Porondam.lk_logo_desktop_200Porondam.lkPorondam.lk_logo_desktop_200Sri Panchayudha Astrology Service Porondam.lk
  • නිවහන
  • පොරොන්දම්
  • හඳහන්
  • නැකත්
  • බිළිඳුු නාම
  • නිවහන
  • පොරොන්දම්
  • හඳහන්
  • නැකත්
  • බිළිඳුු නාම
✕

කුජ ‌භෞම දෝශය

manglik-mars-kuja-doshaya-කුජ-දෝෂය-porondam.lk
කුජ දෝශ පරික්ෂාව

අනාදිමත් කාළයක සිට ජ්‍යොතිෂය සම්බන්ධ පර්යේෂණාත්මක කරුණු වලින් පිළිඹිමු වූ ඉතාමත් ඉහල ප්‍රතිශතාත්මක සත්‍යක් නම් විවාහයට බොහෝ බලපෑම් කළ හැක්කේ අඟහරු ග්‍රහයාට බවයි. සාමාන්‍යයෙන් කේන්දරයක හත්වැනි කොටුව (7) විවාහය නියෝජනය කරයි. එම ස්‌ථානයේ කුජ හෙවත් අඟහරු ග්‍රහයා ස්ථාන ගත වී සිටීමෙන් සමහර අවස්‌ථාවන්හි විවාහ දිවියේ ගැටලු පැනනැගීමට අවකාශ නැත්තේ නොවේ. එම නිසා පොරාන්දම් ගැලපීම හෙවත් විවාහ සීහුම් පරික්ෂාවේ ප්‍රධානතම අංගයක් ලෙස මෙම කුජ දෝශ පරික්ෂාව සිදු කරයි. එබැවින් ශ්‍රී පංචායුධ ජ්‍යොතිෂ සේවාහි මෙම පැහැදිලි කිරීම මගින් ඔබගේ යුග දිවිය පිළිබදව වඩාත් පුළුල් ඇසකින් බැලීමට අවකාශ ලැබේ. තවද විවාහයේ සතුට සාමය, දියුණුව ආදිය පෙන්වන වෙනත් භාව හෙවත් කොටු කීපයක්‌ද ඇත. ඒවා 1, 2, 4, 7, 8, 12 ලෙස පෙන්වා දිය හැකි අතර එකී භාවයන් තුල කුජ ස්ථානගත වී සිටීම කුජ භෞම දෝෂය ලෙස හැඳින්වේ. මෙම පිහිටීමට බොහෝ දෙනෙක්‌ උවමනාවට වඩා සිතන්නට ගොස්‌ අනවශ්‍ය සිත් තැවුලක්‌ බවට පත්කරගෙන ඇති බව පෙනේ.

කුජ 7 සිටීම විවාහයක්‌ සිදුකර ගැනීමට නොහැකි වේ යෑයි බියෙන් පසුවන සමහරු මංගල දැන්වීම්වල පවා කුජ හත යෑයි විශේෂයෙන්ම සඳහන් කරයි. ප්‍රධාන වශයෙන් කුජ හතට එවැනිම කුජ හත කේන්දරයක්‌ ගැලපීම යහපත්ය. එසේ නොමැති වූ විට එම දෝෂ භංග වන ආකාරයට වෙනත් කේන්දර ගැලපෙන අවස්‌ථා ඇත. බුද්ධිමත්ව එය තේරුම්ගෙන අනිසි බියෙන් තොරව පිළිගත හැකි පරිදී දෛවඥ උපදෙස් මත එම කටයුත්ත කරගත හැක. කුජ හතේ ඉන්නා පිරිමි සහ ගැහැණු යුගදිවි අරඹා කුජ දෝෂයේ අයහපත් ප්‍රථිඵල වලින් තොරව ජීවිතය ගත කල හැකි බැවින් පදනම් විරහිතව අනිසි බියෙන් කල්ගෙවීම අනුවණ කමකි.

පාපී ග්‍රහයකු වන්නේ කුජ ග්‍රහයා පමණක්‌ නොවේ. රවි, චන්ද්‍ර, ශනි, රාහු හා කේතු යන ග්‍රහයෝද පාපියෝ වෙති. මෙම භාවවල මොවුන් තැන්පත් වීමෙන් රවි දෝෂය, ශනි දෝෂය, රාහු දෝෂය ඇති වන බව බොහෝ අය නොසිතයි. එනම් 3, 6, 10, 11 යන උපචය භාව වල ඉහත පාපීන් සිටින විටද කුජ දෝශය ශුන්‍ය වන බැවින්ඇති වන ශුභ ඵල හේතුකොට ගෙන අදාල කුජ දෝෂය ඇති නොවේ.

කුජ ඉතා බලවත්ව යහපත් ලෙස පිහිටියේනම් ජන්ම හිමියා ධෛර්ය, නිර්භීත, ප්‍රගතිශීලී ශරීර සෞඛ්‍යයට හිතකර, පරසතුරන්ගෙන් ජයලබන ඉඩකඩම් භූමි ලාභ ගෙවල් දොරවල් ලබන තත්ත්වයන් උදාකෙරේ. එහෙත් කුජ අශුභ ලෙස පිහිටියේනම් හෝ එම ස්‌ථානවල තැන්පත් වූයේ නම් අහංකාරකම, දාමරික බව, ඇති කරන අතර එකී පුද්ගලයාගේ විනාශය ළඟාකරයි. ගෞරවය ආර්ථිකය සහ තත්ත්වය සුන්කර දමයි. තවද කුජ අශුභ වූ විට අඬදබර, අසමගිය, හදිසි අනතුරු ගිනි බය, ආදිය පමණක්‌ නොව මරණය ද ළඟා විය හැක. එබැවින් විශේෂයෙන්ම ස්‌ත්‍රීන්ට කුජ ශුභදායක ලෙස සිටීම ඉතා වැදගත්ය. 1, 2, 4, 7, 8, 12 භාවයන්හි වෙනත් පාපයින් සිටියද අශුභ ඵල ඇති කරයි. එහෙත් එම අශුභඵල භංගවන ක්‍රමද දක්‌වා ඇත. විවාහ පරීක්‍ෂා කිරීමේදී කුජ දෝෂය ඵල දෙන්නේ ඉතා කලාතුරකිනි. එම නිසා කුජ පිළිබඳ අනිසි බියක්‌ ඇතිකරගත යුතු නැත.

කුජ ගුරු හා සම්බන්ධවීමෙන් හෝ දෘෂ්ටි ගතවීමෙද කුජ දෝෂය භංගවේ. කුජ යම් කේන්ද්‍රයක 4, 7 භාවවල ස්‌වක්‍ෂේත්‍රව මේෂ වෘශ්චික මකරයේ උච්චයි, කටකයේ නීචයි යන රාශිවල ලග්නයෙන් චන්ද්‍රයාගෙන් සිකුරුගේ 7 වන්නේ කුජ සිටින විට දෝෂය භංගවේ. මේෂ, කටක, තුලා, මකර යන චර රාශියක්‌ වී ලග්න, චන්ද්‍ර ශ්‍රක්‍ර යන තිදෙනාගෙන් 1, 2, 4, 8, 12 යන භාවයක්‌ වී නම් එහි කුජ සිටින අවස්‌ථාවලදී භෞම ‌දෝෂය භංග ‌වේ. කුජ 1, 2, 4, 7, 8, 12 භාවවලදී බුධ සමග සංයෝගවී හෝ දෘෂ්ටි ලැබීම නිසාද කුජ දෝෂය ශුන්‍ය වේ.

මිත්‍රව ඇති රවි, චන්ද්‍ර, ගුරු යන ග්‍රහයන්ගේ රාශිවලදී ද කුජ දෝෂය නැත. කුජ දෙවැන්නේද බුධගේ රාශියක්‌නම් එවිටද දෝෂ නොමැත. දෙදෙනාගේම කේන්ද්‍රවල කුජ දෝෂය ඇතිවිට කුජ දෝෂය භංග වේ. ලේ ධාතුවට අධිපති ලෙස ගැනෙන්නේ කුජය. දෙදෙනකුගේ ලේ ධාතුව සමාන වීම විවාහ කටයුතුවලදී හොඳ ගැලපීමකි. කුජ දෝෂය ලග්නයේ චන්ද්‍රයාගේ හෝ සිකුරුගේ යම් කේන්ද්‍රයක නොවේ නම් එවැනි කේන්දර ගැලපෙන්නේ එවැනිම කුජ දෝෂ සහිත කේන්දරයක් සමග පමණි. ඒ් අනුව මහා ‌ජ්‍යොතිෂ්‍යයෙහි කුජ ‌දෝශය ශුන්‍ය වන ක්‍රම 22 ක් ‌පෙන්වා දී ඇති බැවින් කුජ ග්‍රහයා නිසා විවාහයකට ‌දෝෂය බලපාන්නේ ඉතාමත්ම කලාතුරකිනි.

කෙසේ නමුත් අඟහරුගේ බලපෑම ඔබගේ විවාහයටත් බලපා ඇත්දැයි ඉහත පොරොන්දම් බැලීම හරහා ඔබට පහසුවෙන් බලාගැනීමට අප විසින් අවකාශ සලසා ඇත.

Thank you for reading!

Share
43

Related posts

ග්‍රහ අපල මැණික් ප්‍රතිකාර gems for astro planets

මැණික් භාවිතය පරිස්සමෙන්


Read more
shani-mangala-dhoshaya-doshaya-ශනි-මංගල-‌දෝශය-‌දෝෂය

ශනි මංගල ‌‌දෝශය


Read more
මරණය-සිදුවන-ආකාරය

ජ්‍යොතිෂය සහ මරණය


Read more
පොරොන්දම්-ගැලපීම-Porondam.lk

විවාහය සහ පොරොන්දම් පරික්ෂාව


Read more

ශනි මංගල ‌‌දෝශය
කුජ ‌භෞම දෝශය
අධ්‍යාපනය සඳහා වාස්‌තු විද්‍යාව
ගෘහ අංග ස්‌ථානගත කිරීම
මල්වර චාරිත්‍ර
ලග්න වලට සුබ මැණික්
විවාහය සහ පොරොන්දම් පරික්ෂාව
අකුරු කියවීම
මැණික් භාවිතය  පරිස්සමෙන්
බ්‍රහ්ම පාදය
හතර කේන්දරය පාලු වීම
ජීවිතයට මැණික්‌
කාල සර්ප යෝගය
නමේ මුල් අකුරේ අනාවැකි
ජ්‍යොතිෂය සහ මරණය
  • පොරොන්දම් බැලීම
  • කේන්දර සෑදීම
  • සුබ නැකත්
  • බබාට නමක්
  • සුබ කටයුතු සඳහා චාරිත්‍ර
  • සිහින පලාපල
  • පෙරමග සුබ නිමිති
  • පෙරමග අසුබ නිමිති
  • ලග්න වල ස්වභාවය
  • සූනන් කෑ ගැසීමේ පලාපල
  • සූනන් ඇඟ වැටීමේ පලාඵල
ශ්‍රී ලංකාවේ හොඳම විශ්වාසදායී ජ්‍යොතිෂ්‍ය සේවය | Best reliable Astrology service in Sri Lanka
Sri Panchayudha Astrology Service

Sri Panchayudha Astrology Service

  • Porondam
  • Horoscope
  • Lagna Palapala
  • Baby Names
  • Good Times

News and Articles

  • අකුරු කියවීම
  • මැණික් භාවිතය පරිස්සමෙන්
  • ශනි මංගල ‌‌දෝශය
  • About Us
  • Contact Us
  • Cart
  • Items
© 2008 - 2023 SUNPRESS™ සියලුම හිමිකම් ඇවිරිණි. කතෘ අවසරයකින් තොරව මෙහි කිසිදු බුද්ධිමය දේපලක් උපුටා ගැනීම හෝ තෙවන පාර්ශවයේ යෙදවුමක් සඳහා භාවිතා කිරීම සපුරා තහනම් වේ.
      පොරොන්දම්
      කේන්දර