බ්‍රහ්ම පාදය
බ්‍රහ්ම පාදය හෙවත් මරු සුළිය හෝ මරුසුලම යනු නිවසක ප්‍රධාන මර්මස්ථානය වන අතර ප්‍රධාන වශයෙන් ශ්‍රියා කාන්තාවගේ බැල්ම ඇති වන්නේ මෙම ස්ථානයටයි. තවද වාස්තු විද්‍යාවට අනුව මහ පොළොවේ වැතිර සිටින වාස්තු පුරුෂයාගේ හෘදය බ්‍රහ්ම පාදයේ පිහිටා ඇත. ශ්‍රී පංචායුධ ජ්‍යොතිෂ සේවා මෙයින් ප්රයත්න දරන්නේ බ්‍රහ්ම පාදය පිළබදව මූලික දැනුම හෝ නොදැනුවත්කම නිසා අකාලයේ කරදර පීඩා වලට ගොදුරු වීමට ඇති ඉඩකට අවම කර ඔබගේ සහ යැපෙන්නන්ගේ ජීවිත සුරක්ෂිත කිරීමටයි.
දල වශයෙන් වැරෙන්ඩා, ඉස්තෝප්පු, විවෘත ගරාජ වැනි වැඩිපුර අවකාශයට විවෘත ස්ථාන මග හැර නිවසේ වැඩිම දිග ඇති මුළු හෝ ස්ථාන දෙක යා කරන රේඛා දෙක එකිනෙක කැපෙන ස්ථානය බ්‍රහ්ම පාදය හෙවත් නිවසේ මධ්‍ය ලක්ෂය වේ. බ්‍රහ්ම පාදයට හානි වන සේ නිවසක්. ව්‍යාපාරික ස්ථානයක්, විහාර ගෙයක්, දේවාලයක් හෝ කුමන දෙයක් වේවා එම ස්ථානයේ ගෘහාධිපතිට, පතිනියට හා දරුවන් සැමදෙනාටම බලගතු දෝෂ හෝ අනවශ්‍ය අපලද ගෙන දෙන බව පෙන්වා දිය යුතුය. සාමාන්‍යයෙන් බ්‍රහ්ම පාදය සක්‍රිය කිරීමට එම ස්ථානයේෙ බුදු පිළිමයක්, මල් පෝච්චියක්, ටීපෝවක් හෝ මල් දැමූ පිත්තල පාත්තරයක් ආදී වූ භාණ්ඩයක් ස්ථීරවම තබා එම ස්ථානය අවට පිරිසිදුව තැබිය යුතුය.
බ්‍රහ්ම පාදය මත කිසිදු ඉදිකිරීමක් සිදු නොකල යුතු අතර කබඩ් ආදී විශාල දෙයට යට කිරීම, කනුවක් බැඳීම වැනි දෑ සිදු කර එය අවහිර කිරීම ද එතරම්ම සුසුසු නොවේ. තවද බ්‍රහ්ම පාදයේ හරස් වන සේ බිත්ති ඉදිකිරීම, උළුවහු තැබීම වහලයේ කුරුපා බාල්ක හෝ වහලයේ ලීවල මුට්ටු යෙදීම, ඉහළ මාලයට නගින තරප්පු ඉදිකිරීම, පොකුණු, ළිං නාන කාමර, වැසිකිළි වළවල්, මුළුතැන්ගේ, නිදන කාමර වැනි දෑ සුදුසු නොවේ. නිවසට හමන සුළඟටත් වැටෙන ආලෝකයෙන් ආලෝකමත් කිරීමත් සිදු කල යුතු අතර හැකිතාක් බ්‍රහ්ම පාදය නොපෑගීමටට වග බලා ගැනීමද නුවණට හුරු වන අතර සාලය හරහා හෝ මෙය වැටී නිතරම පෑගී යන්නේ නම් ප්‍රේත හා අමනුෂ්‍ය අදී වූ දෝෂ ඇති වේ.
බ්‍රහ්ම පාදය පීඩා කර මැද මිදුල් සෑදීම ඉතාම බරපතල වාස්තු දෝෂයකි. එය ඉනෙන් ඉහළ රෝග ඇති කිරීමට හේතු වෙයි. මැද මිදුල ආසන්නයේ බ්‍රහ්ම පාදයේ පිහිටීම ජීවිත එළියට විසි කිරීමට සමාන වේ. ඒ නිසා නිවසක මැද මිදුල සාලයේම කොටසක් වන සේ සෑදීම නුවණට හුරු වේ. විශේෂයෙන් එලෙස බ්‍රහ්ම පාදයට පීඩා වීමෙන් පවුලේ සමඟිය නොමැති වීම, කෙතරම් උත්සාහ කළද දියුණුව අඩු වීම මෙන්ම බොහෝ දේ තිබුණද සැනසීමක් නොමැති වීම, නිවැසියන්ට නිතර නිතර රෝග වැලඳීම, ගෘහාධිපතිට පපුව ආශ්රිත රෝග, කල් පවතින සුව නොවන රෝග, ඔත්පළවීම්, අවයව කපාදැමීම්, අඹුසැමි ආරවුල් හා වෙන්වීම්, දරුවන්ගේ විවාහ බාධා, හරි හම්බ කරගන්නා ධන සම්පත් විනාශ වීම ආදී අපල මෙන්ම අකල් මරණ වලට පවා ඉඩ ඇත. බාල්ක හෝ උළුවහු ඇත්නම්, මුදුන් යට ලී ඇත්නම් දරුණු මාරාන්තික රෝග පවා වැලඳීමට ඉඩ ඇති අතර හදිසි මරණ වලට පවා කරුණු යෙදේ. බ්‍රහ්ම පාදය හරහා බිත්ති ඉදිකර ඇත්නම් සතුරු කරදර, නඩු හෝ බන්ධනාගාර ගතවීම්, රැකියා අහිමිවීම් වලට මුහුණ පෑමට සිදුවිය හැක.
බ්‍රහ්ම පාදය පීඩා වන්නේ නාන කාමරයකින්න නම් රැකියා වේ විවිධ ප්‍රශ්න ගැටලු ඇති වී ධනය නොලැබීම හෝ තිබෙන ධනය විනාශ වී පහතට වැටීම නැතිනම් නිවස පාළුවට යාම මත විකුණා දැමීමට පවා සිදු විය හැක. වැසිකිළියක් තිබුණොත් මුළු පවුලටම විනාශය ගෙනදීම පමණක් නොව මරණයට පවා ගොදුරු වේ. විශේෂයෙන්ම සියදිවි හානි කරගැනීම එල්ලී මරුමුවට පත් වීම සතුරන්ගෙන් ජීවිත හානිවීම අනිසි බාල්ක හෝ උළුවහු ඇත්නම් හදිසි මරණ පවා ඇති වේ. නිදන කාමරයකින් පීඩා වුවහොත් අඹුසැමි ආරාවුල්, ලිංගික අප්‍රාණිකත්වය, රාගික හැගීම් හීනවීම, දූදරුවන්ගේ විවාහ බාධා හා ස්ත්‍රි – පුරුෂ පරදාර සේවනයට යොමු කිරීම් ආදියට බොහෝ ඉඩ ඇත.
එබැවින් මෙවැනි දෝෂ ඔබේ නිවසටත් බලපා ඇත්නම් කේන්ද්‍රයන් බලා අය පස ඉහල යන පරිදී බ්‍රහ්ම පාදය වෙනස් ස්ථානයකට කේන්ද්‍රගත වන ආකාරයට නිවසට අමතර කොටසක් එක්කර ගැනීමට වගබලා ගන්න…
Thank you for reading!