හතර කේන්දරය පාලු වීම
හතර කේන්දරය පාලු වීම යනු කේන්ද්‍රස්ථාන (විෂ්ණු ස්ථාන) හෙවත් කේන්දරයක 1, 4, 7 සහ 10 යන කොටු තුළ ග්‍රහයන් හෝ කිසිදු ග්‍රහයකු පිහිටා නොමැති වීමයි. කේන්දරයක පළමු කොටුව හෙවත් ලග්නයෙන් පුද්ගලයකුගේ ආත්ම විශ්වාසය ධෛර්ය හා මුළු ජීවිතක්ෂය ගැන කියවේ. හතර වැන්නෙන් මව පිළිබඳව ද ගේදොර යාන වාහන වැනි සම්පත් පිළිබඳව ද කියෑවේ. 07 වැන්නෙන් විවාහය යුගදිවිය ගැන කියවෙන අතර 10 වැන්නෙන් පියා ගැන හා රැකියාව පිළිබඳව කියෑවේ. ඉහත දැක්වූ කරුණු මෙලොව වෙසෙන සෑම අයකුටම අත්‍යවශ්‍ය සාධක වේ.
Hathara Kendare Palu age meaning
ඉහත දැක්වූ කේන්ද්‍රස්ථාන වල ග්‍රහයන් පිහිටියේ නැතිවිට බොහෝ දෙනා හතර කේන්දරේ පාළු වීම අර්ථ දක්වන්නේ එවැනි අය කාලකණ්ණි බවත්, ලෞකික පැතිකඩට වඩා ලෝකෝත්තර පැතිකඩ සුබ බවත්ය. එවැනි අය ගිහි සැප අතහැර මහණ දම් පිරිය යුතුය යන්න බොහෝ දෙනාගේ නිර්දේශය වී තිබේ. නමුත් එම මතය සාර්ථක නොවන්නේ, උදාහරණයක් ලෙස දස වැනි කොටුවේ හැර 1, 4, 7 ස්ථානවල ග්‍රහයන් නොමැති නම් ඒ අයට රැකියාවක් පමණක් හිමි වී නිවාස, විවාහය වැනි සම්පත් අහිමි යැයි කිව නොහැකි බැවිනි. මීට අමතරව පහත තත්ත්ව හමුවේද එක එල්ලේ හතර කේන්ද්‍ර පාළුව භංග වේ.
ජන්ම පත්‍රයේ කේන්ද්‍රස්ථානවල ග්‍රහයන් නොමැති වුවත් එම ජන්ම පත්‍රයට අදාළ චන්ද්‍ර කේන්ද්‍රයේ කේන්ද්‍රස්ථානවල ග්‍රහයන් පිහිටා ඇත්නම් හතර කේන්දරේ පාලුව අහෝසි වේ.
එසේම ජන්ම පත්‍රයේ 05 වැන්න හා 09 වැන්න අධිපතීන් 05 වැන්නේ හෝ 09 වැන්නේ යෙදී තිබී නම් හතර කේන්ද්‍ර පාළුව අහෝසි වේ.
තවද 1, 4, 7, 10 යන කේන්ද්‍රස්ථානවලට අධිපති ග්‍රහයන් යහපත් තැන්වල පිහිටීමෙන්ද දෝෂ අහෝසි වේ.
කේන්ද්‍රස්ථානවල ග්‍රහයන් නොමැති වුවද අන් ස්ථානවල ග්‍රහයන් සංයෝග වීම සමසප්තම වීම වැනි තත්ත්වයක් තුළ සිංහාසන යෝගයක් වැනි තත්ත්වයන්ද ඇති කළ හැකි බැවින් දෝෂ අහෝසි වේ.
යෝගකාරක ග්‍රහයන් ලග්නාධිපති සමග 02, 11 වැන්නේ බලවත්ව ප්‍රබල ධනයෝග උදාකොට ලෞකික සැපසම්පත් වර්ධනය වේ.
නව වැන්නාධිපති හා දස වැන්නාධිපති මඟින් ඇතිවන ධර්මකර්මාධිපති යෝගය යෙදී තිබේ නම් ඉතාමත් යහපත් ජීවන තත්ත්වයක් ගෙන දේ. උදාහරණ ලෙස කන්‍යා ලග්න හිමියකුගේ ජන්ම පත්‍රය හතර කේන්ද්‍රය පාළු වුවත් සිකුරු, බුධ සංයෝගව පවතීනම් ධර්ම කර්මාධිපති රාජයෝගය උදාවේ.
එබැවින් හතර කේන්ද්‍රය පාළු වුවත් ඉහළ නිලතල දැරූවන් මෙන්ම සුප්‍රසිද්ධ ව්‍යාපාරිකයන්ද, දේශපාලනඥයන් ද උපත ලබා ඇති අතර ඒ අය ජීවිතයේ යහපත් අධ්‍යාපනයක් ලබා කීර්තිමත් පවුල් ජීවිතයත් ගත කරමින් සමාජයටද ඉමහත් සේවා සපයා තිබීමට උදාහරණ බොහෝ ඇත.
තවද හතර කේන්ද්‍රය පාළුව යෑයි කියා කුඩා දරුවන් එක එල්ලේ මහණ කිරීමද වරදකි. මහණ නොවී සිටීම පාපයක් නොවේ. හේතුව මහන යෝග නොමැති දරුවන් මහණවී සිවුරු පැළඳ වැරදි කටයුතු කිරීම, සිවුරු අත්හැර යැම් වැනි තත්ත්වයන් ඇති වුවහොත් එය බරපතල සාමාජීය ප්‍රශ්නයක් වේ. එබැවින් ඒ පිළිබඳව දැඩි අවධානයක යොමු කර ගතානුගතික අදහස් වලින් ඈත්ව අනවශ්‍ය මනස්ගාත සිත් තුලින් ඉවත් කර ගැනීම මෙන්ම හතර කේන්ද්‍රය පාළු වීම යන්න භීතිකාවක කර නොගෙන නොදන්නා අයවළුන් හට ඒ සම්බන්ධයෙන් දැනමිතිකම් ලබා දීමද ඉතා අගනේය…
Thank you for reading!