්‍රහයාගේ බලය නැති කිරීමට සුදුසු ග්‍රහයකු බලවත් කළ යුතුය. එනම් ඒ සඳහා බුධ බලවත් කරගැනීමට හැකිය. යමකුට රැකියා ස්‌ථානයේ බාධක හිරිහැර පැමිණි විට ඊට හේතුවන කරුණු සොයා ඊට අදාළ ග්‍රහයාට අවශ්‍ය ආකාරයට ප්‍රතිකර්ම කළ යුතුය.

යමකුට මාරක අනතුරු තිබේ නම් ඊට අදාළ ග්‍රහයාගේ බලය බිඳ දැමීමටත් සුරාවට ලොල් වූ අයට ඉන් මිදීමටත් අකීකරු දරුවන් කීකරු කර ගැනීමටත් මෙම මැණික්‌ ප්‍රතිකාරය තුළ කළ හැකි දැ බොහෝය. මැණික්‌ පැළඳීම විශේෂයෙන්ම භාවිත කරනුයේ ව්‍යාපාරිකයන් සහ දේශපාලනයට සම්බන්ධ වූ පුද්ගලයන්ය. ඔවුන්ට මහජන ආකර්ෂණය ලබාගැනීමට මැණික්‌ පැළඳීම මහත් පිටුවහලකි. මෙම මැණික්‌ ප්‍රතිකාරය වඩා සුබ වන්නේය. තම අපලකාරක ග්‍රහයාට අනුව යන්ත්‍රයක්‌ පැළඳ සිටියදී හෝ වෙනත් යන්ත්‍රයක්‌ පැළඳ සිටියදී සමහර විට නොදැනුවත්ව කිල්ලට හසුවිය හැකිය. නමුත් මෙම මැණික්‌වලට එසේ නොවේ. වාහන කාරක සිකුරු දුර්වල තත්ත්වයක සිටී නම් කිසිදින වාහනයක හිමිකාරිත්වය ලැබීමට නොහැකිය. මෙවැනි ගැටලුවලටද මැණික්‌ ප්‍රතිකාරය සාර්ථක පල ලබා දෙයි. රෝග පීඩා සඳහා සහනයක්‌ ලබාගැනීමට මැණික්‌ පැළඳීම. හිතුමතේට එය නොකළ යුත්තකි. පවතින ග්‍රහ දෝශ අනුව, රෝගය අනුව පළඳින අත, ඇඟිල්ල ආදිය වෙනස්‌ වනු ඇත.

Gemstones are recommended based on your horoscope. It is believed that by wearing these prescribed gemstones you can overcome the obstacles in your chart. The cause of unhappy relationships or lack of success can be astrological. Wearing a certain gemstone may turn your love, life and career around so you can have a fulfilling relationship. Gems affect the subtle energy field, which emanates from every living thing, where our energetic and emotional habits, thought patterns, belief systems, and so on reside. The energy pattern of a gem directly affects one’s emotional and mental energies, and over a period of time this promotes long-lasting changes.

Thank you for reading!

Share
8

Related posts

shani-mangala-dhoshaya-doshaya-ශනි-මංගල-‌දෝශය-‌දෝෂය

ශනි මංගල ‌‌දෝශය


Read more
මරණය-සිදුවන-ආකාරය

ජ්‍යොතිෂය සහ මරණය


Read more
malwaraya-malvara-මල්වරය-මල්වර-චාරිත්‍ර

මල්වර චාරිත්‍ර


Read more
ලග්න-මැණික්-astrology-gems-rings-porondam.lk

ලග්න වලට සුබ මැණික්


Read more

විවාහය සහ පොරොන්දම් පරික්ෂාව
විවාහය සහ පොරොන්දම් පරික්ෂාව
අධ්‍යාපනය සඳහා වාස්‌තු විද්‍යාව
අධ්‍යාපනය සඳහා වාස්‌තු විද්‍යාව
කුජ ‌භෞම දෝශය
කුජ ‌භෞම දෝශය
ජීවිතයට මැණික්‌
ජීවිතයට මැණික්‌
කාල සර්ප යෝගය
කාල සර්ප යෝගය
ලග්න වලට සුබ මැණික්
ලග්න වලට සුබ මැණික්
මල්වර චාරිත්‍ර
මල්වර චාරිත්‍ර
ශනි මංගල ‌‌දෝශය
ශනි මංගල ‌‌දෝශය
නමේ මුල් අකුරේ අනාවැකි
නමේ මුල් අකුරේ අනාවැකි
මැණික් භාවිතය  පරිස්සමෙන්
මැණික් භාවිතය පරිස්සමෙන්
අකුරු කියවීම
අකුරු කියවීම
ගෘහ අංග ස්‌ථානගත කිරීම
ගෘහ අංග ස්‌ථානගත කිරීම
බ්‍රහ්ම පාදය
බ්‍රහ්ම පාදය
ජ්‍යොතිෂය සහ මරණය
ජ්‍යොතිෂය සහ මරණය
හතර කේන්දරය පාලු වීම
හතර කේන්දරය පාලු වීම
PrevNext
  • පොරොන්දම් බැලීම
  • කේන්දර සෑදීම
  • සුබ නැකත්
  • බබාට නමක්
  • සුබ කටයුතු සඳහා චාරිත්‍ර
  • සිහින පලාපල
  • පෙරමග සුබ නිමිති
  • පෙරමග අසුබ නිමිති
  • ලග්න වල ස්වභාවය
  • සූනන් කෑ ගැසීමේ පලාපල
  • සූනන් ඇඟ වැටීමේ පලාඵල
ශ්‍රී ලංකාවේ හොඳම විශ්වාසදායී ජ්‍යොතිෂ්‍ය සේවය | Best reliable Astrology service in Sri Lanka
Sri Panchayudha Astrology Service

Sri Panchayudha Astrology Service

  • Porondam
  • Horoscope
  • Lagna Palapala
  • Baby Names
  • Good Times

News and Articles

  • අකුරු කියවීම
  • මැණික් භාවිතය පරිස්සමෙන්
  • ශනි මංගල ‌‌දෝශය
  • About Us
  • Contact Us
  • Cart
  • Items
© 2008 - 2023 SUNPRESS™ සියලුම හිමිකම් ඇවිරිණි. කතෘ අවසරයකින් තොරව මෙහි කිසිදු බුද්ධිමය දේපලක් උපුටා ගැනීම හෝ තෙවන පාර්ශවයේ යෙදවුමක් සඳහා භාවිතා කිරීම සපුරා තහනම් වේ.
      පොරොන්දම්
      කේන්දර