දෛවයේ කැඩපතවන් සිය නාමය යනු තම දිවි පවත්නා තෙක් සැප, බල, ප්‍රඥාව, ධෛර්ය වර්ධනය කරන්නකි. එමෙන්ම අලංකාර අරුත්බර නාමයක් පෞරුෂය වර්ධනයට සෘජුවම බලපාන්නකි. එබැවින් එය සෙත් කවියක්ම විනා, වස් කවියක් නොවිය යුතුය. එයට හේතුව උපන් දා සිට අනන්ත වර පුන පුනා ගැයෙන එකම ශ්ලෝකයක් සේ වන බැවිනි.
ආයුබෝවන්! බබාට නමක් තැබීමේදී බිළිඳාගේ අනාගත අභිවෘද්ධිය උදෙසා ජෝතිෂ්ශ්රාස්තානුකූලව සුබ අකුරුම පමණක් නොව නිවැරදිව ගණ පිහිටුවීම සම්බන්ධයෙන්ද සුවිශේෂී අවධානයක් යොමු කල යුතුය. එලෙස ගණ බැලීමත් සමගම ඊට අනුරූපිව සම්පූර්ණ විය යුතු අක්ෂර ප්‍රමාණය පිළිබදවද විමසිලිමත් විය යුතුය. එම අක්ෂර මාලාවද තව දුරටත් විග්රහ කිරීමේදී අපායාක්ෂර, මනුෂ්‍යාක්ෂර සහ දිව්‍යාක්ෂර මෙන්ම කේන්දරයේ ග්‍රහ බලය අනුවද වර්ග කල හැක. ලොව පසු නොබැසූ සුපතල වෙළද නාම මෙන්ම බොහෝමයක් වැදගත් පුද්ගලයින්, චරිත නාම නොදැනුවත්ම හෝ සාර්ථකව ගණ බලා නිවැරදි අක්ෂර මාලාවනට යටත්වූ ඒවාය. උදාහරණ ලෙස මයික්‍රෝසොෆ්ට්, වට්ස්ඇප්, දම්රෝ, වයිබර්, ෆේස්බුක්, ඕක්රේ, සිංගර් මෙන්ම බිල් ගේට්ස්, ධම්මික පෙරේරා, ගෞතම් අන්දානී, එලෝන් මස්ක්, රොබට් ඩව්නි ආදී වශයෙන් පෙන්වා දිය හැක. එම කරුණු බොහෝමයක් සම්බන්ධව අවධානය යොමු කර ඔබගේ බිළිදා වෙනුවෙන්ම සකසන ලද අරුත්බර ළදරු නාම සහිත නම් වැළක් අපගේ හෙළ නමක ගුණ වරුණ වූ බිළිදු නාම සේවාව ඔස්සේ ඔබ වෙත ලබා දෙමු.
උපන් දිනයට, ලග්නයට, දවසට සහ නැකතට ශුභ ඵල දෙන ආකාරයෙන් නමේ අකුරු පෙළ ස්ථාපිත කල යුතුය. අක්ෂර වින්‍යාශය අංක දෙක වන අතර නමේ ගණ පිහිටීම සූක්ෂමව ගලපා එහි ගලනය අංක එකට ස්ථානගත කල යුතුය. ඒ තුලින් දරුවාගේ ජීවිතයට අනිසි ලෙස බලපාන කටවහ ආදීය දුරු වීම මූලික වේ. එයින් අයහපත් දෝශ බොහෝමයක් භංග වන අතර දරුවාගේ පෞර්ෂ වර්ධනයටද එය බලපායි.
අද සමාජය දරුවාගෙන් හෝ දෙමාපියන්ගෙන් දරුවාගේ නමේ අර්ථය විමසන්නට උත්සුක වන අවස්ථා එමටය. එබැවින් සිය බිළිදාට නම් තැබීමේදී හොඳ අර්ථයක් ඇති අර්ථාන්විත නමක් තැබීම ඉතා වැදගත්ය. එවැනි අවස්ථාවන්හිදී දරුවාට සාඩම්බරයෙන් සිය නමේ අර්ථය කිව හැකි වීම පූරුවේ වාසනාවකි. එමෙන්ම තමා පිළිබදව අභිමානයකින් කටයුතු කිරීමට හැකිද වේ.
ඈත අතීතයේ චූලෝදර ආදී වූ නාම පසු කාලීනව පොඩි බණ්ඩාද විය. උඩරටදී එය පොඩි අප්පුහාමිද, මැද රටදී පොඩි මහත්තයාද විය. පහත රටදී පොඩි සිංඤෝ සහ පොඩි හාමිනේ ලෙසත් එය තවත් අලංකාර වී රුක්මණී, ප්රෙමදාසද ලෙසද විය. මෑත කාලීනව සමන්ත, සරත්, දිලේකා සහ ආකේෂ ආදී ලෙස යම් පරිණාමී ස්වරූපයකින් විකාශනය වීම සැලකිල්ලට ගෙන නම් සකස් කිරීමේදී කාලානුරූප විය යුතුය.
නම් ප්‍රකාශ කිරීමේදී මුලකුරු සමග නම යොදා ගන්නා අතර එය ලියූ විට පෙනෙන ආකාරය පිළිබදවද සලකා බැලිය යුතුය. උදාහරණ ලෙස M.A.D. Ratnayake යන නම කියවන අයෙකුට අදාල නම පිළිබඳව එකවර තේරුම් යන්නේ පිස්සු රත්නායක ලෙසටයි. එවැනි දේ මගහල යුත්තේ විශේෂයෙන් දරුවා වැඩිහිටි අවදියේද සමාජයේ විහිළුවකට ලක් වීමට ඉඩ ඇති හෙයිනි.
අනවශ්‍ය ලෙස දිගු වූ නම් දැමීමෙන් සිදු වන්නේ අන් අය කෙටි කර භාවිතා කිරීමට උත්සුක වෙයි. එවැනි අවස්ථාවන්හිදී නම විහිළු සහගත නමකට පරිවර්තනය වීමට බොහෝ සේ ඉඩ කඩ ඇත. එහිදී සෑමවිටම අකුරු වරදවා ලිවීමට හෝ වැරදි ක්‍රමයකට උච්චාරණය වීමට ඇති ඉඩ ප්රස්ථා ඉහල යනු ඇත. එම නිසා ඒ පිළිබදවද වඩා සැලකිලිමත් විය යුතු බව වටහා ගත යුතුය.
හැකි සෑම අවස්ථාවකදීම නිතර භාවිතයෙන් තොර වූ නාමයක් භාවිතා කිරීම කාලෝචිතය. ඒ තුලින් සිය වටිනාකම නිරායාසයෙන්ම ඉහල යාමට සමත් වේ. මෙහිදී දරුවා හා දෙමාපියන්ගේ සුහදශීලී බවද වර්ධනය වේ. එකිනෙකා හා ලෙංගතුකම්ද වර්ධනය වේ. එබැවින් උච්චාරණයේදී ඉතා ආකර්ෂණීයව හා ප්‍රියමනාප ලෙස දරුවාගේ නම පිහිටුවීම ඔබ ගන්නා උත්කෘෂ්ඨ තීරණයකි.
ඉරිදා - අ, ආ, ඉ, ඊ, උ, ඌ, එ, ඒ, ඔ, ඕ |. සඳුදා - ය, ර, ල, ව, ශ, ෂ, ස, හ, ළ |. අඟහරුවාදා - ක, ඛ, ග, ස, ධ |. බදාදා - ට, ඨ, ඩ, ඪ, න |. බ්‍රහස්පතින්දා - ත, ථ, ද, ධ, ණ |. සිකුරාදා - ච, ඡ, ජ, ඤ |. සෙනසුරාදාට - ප, ඵ, බ, භ, ම.
මේෂ - අ, ආ, ශ |. වෘෂභ - ඉ, ඊ, උ, ෂ |. මිථුන - ඌ, සෘ, සෲ, ස | කටක - එ, හ |. සිංහ - ඵෙ, ඕ, ඖ, ළ |. කන්‍යා - අං, අඃ |. තුලා - ක, ඛ, ග, ස, ධ |. වෘශ්චික - ච, ජ, ජ, ඣ, ඤ |. ධනු - ට, ඨ, ඩ, ඪ, ණ |. මකර - ත, ථ, ද, ධ, න |. කුම්භ - ප, ඵ, බ, භ, ම |. මීන - ය, ර, ල, ව..
භූමි ගණය ("ම" ගණය) - ගුරු 3 - බුධ හිමියි - ජය |. දේව ගණය ("න" ගණය) - ලඝු 3 - ගුරු හිමියි - ආයුෂ |. චන්ද්‍ර ගණය ("බ" ගණය) - ගුරු 1 ලඝු 2 - සඳු හිමියි - යසස් |ග ජල ගණය ("ය" ගණය) - ලඝු 1 ගුරු 2 - ශුක්‍ර හිමියි - වෘද්ධි |. සුර්ය ගණය ("ජ" ගණය) - ලඝු-ගුරු-ලඝු - රවි හිමියි - රෝග |. අග්නි ගණය ("ර" ගණය) - ගුරු- ලඝු - ගුරු - කුජ හිමියි - නෂ්ට |. වායු ගණය ("ස" ගණය) - ලඝු 2 ගුරු 1 - ශනි හිමියි - මරණ |ග ආකාශ ගණය ("ත" ගණය) - ගුරු 2 ලඝු 1 - රාහු හිමියි - හානි.
මගේ පුතාට ලස්සනම ලස්සන නමක් සාධාරණ මිලකට එවීම සම්බන්ධයෙන් මෙම ළදරු නාම සේවට ඉතා අගය කොට සලකමි... Thanks.
Amila - රත්නපුර.
ඔබ ආයතනය විසින් එවා තිබූ නම් සියල්ලම හරිම කාලෝචිතයි. මගේ දරුවාට අලුත් ලස්සන නමක් තෝර ගත්තා. ඔබට තෙරුවන් සරණයි.!
අමායා - ගාල්ල.
ඔබේ බිළිදු නාම සේවය ඉතාමත්ම වටිනවා. ලස්සන මිහිරි කවදාවත්ම නොඇසු නම් හොදට තේරුම් කරලා තියෙනවා, ස්තුතියි ඔබ සේවාවට.
අසිත - අනුරාධපුරය.
ඔහේ හිතුමතේ නම් දාන කාලෙක අර්ථාන්විත නව තාලයේ නම් ලබා දීම වෙනුවෙන් ආශිර්වාද වේවා මේ සේවය චිරාත් කාලයක් පැවතීමට.!
Imalshi - මරදාන.
කොවිඩ් වසංගතය වැනි කාළයක සෞඛ්යාරක්ෂිත බව අත්‍යාවශ්‍ය මොහොතක ඔන්ලයින් ක්‍රමයට ලබා දෙන වටිනා සේවාවක්.
පරාක්‍රම - මහනුවර.Here the selection of auspicious letters according to the horoscope is done..
Giving vitality to the name and positive power to life through it by the placement of the Lagu and Guru letters..
Matching the child's name and parents' names so that the cordiality between the child and the parent develops.
Placing the baby's name in such a way that it is not misinterpreted..
Naming the baby uniquely for the present as well as the future..
Making the pronunciation very attractive and pleasing to the ear..