නමක අක්ෂර වින්‍යාශය අංක දෙක වේ. නමේ ගණ බැලීම හෙවත් ගණ පිහිටුවීම නිවැරදිව සිදුකල යුතුය. එය සූක්ෂමව සිදුකර අංක එකට එහි ගලනය ස්ථානගත කරන්න.
දරුවාගේ නම කිසිවිටෙක විහිලුවකට ලක් නොවිය යුතුය. එබැවින් යටි අරුත් නැති, අනාගතයට ගැලපෙන අර්ථවත් නමක්ම දරුවාට තබන්න.
දුවට පුතාට නම් තබන විට වැඩිහිටි ඔබට එය පහසු විය යුතුය. එසේම දරුවාගේ පාසල් අවධියේදී යහළුවන්ටද එය පහසු විය යුතුය. එබැවින් පහසුවෙන් ඇමතිය හැකි නමක් තෝරාගන්න.
දරුවකුගේ උපන් දවස, ලග්නය සහ නැකත අනුව නාමකරණය සිදු කෙරේ. මෙය අතීතයේ සිට ජ්‍යොතිෂ්‍ය සිද්ධාන්ත මත පදනම්ව සිදුවන්නකි. එම නිසා බබාට නමක් තබන විට සුබ අකුරු භාවිතා කළ යුතුය. ගණ පූර්ණ සහ අර්ථ පූර්ණ අලුත් නමක් තෝරා ගැනීම වැදගත්ය. ජ්‍යොතිෂය මත පදනම්ව සකස් කල නමක් දරුවාට ඉතා සුබය. එය දරුවාගේ කේන්ද්‍ර බලයට අමතර රුකුලක් ගෙන දෙයි. මෙය දරුවාගේ පෞර්ෂ සංවර්ධනයට සහ අනාගතයට මනා පිටිවහලකි. අසුබ ගණ සහිත නමක් තැබීමෙන් දරුවාගේ පෞර්ෂය අඩාල විය හැක. ලොව සාර්ථක වූ බොහෝ දෙනා නිවැරදි නාමකරණයකට යටත්වූ අයයි. උදාහරණ ලෙස මයික්‍රෝසොෆ්ට් සහ ෆේස්බුක් වැනි ආයතන පෙන්වා දිය හැක. බිල් ගේට්ස් සහ ධම්මික පෙරේරා වැනි අයද ඊට නිදසුන්ය.
ඉරිදා - අ, ආ, ඉ, ඊ, උ, ඌ, එ, ඒ, ඔ, ඕ |. සඳුදා - ය, ර, ල, ව, ශ, ෂ, ස, හ, ළ |. අඟහරුවාදා - ක, ඛ, ග, ස, ධ |. බදාදා - ට, ඨ, ඩ, ඪ, න |. බ්‍රහස්පතින්දා - ත, ථ, ද, ධ, ණ |. සිකුරාදා - ච, ඡ, ජ, ඤ |. සෙනසුරාදාට - ප, ඵ, බ, භ, ම.
මේෂ - අ, ආ, ශ |. වෘෂභ - ඉ, ඊ, උ, ෂ |. මිථුන - ඌ, සෘ, සෲ, ස |. කටක - එ, හ |. සිංහ - ඵෙ, ඕ, ඖ, ළ |. කන්‍යා - අං, අඃ |. තුලා - ක, ඛ, ග, ස, ධ |. වෘශ්චික - ච, ජ, ජ, ඣ, ඤ |. ධනු - ට, ඨ, ඩ, ඪ, ණ |. මකර - ත, ථ, ද, ධ, න |. කුම්භ - ප, ඵ, බ, භ, ම |. මීන - ය, ර, ල, ව.