මල්වර චාරිත්‍ර
කුඩා දැරියකගේ මුල්ම ඔසප් වීම මල් වරය ලෙස හදුන්වනු ලබයි. ගැහැණු දරුවාගේ ජීවිතයේ සංක්‍රාන්ති කාලයක් බැවින් මේ කාලයේදී “දැරිය” හා “ළමිස්සිය” යන අවස්ථා දෙකටම අයිති වේ. මෙම කාලසීමාව තුළ තිබෙන අපල උපද්‍රව නිසා ඇයට ආරක්ෂාව අවශ්‍යය බැවින් මල්වර වූ දැරියක් දින 04 ක් පසුවන තෙක් තනි නොකර වැඩිහිටි කාන්තාවන්ගේ ආරක්ෂාව යටතේ තබාගත යුතුය. එහිදී පිරිමින්ගේ ඇස නොගැටෙන ලෙස තබා ගත යුතු අතර මෙම කාලය තුලදී මස්, මාළු, කරවල, බිත්තර වැනි පිලී ආහාර ලබාදීමෙන් වැළකිය යුතුවේ. දැරිය තනි නොකිරීමටත් විශේෂයෙන් පිටස්තර පිරිමින්ගේ අවධානයට ලක් නොවීමටත් වගබලා ගත යුතුමය.
ඔසප් වූ අවස්ථාවට අදාල වේලාව සටහන් කරගෙන නැකත් බැලීමට යා යුත්තේ අනිවාර්යෙන් වැඩිහිටි කාන්තාවක් සමග වන අතර බුලත් අතක් රැගෙන යාමට වගබලා ගත යුතුය. මොනම හේතුවක් නිසා හෝ පිරිමින් සමග නොයා යුතුය.
එහිදී බුලත් අත ලබාදී ඔබගේ කාරණය හා දැනගත් වේලාව හෝ හරියටම ෙනොදන්නේ නම් ආසන්න වේලාව දැනුම් දෙන්න. කෙසේ නමුත් ඒ මොහොතට තත්කාලයක් සාදා ඒ අනුව ඵලාපල කීම හා නැකත් දිනක් සොයා ගැනීම සපුරා වැරදි ක්රමයකි. ඉන් දැරියට බලවත් අසාධාරණයක් සිදුවනු අතර කල යුත්තේ දැනගත් වේලාව ඇසුරුකරගෙන දැරිය මල්වරවූ නිවරදි වේලාව සොයා ගැනීමය. එය ගණිත ක්‍රමයක් මගින් කල යුතු අතර තැකත සඳුදා, බඳදා, බ්‍රහස්පතින්දා හෝ සිකුරාදා දිනයක් වීම වඩා සුදුසුය.
සමහර විට නැකැත් නොමැති බව කියමින් දැරිය සති ගනන් තබා ගැනීම ඉතා අයහපත්වේ. ඉන් විෂබීජ පැතිරී දැරියට වෙන ආසාදන හෝ අසනීප ඇතිවිය හැක. දින 04 කට පසු එළඹෙන දිනයක දෝශ භංග වූ මුහුර්ථයකිිිින් දැරිය ස්නානය කල යුතුය.
දැරිය ස්නානය කරන දින එම ස්ථානය වටකර කොස් ගසක් නොමැතිනම් කිරි අත්තක් සිටුවා වෙනත් විකල්ප නොමැති අවස්ථාවල හෝ එසේ කිරීමට ඉඩපාඩු නොමැති අය නිවස තුල ඇති නාන කාමරය තුල කොස් අත්තක් ගසා සකසා ගන්න. ඖෂධ වට්ටෝරුව තම්බාගත් ජලය ප්‍රථමයෙන් මව හෝ නැන්දා විසින් දැරියගේ හිසට වක්කර කලය බිද දැමිය යුතුවේ. ඉන් පසු දැරියට නිදහසේ නා ගැනීමට ඉඩ සලස්වන්න.
මල්වර වූ අවස්ථාවේ දැරිය ඇදසිටි ඇදුම් හා පැලද සිටි රන් ආභරණ නිවැසියන් පාවිච්චියට නොගත යුතුයි. පෙර කාලයේ නම් ඒ දේවල් රෙදි නැන්දාට ලබාදුද මෙකල කාට හෝ පිටස්තර අයෙකුට ලබා නුවණට හුරුය.
ශුභ මුහුර්ථයෙන් නාවා නිවසට ඇතුල් වී එම දිනට අනුව වර්ණයකින් යුත් ඇදුමකිිිින් සැරසිය යුතුය. නිවසට ඇතුල් වීමේදී කැත්තකින් කොටා පොල් ගෙඩිය බිද දිය පිරුණ බදුනකින් මුහුණ බැලීමට සලස්වා එම ස්ථානයේ ඇති පොල්තෙල් පහන අතින් පවන් සලා නිවීමට සැලැස්වවිය යුතුය.
පසුව වැඩිහිටියන්ට බුලත්දී වැද නමස්කාර කල යුතුවේ. අණතුරුව වැඩිහිටි කාන්තාවන් 04 දෙනෙකු සමග හෝ සිය යහළු මිත්රාදීන්ත හතර දෙනෙකු සමග තේ මේසයට වාඩි වීමට සලස්වන්න.
මල් කුමාරියක් ලෙස සැරසුණු මල්වර වූ තැනැත්තිය සැබෑවින්ම මාතෘත්වයට සුදුසුකම් ලැබීම හෙවත් පරිණතභාවයට පත්වීම උරුම කර ගැනීම මෙහිදී සිදුවෙයි. එය පවතින ලෝක ධර්මතාව වන අතර ජෛව විද්‍යාත්මක සංසිද්ධියකි.
කෙසේ නමුත් මල්වරයෙන් පසුව ඇයට තුන්මාසයක් යන තුරු සුබ කටයුතු වෙනුවෙන් සම්බන්ධ වීම කිසි සේත් නොකල යුත්තේ දැරිය කිල්ලට හෙවත් අපිරිසිදුතාවයට පත්ව ඇති හෙයිනි. විශේෂයෙන් දෙවියන් පිදීම නොකල යුත්තේ දෙවියන් කෝප වීමෙන් දැරියට හෝ නිවැසියන්ට අයහපත් පුතිඵල ඇති කල හැකි හෙයිනි.
Thank you for reading!