අභිනව චන්ද්‍ර වර්ෂය සඳහා අප්‍රේල් මස 30 ඉරු දින සහ අභිනව සූර්ය වර්ෂය සඳහා මැයි මස 01 වන ගුරු දින නව සඳ බැලීම මැනවි.
අප්‍රේල් මස 13 වන ඉරු දින දිඹුල් පත් යුෂ මිශ්‍ර නානු ගා ස්නානය කොට ඉෂ්ට දේවතා අනුස්මරණයෙහි යෙදී වාසය මැනවි.
අප්‍රේල් මස 13 වැනි ඉරිදා අපර භාග 08.57 සිට පසුදින එනම් 14 වැනි සඳුදා පූර්ව භාග 09.45 දක්වා පුණ්‍ය කාලය බැවින් අප්‍රේල් මස 13 වැනි ඉරිදා අපර භාග 08.57 ට පළමුව ආහාර පාන ගෙන සියලු වැඩ අත්හැර ආගමික වතාවත් වල යෙදීම ද පුණ්‍ය කාලයේ අපර කොටස එනම් අප්‍රේල් මස 14 වැනි සඳුදා පූර්ව භාග 03.21 සිට 14 වැනි සඳුදා පූර්ව භාග 09.45 දක්වා පහත දැක්වෙන අයුරින් ආහාර පිසීම, වැඩ ඇල්ලීම, ගනුදෙනු කිරීම හා ආහාර අනුභවය ආදී නැකැත් චාරිත්‍ර විධි ඉටු කිරීම මැනවි.
අප්‍රේල් මස 14 වැනි සඳුදා පූර්ව භාග 04.04 ට තඹ වර්ණ වස්ත්‍රාභරණයෙන් සැරසී දකුණු දිශාව බලා ළිප් බැඳ ගිනි මොළවා කිරිබතක් ද කැවිලි වර්ගයක්ද, දී කිරි සහ විලඳ ද පිළියෙළ කර ගැනීම මැනවි.
අප්‍රේල් මස 14 වැනි සඳුදා පූර්ව භාග 06.44 ට මුතු හා ශ්වේත වර්ණ වස්ත්‍රාභරණයෙන් සැරසී දකුණු දිශාව බලා සියලු වැඩ අල්ලා ගනුදෙනු කොට ආහාර අනුභව කිරීම මැනවි.
අප්‍රේල් මස 16 වැනි බදාදා පූර්ව භාග 09.04 ට පච්ච වර්ණ හෙවත් කොළ පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී උතුරු දිශාව බලා හිසට කොහොඹ පත් ද පයට කොළොන් පත් ද තබා කොහොඹ පත් යුෂ මිශ්‍ර නානු හා තෙල් හා ස්නානය කිරීම මැනවි.
අප්‍රේල් මස 17 වැනි බ්‍රහස්පතින්දා පූර්ව භාග 09.03 ට රන්වන් පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී කිරිබතක් හා එළකිරි මිශ්‍ර කැවිලි වර්ගයක් අනුභව කර උතුර දිශාව බලා පිටත්ව යෑම මැනවි.
අප්‍රේල් මස 18 වැනි සිකුරාදා පූර්ව භාග 10.16 ට විචිත්‍ර වර්ණ පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී නැඟෙනහිර දිශාව බලා පැළ සිටුවීම මැනවි.