නිවහන පුවත් පොරොන්දම් හඳහන් ළදරු නාම  නැකත් රාහු කාලය සිහින හුනු පලාපල චාරිත්‍ර සුබ නිමිති අසුබ නිමිති
නිවහන පුවත් පොරොන්දම් ගැලපීම හඳහන් පරික්ෂාව නැකත් (මුහුර්ථ) බිළිඳු නාම දවසේ රාහු කාලය සිහින වල තේරුම හූනු පලාපල චාරිත්‍ර වාරිත්‍ර පෙරමඟ සුබ නිමිති පෙරමඟ අසුබ නිමිති මංගල සේවය

බිලිඳු නාමකරණයේ ශ්‍රී ලාංකීය සන්නාමය

Babata Namak Sinhala - Porondam.lk

ආයුබෝවන්! හෙළ නමක ගුණ වරුණ

දෛවයේ කැඩපතවන් සිය නාමය බබාට නමක් (Babata Namak) යනු තම දිවි පවත්නා තෙක් සැප, බල, ප්‍රඥාව, ⁣ධෛර්ය වර්ධනය කරන්නකි. එමෙන්ම අලංකාර අරුත්බර නාමයක් (Lassana Nam) පෞරුෂය වර්ධනයට සෘජුවම බලපාන්නකි. එබැවින් එය සෙත් කවියක්ම විනා, වස් කවියක් නොවිය යුතුය. එයට හේතුව උපන් දා සිට අනන්ත වර පුන පුනා ගැයෙන එකම ශ්ලෝකයක් සේ වන බැවිනි.

දරුවාට නම් තැබීමේදී සැලකිය යුතු කරුණු

ආයුබෝවන්! බබාට නමක් (Babata Namak) තැබීමේදී බිළිඳාගේ අනාගත අභිවෘද්ධිය උදෙසා ජෝතිෂ්ශ්‍රාස්තානුකූලව සුබ අකුරුම (Namata Akuru) පමණක් නොව නිවැරදිව ගණ පිහිටුවීම සම්බන්ධයෙන්ද සුවිශේෂී අවධානයක් යොමු කල යුතුය. එලෙස ගණ බැලීමත් සමගම ඊට අනුරූපිව සම්පූර්ණ විය යුතු අක්ෂර ප්‍රමාණය පිළිබදවද විමසිලිමත් විය යුතුය. එම අක්ෂර මාලාවද තව දුරටත් විග්‍රහ කිරීමේදී අපායාක්ෂර, මනුෂ්‍යාක්ෂර සහ දිව්‍යාක්ෂර මෙන්ම කේන්දරයේ ග්‍රහ බලය අනුවද වර්ග කල හැක. ලොව පසු නොබැසූ සුපතල වෙළද නාම මෙන්ම බොහෝමයක් වැදගත් පුද්ගලයින්, චරිත නාම නොදැනුවත්ම හෝ සාර්ථකව ගණ බලා නිවැරදි අක්ෂර මාලාවනට යටත්වූ ඒවාය. උදාහරණ ලෙස මයික්‍රෝසොෆ්ට්, වට්ස්ඇප්, දම්රෝ, වයිබර්, ෆේස්බුක්, ඕක්රේ, සිංගර් මෙන්ම බිල් ගේට්ස්, ධම්මික පෙරේරා, ගෞතම් අන්දානී, එලෝන් මස්ක්, රොබට් ඩව්නි ආදී වශයෙන් පෙන්වා දිය හැක. එම කරුණු බොහෝමයක් සම්බන්ධව අවධානය යොමු කර ඔබගේ බිළිදා වෙනුවෙන්ම සකසන ලද අරුත්බර ළදරු නාම (Lassana Sinhala Nam) සහිත නම් වැළක් අපගේ හෙළ නමක ගුණ වරුණ වූ බිළිදු නාම සේවාව ඔස්සේ ඔබ වෙත ලබා දෙමු.

සුබ අකුරු සහ ගණ

උපන් දිනයට, ලග්නයට, දවසට සහ නැකතට ශුභ ඵල දෙන ආකාරයෙන් නමේ අකුරු (Namata Suba Akuru) පෙළ ස්ථාපිත කල යුතුය. අක්ෂර වින්‍යාශය අංක දෙක වන අතර නමේ ගණ පිහිටීම සූක්ෂමව ගලපා එහි ගලනය අංක එකට ස්ථානගත කල යුතුය. ඒ තුලින් දරුවාගේ (Babalage) ජීවිතයට අනිසි ලෙස බලපාන කටවහ ආදීය දුරු වීම මූලික වේ. එයින් අයහපත් දෝශ බොහෝමයක් භංග වන අතර දරුවාගේ පෞර්ෂ වර්ධනයටද එය බලපායි.

නමේ අර්ථය

අද සමාජය දරුවාගෙන් හෝ දෙමාපියන්ගෙන් දරුවාගේ නමේ අර්ථය විමසන්නට උත්සුක වන අවස්ථා එමටය. එබැවින් සිය බිළිදාට නම් තැබීමේදී (Babalata nam thabima) හොඳ අර්ථයක් ඇති අර්ථාන්විත නමක් (Lassana Namak) තැබීම ඉතා වැදගත්ය. එවැනි අවස්ථාවන්හිදී දරුවාට සාඩම්බරයෙන් සිය නමේ අර්ථය කිව හැකි වීම පූරුවේ වාසනාවකි. එමෙන්ම තමා පිළිබදව අභිමානයකින් කටයුතු කිරීමට හැකිද වේ.

කාලානුරූප බව

ඈත අතීතයේ චූලෝදර ආදී වූ නාම පසු කාලීනව පොඩි බණ්ඩාද විය. උඩරටදී එය පොඩි අප්පුහාමිද, මැද රටදී පොඩි මහත්තයාද විය. පහත රටදී පොඩි සිංඤෝ සහ පොඩි හාමිනේ ලෙසත් එය තවත් අලංකාර වී රුක්මණී, ප්‍රෙමදාසද ලෙසද විය. මෑත කාලීනව සමන්ත, සරත්, දිලේකා සහ ආකේෂ ආදී ලෙස යම් පරිණාමී ස්වරූපයකින් විකාශනය වීම සැලකිල්ලට ගෙන නම් සකස් කිරීමේදී කාලානුරූප විය යුතුය.

මුල් අකුරු

නම් ප්‍රකාශ කිරීමේදී මුලකුරු සමග නම යොදා ගන්නා අතර එය ලියූ විට පෙනෙන ආකාරය පිළිබදවද සලකා බැලිය යුතුය. උදාහරණ ලෙස M.A.D. Ratnayake යන නම කියවන අයෙකුට අදාල නම පිළිබඳව එකවර තේරුම් යන්නේ පිස්සු රත්නායක ලෙසටයි. එවැනි දේ මගහල යුත්තේ විශේෂයෙන් දරුවා වැඩිහිටි අවදියේද සමාජයේ විහිළුවකට ලක් වීමට ඉඩ ඇති හෙයිනි.

නමේ දිග

අනවශ්‍ය ලෙස දිගු වූ නම් දැමීමෙන් සිදු වන්නේ අන් අය කෙටි කර භාවිතා කිරීමට උත්සුක වෙයි. එවැනි අවස්ථාවන්හිදී නම විහිළු සහගත නමකට පරිවර්තනය වීමට බොහෝ සේ ඉඩ කඩ ඇත. එහිදී සෑමවිටම අකුරු වරදවා ලිවීමට හෝ වැරදි ක්‍රමයකට උච්චාරණය වීමට ඇති ඉඩ ප්‍රස්ථා ඉහල යනු ඇත. එම නිසා ඒ පිළිබදවද වඩා සැලකිලිමත් විය යුතු බව වටහා ගත යුතුය.

අනන්‍යතාවය

හැකි සෑම අවස්ථාවකදීම නිතර භාවිතයෙන් තොර වූ නාමයක් (Unique Namak for girls & Boys) භාවිතා කිරීම කාලෝචිතය. ඒ තුලින් සිය වටිනාකම නිරායාසයෙන්ම ඉහල යාමට සමත් වේ. මෙහිදී දරුවා හා දෙමාපියන්ගේ සුහදශීලී බවද වර්ධනය වේ. එකිනෙකා හා ලෙංගතුකම්ද වර්ධනය වේ. එබැවින් උච්චාරණයේදී ඉතා ආකර්ෂණීයව හා ප්‍රියමනාප ලෙස දරුවාගේ නම පිහිටුවීම ඔබ ගන්නා උත්කෘෂ්ඨ තීරණයකි.

ලස්සන ළදරු නමක මූලික ගුණාංග

සිත් ගන්නාසුළු බව. අර්ථවත් බව. මනහර බව. මිහිරියාව. උච්චාරණයේ පහසුව. වාසගමට අනුරූප වීම විශේෂ වේ. තවද සුබ ගණ පිහිටුවා සකස් කිරීමෙන් දිගාසිරි බව, දියුණුව. සහ ජනප්‍රියත්වය තහවුරු වීම වැනි කරුණු කාරණා නාමකරණයේදී (Nam Thabima) විශේෂයෙන් සලකා බලයි.

පුතාගේ දියණියගේ උපන් දවසට හිමි අක්ෂර

ඉරිදා - අ, ආ, ඉ, ඊ, උ, ඌ, එ, ඒ, ඔ, ඕ |. සඳුදා - ය, ර, ල, ව, ශ, ෂ, ස, හ, ළ |. අඟහරුවාදා - ක, ඛ, ග, ස, ධ |. බදාදා - ට, ඨ, ඩ, ඪ, න |. බ්‍රහස්පතින්දා - ත, ථ, ද, ධ, ණ |. සිකුරාදා - ච, ඡ, ජ, ඤ |. සෙනසුරාදාට - ප, ඵ, බ, භ, ම.

දුවට පුතුට උපන් ලග්නයට හිමි අකුරු

මේෂ - අ, ආ, ශ |. වෘෂභ - ඉ, ඊ, උ, ෂ |. මිථුන - ඌ, සෘ, සෲ, ස | කටක - එ, හ |. සිංහ - ඵෙ, ඕ, ඖ, ළ |. කන්‍යා - අං, අඃ |. තුලා - ක, ඛ, ග, ස, ධ |. වෘශ්චික - ච, ජ, ජ, ඣ, ඤ |. ධනු - ට, ඨ, ඩ, ඪ, ණ |. මකර - ත, ථ, ද, ධ, න |. කුම්භ - ප, ඵ, බ, භ, ම |. මීන - ය, ර, ල, ව..

ග්‍රහයන්ට හිමි අක්ෂර මාලාව

රවි - අ, ඉ, උ, එ, ඔ |. චන්ද්‍ර - ය, ර, ල, ව, ස, හ, ළ |. කුජ - ක, ඛ, ග, ග |. බුද - ට, ඨ, ඩ, ඪ, න |. ගුරු - ත, ථ, ද, ධ, ණ |. ශුක්‍ර - ච, ඡ, ජ, ද, ජ |. ශනි - ප, ඵ, බ, භ, ම..

ගණයන්ට හිමි පලාපල

භූමි ගණය ("ම" ගණය) - ගුරු 3 - බුධ හිමියි - ජය |. දේව ගණය ("න" ගණය) - ලඝු 3 - ගුරු හිමියි - ආයුෂ |. චන්ද්‍ර ගණය ("බ" ගණය) - ගුරු 1 ලඝු 2 - සඳු හිමියි - යසස් |. ජල ගණය ("ය" ගණය) - ලඝු 1 ගුරු 2 - ශුක්‍ර හිමියි - වෘද්ධි |. සුර්ය ගණය ("ජ" ගණය) - ලඝු-ගුරු-ලඝු - රවි හිමියි - රෝග |. අග්නි ගණය ("ර" ගණය) - ගුරු- ලඝු - ගුරු - කුජ හිමියි - නෂ්ට |. වායු ගණය ("ස" ගණය) - ලඝු 2 ගුරු 1 - ශනි හිමියි - මරණ |. ආකාශ ගණය ("ත" ගණය) - ගුරු 2 ලඝු 1 - රාහු හිමියි - හානි.


විවාහ ගැලපීම කේන්දර බැලීම
නැකත් සෑකසීම බිළිඳු නාමකරණය
   

බිලිඳු නාමකරණයේදී අපගේ සේවාවේ විශේෂත්වය

බිළිඳු නාමය, ඔබගේ පුතාට දුවට ජීවිත කාලයටම පිදෙනා වටිනාම තිළිණයයි. එබැවින් ශ්‍රී ලංකාවේ, සම්ප්‍රදායට අනුව බිලිඳාට ලස්සන අර්ථවත් නමක් තේරීම (babata namak sinhala duwata puthata theruma samaga.) යනු ඔබට ගත හැකි වැදගත්ම තීරණයයි. බබාලට නමක් තැබීම හෙවත් බිලිඳු නම් නිර්මාණය (babalata nam thabima), අප විසින් ඉතා විශ්වාසදායී ලෙස ලබා දෙන සේවාවකි. එබැවින් දරුවාන්ගේ නම් තැබීම, පුරා දශක දෙකක පමණ කාලයක් තිස්සේ අපගේ ප්‍රමුඛතම සේවාවයි. ජ්‍යොතිෂ මූලධර්ම සහ සිද්ධාන්ත මත පදනම්ව, සිංහල භාෂාවෙන් ඔබගේ පුතාගේ හෝ දුවගේ නම (babata namak for girls or boys.) තෝරා ගැනීම, ඔබට බොහෝ අසීරු විය හැකියි. ඒ සඳහා ශ්‍රී පංචායුධ ජ්‍යෝතිෂ සේවය මඟින්, ශ්‍රී ලංකාවේ පිරිමි සහ ගැහැණු ළමුන් සඳහා (babata namak pirimi gahanu / girl boy.) කාලානුරූපීව ඉහළම ශ්‍රේණිගත කළ බිලිඳු නම් සපයයි. මෙය සමාජ ආරක්ෂණ පරිපාලන දත්ත මත පදනම් වේ. අප විසින් අර්ථ සහිතව දී ඇති PDF ලැයිස්තුවක් ලබා දෙන්නෙමු. ඔබේ අලුත උපන් බිලිඳාට දුර්ලභ, නව තාලයේ අද්විතීය අලංකාර සිංහල නම් නොමිලේ (sinhala nam pdf free) සොයා ගන්න. එන්න, බිලිඳු නාමකරණයේ ශ්‍රී ලාංකීය සන්නාමය වෙත ඔබව සාදරයෙන් පිළිගණිමු.! බබාලගෙ ලස්සන නම් මාර්ගගතව ලබා ගැනීම‌ට (babalage lassana nam online), බබාට නමක් ලබා ගැනීම බටනය ක්ලික් කරන්න.

 

නිතර අසන ප්‍රශ්න (FAQ)

ඔබේ දරුවාට ජ්‍යෝතිෂ්‍යානුකූලව සුබ නමක් සෑදීම සඳහා අපට ප්‍රධාන වශයෙන් දරුවාගේ **උපන් දිනය**, **උපන් වේලාව**, **උපන් ස්ථානය** සහ **ස්ත්‍රී පුරුෂ භාවය** වැනි මූලික තොරතුරු අවශ්‍ය වේ. එමෙන්ම පවුලේ නාම ගැලපීම සඳහා සමහර අවස්ථාවලදී දෙමාපියන්ගේ තොරතුරුද විමසනු ලැබේ.

අප ළදරු නම් සකස් කිරීමේදී **100% ජ්‍යෝතිෂ්‍ය සිද්ධාන්ත** අනුගමනය කරනු ලබනවා. දරුවාගේ කේන්දරය අනුව තෝරාගත් **සුබ ගණ** සහ **සුබ අකුරු (Namata Suba Akuru)** මත පදනම්ව, **සංස්කෘතික, සම්ප්‍රදායික මෙන්ම අරුත්බර** වන **අනන්‍යතාවයෙන් (Unique)** යුත් නම් ලැයිස්තුවක් සපයනු ලැබේ.

නමක මුල් අක්ෂර තුන උච්චාරණය කිරීමේදී ඇතිවන **ධ්වනි ශක්තිය** (acoustic energy) ගණ ලෙස හැඳින්වේ. නිවැරදි ගණ පිහිටීම (Gana Pihitima) දරුවාගේ **ධෛර්යය, ආයුෂ, යසස** සහ **දියුණුවට** සෘජුවම බලපායි. නිදසුනක් ලෙස, නමක් **දේව ගණ** හා **ජල ගණ** වලින් යුක්ත වීම වාසනාවට හේතු වන අතර, **ගිනි ගණ** සහ **වායු ගණ** යෙදීමෙන් ශෝකය, වියදම් සහ මානසික පීඩා ඇතිවිය හැකියි.

අප එක් වරක් ගෙවිය යුතු සාධාරණ ගාස්තුවක් අය කරන අතර, නම් ලැයිස්තු පැය 24ක් හෝ 72ක් වැනි කෙටි කාලයක් තුළ ඔබ වෙත ලබා දෙනු ඇත:

  • **නම් 50 ක ලැයිස්තුව:** රු. 1,900/- (පැය 24ක් ඇතුළත)
  • **නම් 30 ක ලැයිස්තුව:** රු. 900/- (පැය 72ක් ඇතුළත)
  • **නිවුන් දරුවන් සඳහා නම් 60 ක ලැයිස්තුව:** රු. 2,900/-

ඔව්! අප විසින් සකස් කරනු ලබන නම්වල **ගුණාත්මකභාවය** සහ **ආකෘතිය** ඔබට දැකගත හැකි වන පරිදි, අපගේ වෙබ් අඩවියේ **නවීනතම සිංහල ළදරු නම්** සහිත සාම්පල කිහිපයක් (Lassana Nam Sample) ප්‍රදර්ශනය කර ඇත.

ඔබට **Visa**, **Mastercard**, සහ **American Express** ඇතුළු සියලුම ප්‍රධාන ක්‍රෙඩිට් කාඩ්පත් භාවිතයෙන් ගෙවීම් කළ හැක. ඊට අමතරව **Genie, FriMi, mCash, eZ Cash** මෙන්ම **සෘජු බැංකු තැන්පතු** (Direct Bank Deposit) සහ **අන්තර්ජාල බැංකුකරණ** (Internet Banking) පහසුකම්ද පවතී.

පාරිබෝගික ප්‍රතිචාර


By clicking any above buttons you are agreeing to our terms of use and privacy policy including use of cookies and receive newsletters, account updates and offers sent by porondam.lk